මේ සිද්ධිය උනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ මල්ලි පොඩි කාලේ. එය එතකොට 9 පන්තියේ විතර හිටියේ මගේ හිතේ. අපි ඔක්කොම එතකොට පදිංචිය බණ්ඩාරවෙල. මල්ලි ඉස්කෝලේ ගියේ බණ්ඩාරවෙල ප්රසිද්ධ බාලක විදුහලකට.
එයා ඔය කාලේ හිටිය ඉස්කෝලේ chess කණ්ඩායමේ. කණ්ඩායමට බැඳුනාට පස්සේ ඔන්න ඉස්සෙල්ලම තිබුණු tournament එකට යන්න මල්ලිටත් චාන්ස් එකක් ආව. tournament එක තිබුනේ බදුල්ලේ.
අපේ මල්ලි මස 8 න් ඉපදුනු දරුවෙක් නිසාත්, හදවත් රෝගියෙක් උනු නිසාත් අපේ තාත්තා මල්ලිව පරිස්සම් කලේ හරියට දියමන්තියක් පරිස්සම් කරනවා වගේ. කොහෙවත් තනියම යන්න දුන්නේ නෑ. ඉස්කෝලේ උනත්, එයාගේ ගුරුවරුන්ටත් කියල නිතරම එය ගැන අවධියෙන් හිටිය.
මේ ගමන යනවට තාත්තා මුලින් තදින්ම විරුද්ධ උනත්, මල්ලිගේ පෙරැත්තකිරිල්ලටයි, අපේ කීමටයි ඔන්න ඉතින් කැමති උනා. ගමන යන දවසේ ගෙදර හරි යුද්දයක්. මල්ලිට කෑම ලෑස්ති කරනවා, එයාගේ බඩු ලෑස්ති කරනවා. හරි කලබලේ. ඔන්න දන්නේ නැති අයට, බදුල්ල තියෙන්නේ බණ්ඩාරවෙල ඉඳං පැයක දුරින්.
දැන් ඉතින් ඕන්න කොල්ලා බදුල්ලේ ගිහින් හවස ඇවිත් අපිට විස්තර කියනවා. බැලින්නම් මෙයාලට දවසම සෙල්ලම් කරන්න හම්බෙලා නෑ. ඉස්කෝලේ නම ඇතුලත් කරන්න අදාළ ගුරුවරයාට අමතක වෙලා. ඔහොම ඉතින් කාපු බීපු විස්තර එහෙම කියල, මෙයා කියනවා අපි තමයි එතන හිටපු Most outstanding team එක කියල. දැන් අපි කල්පනා කරනවා මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නෙත් නැතුව එහෙම උනේ කොහොමද කියල. පස්සේ විස්තර ඇහුවම තමයි තේරුනේ..
මෙයලානේ වැඩි පුරම එළියෙන් හිටගෙන ඉඳල තියෙන ටීම් එක. Out ....Standing.....:D
"Most outstanding team" හිහ්.. මරු මරු..... :D
ReplyDelete:D
ReplyDeleteහිහ්.. අනේ පවු කොල්ලා :D
ReplyDeleteමම ඉංග්රිසි දිනයට අත් අකුරු වලට (අනේ මගේ මල් අකුරු නම් නෑ, ලියන්නෙ වැල් අකුරු) සමස්ත ලංකා ඇවිත් හැමදාම outstanding. මොනා හරි කරුමෙකට අවුරුදු 3ක් තිස්සෙ කවදාවත් කොළඹ ආවට තරඟෙට සහභාගි වෙන්න නම් උනේ නෑ. මට නම් මගෙ අකුරු මෙලෝ රහක් නෑ. District දිනුවෙ කොහොමද කියල මම අදටත් දන්නෙ නෑ.
ReplyDelete:D
ReplyDeleteමල්ලි හැමදාම Out Standing ටීම් එක වෙලා ද හිටියේ ? කොහොම උනත් අක්කට දෙවෙනි නැති මල්ලි.
ReplyDeleteඅන්න දෑක්කද නියම කොල්ලේ ..සෑලෙන්නේ නෑතුව නියම උත්තරයක් දිලා කොර වෙන්නම..
ReplyDeleteතව රස කතාවක් කියන්නකො. රස කතා ගොඩයි :P
ReplyDelete@Jenny: :)
ReplyDelete@එරංග: ඔයා හිතුවද මට වෙන වැඩ නෑ කියල. :ප
@මධුරංග: නෑ නෑ. පස්සේ මැචස් හම්බුනා. :)
ReplyDeleteඅප්පට හුඩු ... , මලයා සුද්දට වඩා ඉංග්රිසි දන්නවා නොවෑ ... හික්ස් .. !!!
ReplyDelete:) එසේමය..
ReplyDeleteමේ මාසෙට පෝස්ට් 36ක් ලියපු මගේ රෙකෝඩ් එක කඩන්නද යන්නෙ ? :-(
ReplyDeleteකඩන්න බැරි කමකුත් නෑ...
ReplyDeleteජනනිට තවත් ජනනි කෙනෙක් කාමන්ට් කරලම නෑ නේද?
ReplyDeleteමෙන්න එහෙනම් ඔයාටයි මටයි ඒ අවස්ථාව උදා වෙනව :-)
අපේ මල්ලිත් ඔය වගේ කතා කියනව
අපි දෙන්න රියදුරු පුහුණුවට ගියේ එකට. එයාට ඉතිං ඒ වෙනකොටත් හොඳට වාහන එළවන්න පුලුවන්
ලර්නර්ස් ගිහින් දවස් දෙකකට විතර පස්සෙ දවසක් මෙයා ගෙදර වාහනේ මට එළවන්න දීල දෙන්නටම අනතුරක් නොවන හා වාහනයට සුලු අලාබහානියක් වන ආකාරයට මම ශිල්ප දක්වපු අාකාරය ගැන කතාබහ මෙන්න මෙහෙමයි වුණේ
මම
තමුසෙ ඔහොම කිව්වට එළවන එක හෙන ගේමක් හලෝ
මල්ලි
ආහ් .... ඔවු... ඔවු... හෙන ගේමක් තමයි පාරෙ යන අනෙත් වාහනවලටයි මිනිස්සුන්ටයි