Wednesday 29 December 2010

අරුමය...

තනිව මා හිනැහෙයි,
තනිව වැළපෙයි
කිමද මේ අරුමේ..
ඇඟිලි ගනිමින් දින ගනී මා
නොඉවසිල්ලෙනි දැන්..
මවු අවුත් මා හිස සීබී
පිය අවුත් මා කඳුළු පිසලයි..
කෙලෙස මා ඉගිල යන්නද 
ඔබ හැරදා...

ප.ලි. මෙය නිකන්ම නිකන් කවි සිතුවිල්ලක් විදියට බාරගත්තොත් හොඳා!

5 comments:

  1. දන්නෝ දනිති :D

    ReplyDelete
  2. මෙච්චර කවි සිතුවිලි පහල වෙන චුටි ටීචර් මෙහෙම කවි ලියන එකේ අරුමයක් තියෙයිද ???

    ReplyDelete
  3. කණියා: ඕන් ඉතින් අපේ කණියා මල්ලිට පිස්සුව තද වෙලා.
    @මධුරංග: සහතික ඇත්ත!!

    ReplyDelete
  4. මම මගුල් ගෙවල් වල යන්න හරි ආසයි, ඔය මනමාලි වෙන දවස මටත් කියන්නකො...

    ReplyDelete
  5. තනිව ඉපදී...........තනිව මියෙනා..
    රුදුරු සයුරකි සසර මo පෙත
    තනිව වසනට සිතෙයි සැමවිට
    නුඹෙන් මා ලද
    සරදමකි පෙම

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?