Wednesday 12 January 2011

෴ගුරු සිත නොරිදවා෴

ගුරු සිත රිදී
කවි සිත මැකී
ගලා යන සිහින් කඳුළු බිදුවක්
බොඳ කරවීය
දුටු ගුරු සිසු සිහින...

ලකුණකි දෙකකි
එය මුළු ලකුනටද නොදැනේ...
එහෙත් එය වටී
නුඹට
ගුරු සිතට වඩා...

දුටිමි සිහින
කප්පරක්...
අද එයද බොදවී...
ලෙන්ගතු නැති සිසු කැළ
පමණක් ඇත ඉතිරිවී......

9 comments:

  1. අපිත් ඉස්කෝලෙ යන කාලේ ඔහොම නොවැ.. ඕන් ඕක තමයි අට උගන්වන්න බැරි.. කලකම් පලදෙන නිසා..
    (හැබැයි ලකුණු වලට නම් නෙමේ.. වෙන වෙන වැඩ..)

    ReplyDelete
  2. සෑහෙන්න හිත රිදිලා වගේ චූටි ටීචර්ගේ :(
    රජකම් කලත් කලකම් පල දෙනවා කියලා සිංහලේ කියමනක් තියෙන්නේ නිකන් නෙවේ.
    මොනවා උනත් ගුරුවරු විසින්ම තමන්ගේ අගය කෙලෙසාගත් සමාජයක මෙහෙම දේවල් වෙන එක අරුමයක් නොවේ.
    උදාහරණ:
    මේ දවස්වල රුපවාහිනියේ යන දැන්වීමක ගුරුවරයෙක් තමා "මුළු ලංකාවම දන්නා ගණන්කාරයෙක්" යයි කිසිදු ලැජ්ජාවකින් තොරව හදුන්වගනු ලබයි.
    මේවා අහන්න දකින්න අපි මොන වරදක් කලද මන්දා ?....................

    ReplyDelete
  3. අපිට උගන්වන්න ගිහිල්ල ඒ මිනිස්සු කොච්චර හිත් රිදව ගන්න ඇත්ද?
    අපි එකට එක කතා කරණ හැටි අහගෙන ඉදල ඔවුන්ට කොතරම් හිත රිදෙන්න ඇතිද?
    අපි ඔවුන්ගෙන් කාපු කම්මුල්පාරවල් එදා නම් දැනුනේ නිකං මුළු ආත්මයටම කළ නිගාවක් මෙනි.
    නමුත් අද ඒ තරවටු කිරීමේ ප්‍රතිඵල භුක්ති විදිමි.
    මට අකුරු කරවු සියළු ගුරුමාපියන්ට බුදු සරණයි, දෙවි පිහිටයි.
    මතු භවේදීත් ඔවුන් මගේම ගුරුවරුන් වේවා!

    ReplyDelete
  4. සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
    සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
    විස්තර "සින්ඩි ලංකා" හි
    "සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.

    ReplyDelete
  5. කවිය කියවා රස වින්දා.
    පිංතූරෙ පොඩි එකාට එක ගානක් වත් වැරදිලා නැහැනෙ.
    දුවගෙ බ්ලොග් කියවන කොට හරියට pop-up මතු වෙනව.

    ReplyDelete
  6. ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා. චූටි ටිචර් ට නම් ඉතින් ඉස්කෝලෙ ගමන අරුමයක් නෙමෙයි නේ. හැමදාම ඉස්කෝලෙ යන හන්දා. :)

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  8. Ms Why you say "Lengathu Nathi sisu kala". Are we too bad? Our marks are bad,But not us.I say Sorry teacher on b half of my friends,If u hurt for the things that we do[cleaning the cls;cleaning da cupboard and all].pls forgive us.

    ReplyDelete
  9. Nushi, This is not for you child. This is regarding something happened in the other A/L class I teach! Still the student didn't even say sorry! It was some words she said, that made me hurt!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?