Thursday, 31 May 2012

ඉතින් කාලෙකට පස්සේ.....

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු උනා වගේ. මාස තුනකට කියල ඇමරිකාවට ඇවිත් දැන් මාස හයකටත් වඩා මෙහෙ. මහත්තයාගේ රස්සාවේ වැඩකට ඉස්කෝලෙන් නිවාඩුත් අරන් ආවාට...තව ඉන්න වෙනවා කියල දැනගත්තම රස්සාවෙන් අයින් වෙන්න උනා. අවුරුදු 7 කට පස්සේ මම කරන්න වැඩක් නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. 

පහු ගිය කාලේ බ්ලොග් ජීවිතෙන් අයින් වුනා ...හුඟක් කලකිරෙන දේවල් උනා...තවමත් ඒවා වෙනවද දන්නේ නෑ..ලඟකදී  බ්ලොග් නොලිව්වත් සමහර බ්ලොග් ලියපු අයගේ ගැට වලට අහු වෙලා ගොඩ ආවේ අමාරුවෙන් .. ජීවිතේ කාටවත් අහුවෙලා නෑ... අහුවෙන්නෙත් නෑ... කියල අභිමානෙන් හිටපු මම අහු වෙනකන්ම දන්නේ නෑ... පලවෙනි වතාවට මම මගේ ඉක්මනින් කේන්ති යන ගතිය පලක් ඇති වැඩකට පාවිච්චි කරා... නැත්නම් මම තාමත් හිතේ අමාරුවෙන්.  වෙච්ච දේවල් වලට පස්සේ අපේ මහත්තය දැන් සිංහල බ්ලොග් ලියන අය ඔක්කොම ගැන හිතන්නේ ඒ මිම්මෙන්... 

ජීවිතේ ඔහොමයි... 

22 comments:

  1. කවුරු උනාම මොකද? :)

    ReplyDelete
  2. මොනවැයි අක්කේ සිංහල බ්ලොග් කියන්නේ? ;) :D

    ReplyDelete
  3. ඇත්තට මාරයො කව්ද මේ බලන්ඩ ඕන පරණ ලිපිටික බැලුවට කමක් නැනේ

    ReplyDelete
  4. හ්ම්ම්ම් මමත් ඔය කියන කථාව අද තමා දැනගත්තේ :-(

    ReplyDelete
  5. blog liyana hamoma ehema na.ayeth liyannata arayum.

    ReplyDelete
  6. එක මකුනයි ළමයෝ කන්නේ . . ඇයි ඔක්කෝම මකුනෝ මරන්නේ . .. !

    ReplyDelete
  7. මෙයා කලින් බ්ලොග් ලිවුවද?

    ReplyDelete
  8. හප්පේ අක්ක දැක්ක කල්....මම ඒ කාලෙ මේක කියෙව්වට කමෙන්ට් කලේ නෑනෙ.... අද තමා මයෙ හිතේ මුල්ම කොමෙන්ටුව දැම්මෙ.... ආපහු ලියන්න ගත්තොත් මොකෝ ? :)

    ReplyDelete
  9. මට යාන්තමට මතකයි එක වාර නිවාඩුවක පට පට පට පට පට පට පට පට ගාලා පෝස්ට් දැම්මා. මම සට සට සට සට සට සට සට සට සට සට ගාලා කියෙව්වා.


    ආයෙම ලියමුද චූටි ටීචර් ??? ටීචර් කසාද බැන්දෙයි ??

    ReplyDelete
  10. ආයෙන එන්නෙ නැහැ වගේ..

    එක එකාගෙ කතන්දර අහල නම් බ්ලොග් කෙරුවාව කරන්න බැහැ.

    ReplyDelete
  11. ආවා - කියෙවුවා - ගියා

    ReplyDelete
  12. අපේ නෝනමහත්තය පෙන්නුවාම තමයි ජනනි සිංහල බ්ලොග් ලියනව කියල දැන ගත්තෙ. ආයි ලියන්න පටන් ගන්න. ලෝකෙ හැම තැනකම හොදයි නරකයි දෙකම තියෙනව. ඕවට සැලෙන්න එපා. පලවෙනි කොමෙන්ට් එකත් මාර සමාගමෙන් වැටිල තියෙන්නෙ. ඒ කියන්නෙ වැඩේ පටන් ගන්න තියෙන්නෙ.

    ReplyDelete
  13. වෙල් කම්ස් බැක්ස්.....

    ReplyDelete
  14. තිලකා රන්දෙනි -
    මමත් වැඩිහිටි ලේකිකාවක්. තරුණ අයගේ සිතුම් පැතුම් හඳුනා ගන්න නිතර බ්ලොග්ස් වලට ඇවිත් එබෙනවා. ඉතින් ඒ බව දැනගත්තු සංස්කෘති සඟරාවේ සංස්කාරක මගෙන් ඉල්ලීමක් කළා ලිපියක් දෙන්න කියා තරුණ අය ගැන. ඉතින් මගේ ලිපියට මා දාන්න යන්නේ Blogspots හා facebooks තුලින් තාරුණ්‍යට comment එකක් දාමුද?" කියන නම. ඉතින් ඒ සන්දහා කරුණු හොයන්න යද්දී දැක්කා ඔයාට මොකක්දෝ අන්ජබජලයක් වෙලා තියෙනවා කියා.
    ඔහොම තමයි ආදරණීයයි කියලා හිතලා ගොඩවෙන නවාතැන බොහෝවිට දුකයි. මිහිරද ඔබ සොයන්නේ මෙලොව නම් නෑ එය ලැබෙන්නේ. ඒ වුනත් එහෙම කියලා හදාගත්තු නවාතැන දාලා යන්නය?
    ඒ නිසා මට හිතුනා ඔයාගේ හිත දිරිමත් කරන්න මෙහෙමවත් ප්‍රතිචාරයක් දක්වන්න. "දුවේ හැමවිටම ඔබේ අරමුණ පමණක් දකින්න."
    ශුභ පැතුම්.
    Please visit my website. www.thilakarandeni.lk
    thilakarandeni@yahoo.com

    ReplyDelete
  15. වැඩකුත් නැති එකේ දිගටම ලියමු අක්කේ !!!!!!!!!!!

    ReplyDelete
  16. ඉන්න ගමන් බ්ලොග් එක මතක් උනා.. කොහොම හරි මතකෙන් address එකත් ටයිප් කරා.. බ්ලොග් එක මතක් උන එක ගැන සන්තෝසයි :)

    ReplyDelete
  17. වැඩක් කරද්දි ප්‍රශ්ණයක් ආවේ නැත්නම් ඒකෙ තේරුම තමන්ගේ අතින් වැඩකට ඇති දෙයක් සිද්ධ වෙලා නෑ කියන එක. ප්‍රශ්ණ එනවනම් කරලා තියෙන්නේ හොඳ වගේම සාර්ථක වැඩක්....

    ReplyDelete
  18. ගොඩ කාලෙකින්!

    ReplyDelete
  19. හැම තැනම එක වගේ.සුන්දරත්ව ලීවට සමහරක් මිනිසුන් තුල ඒ කියන සුන්දරත්වය නැහැ.එක නිසා පරිස්සමින්.තෙරුවන් සරණයි.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?