Monday 10 January 2011

ඔයා මැරි කරලද?

මේක උනේ අද මම බස් එකක් එනතුරු ඩුප්ලිකේෂන් පාරේ හිටගෙන් ඉන්නකොට. මම වැඩකට බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගොඩ වැදී ආපහු ගෙදර එන්න 112 බසයක් එනතුරු හිටියා. මම ඉතින් පදිංචිය නුගේගොඩ පැත්තේ නොවැ. ඒ නිසා 112 ක් එනකන් කට්ට කන එක ලේසියි වෙන බස් ගන්නවට වඩා. ඔහොම ඉතින් කට්ට කකා ඉන්න කොට ඔතනට ආපු තවත් හාදයෙක් මගේ දිහා බලල හොඳට අදුනනව වගේ හිනා පානවා. මාත් බැලුව කවුද බොල මේ කියලා. දැකල පුරුදු ගතියක් වත් නෑ.

ටික වෙලාවකින් මෙන්න මේ මනුස්සය මගේ පැත්තට එනවා. මාත් අහක බලාගන්න හදනකොටම, 'ඔයා බණ්ඩාරවෙල නේද?" කියල ඇහුව. මට හිතුනා යන්තම් හරි මාව දන්න මනුස්සයෙක් වෙන්න ඇති කියල. මං කිව්වා ඔව් කියල. ඉස්කෝලේ නමත් කියල ඇහුවා, මං ඒකටත් ඔව් කීවා. මටත් ඉතින් කට වහගෙන ඉන්න බෑනේ. මාත් ඇහුවා "ඔයා බණ්ඩාරවෙලද? මං නම් දැකල නෑ කියල. " "මිනිහ කිව්වා ඔව් කියල. මාත් ඉතින් එක අහගෙන සද්ද නැතුව ඉන්න යන කොට මගෙන් මෙයා සැහෙන ප්‍රශ්න අහනවා. ඉන්ටර්විව් එකක් වගේ. මේ කොහෙද යන්නේ? මෙහෙ මොකද කරන්නේ? වගේ රටේ නැති ඒවා. මාත් ඉතින් වචනෙන් දෙකෙන් උත්තර දීල බේරෙන්න හදන කොට, මෙයා නවත්තන්නේ ම නෑ..

ඔහොම ටික වෙලාවක් යද්දී මේ මිනිහ අහනවා "ඔයා මැරි කරලද?" කියල. මං කිව්වා "ඔව් මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ කියල. මේක කිව්වා විතරයි මිනිහ ටිකක් එහාට වෙලා ෆෝන් එකත් සාක්කුවෙන් එලියට  අරගෙන කෝල් එකක් ඩයල් කරලා කනේ ගහ ගත්තා. මට කතා කරේ නැති ගානට පැත්තකට වෙලා.

එතකොටනේ මට තේරුනේ මිනිහා මොකටද ආවේ කියල. :) හොඳ වෙලාවට බේරුනේ.

25 comments:

  1. "අයියෝ සල්ලි" කියලා මිනිහට හිතෙන්නැති.
    හිහ්හීහීහීහීහීහීහීහීහීහීහීහීහීහීහ් :)

    ReplyDelete
  2. අපොයි... :)

    චෝදනාවක්! තව ලීවොත් තමා හොඳ.. :P

    ReplyDelete
  3. පව් අසරණයා හි හී ;)

    ReplyDelete
  4. අය්යෝ සාමිනේ

    ReplyDelete
  5. හිහ්.. පවු අසරණ හාදයා :D

    ReplyDelete
  6. පොර ගෙදර ගෑනි එක්ක ප්‍රශ්ණයක් දාගෙන දික්කසාද වෙන්න හිතන් ආවද දන්නෙත් නෑ..
    මොනා වුනත් මම එහෙමනම් ආපහු හිරේ යනවා වුන ලැජ්ජාවට..
    ෂී ෂී නින්දාවයි.. පුදුම අපහාසයකි.. :-D

    ReplyDelete
  7. මිනිහා ඉක්මන් උණා වැඩිද මන්දා...
    මගෙන් උපදෙස් ටිකක් අරන් යන්න තිබිබේ...

    ReplyDelete
  8. සිපිරි කතාව !

    කිව්වා වගේම හිතෙන්න ඇති "අයියෝ සල්ලි" කියලා

    ReplyDelete
  9. ඇත්තටම මිනිහ මොකටද ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  10. ප.ලි. -
    අරවින්දයා එහෙම නෙවේනේ ඇහුවේ? :-D

    ReplyDelete
  11. චැහ් අපරාදෙ ඌ නාස්ති කරපු වචන කන්දරාව! :D

    ReplyDelete
  12. සිරකරුවා: අපෝ එයා නෙවෙයි! :)

    ReplyDelete
  13. අපෝ ඔහොම තමයි කොළඹ හැටි. මහා එපා කරපු එවුන් ඉන්නේ ඇහැට කනට පේන ගැණු ළමයෙක් දකින්න බෑ. චුටි ටීචර් චුට්ටක් පරිස්සමින් යන්න.

    ReplyDelete
  14. ටිකක් හදිස්සි කාරයෙක් වාගෙ.

    ReplyDelete
  15. ඔයින් ගියා ඇති....නෑත්තන් ඉතින් අනේ මන්දා...

    ReplyDelete
  16. ඔයා මේ පෝස්ට් දාල අපේ ඔ‍ෆිස් එකේ උන් මඩ ගහ ගන්නවා

    [1/10/2011 8:57:08 PM] A***: ado paba... me ubada
    [1/10/2011 8:57:09 PM] A***: http://sweetdwelling.blogspot.com/2011/01/blog-post_10.html

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. අපොයි, ඒ මනුස්සය කොරන්ඩ ඇත්තෙ බස් හෝල්ට් වල චාටර් වෙන ගෑණු ලමයි ගැන පොඩි සමීක්ෂණයක් වෙන්ඩ ඇති,

    ReplyDelete
  19. Sorry, I had some issues with my PC. There's a friend called "Paba", who is originally from Bandarawela. දැන් අපේ අය ඌට මඩක් ගහනව මේ කතාවෙ ඔයාට පාරෙදි හම්බ උනේ ඌ තමා කියලා

    ReplyDelete
  20. දැන් තමයි මේක හරියට කියවන්න ගත්තේ.බණ්ඩාරවෙල බ්ලොග්කාරියක් මං හිතුවේ මං විතරයි කැලේ ඉදන් බ්ලොග් ලියන්නේ කියල! .කට්ටිය ඉතින් අපේ පැත්තට කියන්නේ කැලේ කියලනේ :P

    ReplyDelete
  21. අපරාදෙ... ඌටත් ඉතිං අස්ස කුලප්පුව.

    ReplyDelete
  22. වැඩිය කරදර නොකර ආපු දේ කෙලින්ම අහපු එකත් හොඳා . .

    ReplyDelete
  23. @ සුජිත් පිරිස් : 100% true... :D

    ReplyDelete
  24. ඔහොම අය ඉන්නවනේ හැම තැනම...

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?