Thursday 6 January 2011

අපිට තේ දෙන්න!

මෙච්චර දවස් මං මල්ලිට වෙච්ච කතායි එය කියපු කරපු එවයි කිව්වා නේ. ඔය වගේම කතා සෙට් එකක් තියෙනවා මටත්. ඒවා ඉතින් වැඩිය කතා වෙන්නේ නෑ. මං ගෙදර ලොක්ක නේ.

දැන් වගේ නෙවෙයි ඉස්සර පොඩි කාලේ මගේ වැඩේ කියවන එකලු. තනියම ඉන්නකොටත් කතා කර කරලු ඉන්නේ. දැන් නම් එච්චර කතා කරන්නේ නෑ. ලියන එක තමා වැඩිපුර කරන්නේ. පොඩි මගේ කතා හින්ද අපේ අම්මටයි තාත්තාටයි වෙච්ච ඇබැද්දි ටිකක් තමයි මේ.

කතාව 1:

අම්මයි තාත්තයි දවසක් මාත් එක්ක කොහෙද ගමනක් යන කොට, තේ බොන්න කියල නැවත්තුවලු. තේ බොන්න කලින් මොනවහරි කන්නත් ගන්නවනේ. ඉතින් තාත්තා මගෙන් ඇහුවලු "මොනවාද පුතේ ඕනේ?" කියල.  මං ගත්තු කටටම හයියෙන් කෑගහල කිව්වලු "තාත්තේ මට අර උඩ තියෙන fan එක ඕනේ" කියල. කඩේ හිටිය හැමෝම හිනාවෙන්න ගත්තලු. අම්මයි තාත්තයි වැඩි වයසකත් නෙමෙයි ඉඳල තියෙන්නේ. ලැජ්ජාවේ පන ගියාලු. කොහොමහරි හරි අමරුවෙන්ලු ශේප් කරගෙන එලියට අරන් ඇවිත් තියෙන්නේ.


කතාව 2. 

මේකත් ඉතින් මගේ කට ගැන තමා. අම්මයි තාත්තයි දවසක් මාව එක්කරගෙන තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු. යනකොට බිස්කට් එහෙම අරගෙන යනවනේ. ඉතින් ඔහොම අරගෙන ගිහින් තාත්තයි අම්මයි අර ගෙදර කට්ටියත් එක්ක බර කතාවක් ලු. ටික වෙලාවක් මං ඕක දිහා බලාගෙන ඉඳල කිව්වලු "අර බිස්කට් එක කඩල අපිට දීලා බොන්න මොනවහරි එහෙම ගෙන්න" කිව්වලු. අම්මටයි තාත්තටයි පොලොව පලාගෙන යන්න හිතුනලු. ඊටපස්සේ කොහොමහරි මාව එලියට එක්කරගෙන යන එක සැහෙන්න අඩු කරාලු.

20 comments:

  1. ROFL :D :D :D මරු පොඩී එකා....

    ReplyDelete
  2. බි.පෙ.සී හහ් හහ් හහ් මරු ඈ.......... ;)

    ReplyDelete
  3. හික්.. දැනුත් ඉතිං වෙනසක් නෑ නේද :D

    ReplyDelete
  4. ඉල්ලගෙන කෑම තමයි පොඩි කාලෙ ඉදන්ම පුරුදු පුහුණු කරල තියෙන්නෙ ;-)

    ReplyDelete
  5. ඊ........... මගෙත් පුංචි කාලේ එකම මඩ ගොහොරුවක්. අපෝ අපේ නෑයො සෙට් එක එකතු උනාම මට මඩ ගහන එකම තමා කරන්නෙ

    ReplyDelete
  6. හපොයි අම්මලට හිතෙන්න ඇති මේ ලමය හැදුවට වඩා හොඳයි, පොල් පැලයක් හිටෙවුව නම් කියල

    ReplyDelete
  7. ලූ ලූ ගාන්නේ තෝ නෙමේද ඕවා කොලේ....

    හික් හික් හික් පට්ට පට්ට....මටත් මතක්වුනා නෙවැ මා බාල කාලේ කොල ඇබැද්‍දි ටිකක්....කියන්නම්කෝ වෙලාව ඇති වෙලාවක් බලලා....

    ReplyDelete
  8. හසියා: මට මතක තියනවද මේවා, මේ මං අවුරුදු 3 විතර කාලේ කරපු ඒවා.

    ReplyDelete
  9. බඩජහරි කෙල්ලෙක් නේ!

    ReplyDelete
  10. මම දන්න කෙනෙක්ටත් ඔහොම පුතන්ඩියෙක් ඉන්නවා. බඩ පැලෙන්න කාලා ගෙදරින් ගියත් කගෙ හරි ගෙදරකට ගොඩ උන ගමන් අහනව 'ඇන්ටි කන්න මොනවද තියෙන්නෙ. බඩගිනි!' කියලා. මේකගෙ වයසත් අවු. 3ක් විතර ඇති... හික්ස්

    ReplyDelete
  11. අපෝ මෙහෙමත් පෙරේත කෙල්ලෙක්

    ReplyDelete
  12. ඒ කාලේ පෙරේත උනාට මං දැන් නම් පෙරේත නෑ. දැන් මට වේලක් කවා ගන්නේ හරි අමාරුවෙන්. උදේට කල යන්න කියල අම්ම වඳින්නේ නැති ටික විතරයි.

    ReplyDelete
  13. එහෙනං එහනං, ඉස්සර බඩජාරි කමට ෆෑනුයි, බිස්ක‍ටුයි ඉල්ල කෑවට දැං එහෙම ඇහැක, කාල ‍ෆිගර් එක අවුට් ගියොත්, බුදුඅම්මෝ නේද.......

    ReplyDelete
  14. අපේ නංගිගෙ පොඩි එකත් ඔහොමයි. අම්බානෙක කවල පොවල එක්කන් යන ගමන් කියලත් යනව දඟ කරොත් ගුටි කියල. ඔන්න අපේ cousin අක්ක කෙනෙක් ගෙ ගෙදර ගියා කියමුකො.

    අක්ක : රංග මල්ලි, කාලෙකින් නෙ ආවෙ, කූල් මොනා හරි බොමුද?
    මම : නෑ අක්කෙ මේ තේ බීපු ගමන්
    අක්ක : මොක්ද මේ පොඩි එකාගෙ මූන නරක් වෙලා
    බබා : බලන්නකෝ, කුල් එකක් බොන්න තිබුන චාන්ස් එක මාම නැති කරානෙ, ඒකයි මට දුක

    ReplyDelete
  15. කිව්වත් වගේ ඉස්සර කන්නමයි බලාගෙන ඉදලා තියෙන්නේ. චූටි ටීචර් ඔය වගේ කතා තියේ නම් දිගටම දාන්න. ලස්සනයි පුංචි කාලේ කතා.

    ReplyDelete
  16. අප්පා. කන්න ෆැන් එක ඉල්ලුවනම් මල පැන්න වෙලාවට කවුරුත් ලඟ නම් ඉන්න එපා... :P

    හේ හේ.. පට්ට පෝස්ට් එක........

    ReplyDelete
  17. ඔයා කාන්තාරෙක අතරමං වෙලා ඉන්නවා . කන්න මොනවත් නෑ . ඔයාට මාර බඩගිනියි . මං ලඟට ආවොත් මාව කනවද ?

    ජය .

    ReplyDelete
  18. අක්කගේ කට තමා කට....

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?