
අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. ඒ දවස් වල උඩවල් වල නගින පිස්සුවම තමා තිබ්බේ. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ, කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.
මේ කියන්න යන කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. ඒ නිසා නගින්න ලේසියි. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා. ඒ හිටපු කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ. අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ උඩට නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් එන්න ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එයා ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දැන් නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලිට වෙන රෝගි තත්වයන් තිබ්බා. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.
ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැග්ගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.
හපොයි.. ඔයිං ගියා මදෑ.. පවු අහිංසක (මල්ලි) :D
ReplyDeleteදැන් මල්ලිට කොහොමද?
ReplyDeleteහදවත් රෝගියෙක් යැයි සඳහන් කිරීම පොඩි මල්ලියෙකුට හොඳ මදි නේද?(පොඩි අදහසක් පමණි)
එක පාරටම මාව ගැස්සුනා ඒක දැකලා..
ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැගගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.
ReplyDeleteඒ මදෑ..!
අක්කා සේරම දේවල් කරලා, අහිංසක මල්ලීවත් එවට එකතු කරගෙන, මල්ලිව කරදරෙත් දාලා, ඔක්කොම වෙන්නේ මල්ලිට වගේ පොස්ට් දානවා නේද?
ReplyDeleteමරු අක්කා තමා! :D
කණියා: අනේ කරුණාව!
ReplyDeleteඑරන්ද: මල්ලිට දැන් ගොඩක් හොඳයි. එයා දැන් අනතුරුදායක තත්වයේ නැහැ. හැබැයි එයාට ගොඩාක් අසනීප උනා නිතරම. අවුරුදු 22 ක උනාට තාමත් අපි එයාට සලකන්නේ අවුරුදු 10 ක 15 ක ළමයෙකුට වගේ.
ලිෂාන්::)
අංජන: එයාට වෙලා තියෙන තරම් දේවල් නම් මට වෙලා නෑ. හැබැයි එයා කරන දේවල් වලට මං බැනුම් අහල තියෙනවා ඕන තරම්.
"නැගගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි" මේක තමයි හොඳම කතාව.. ලොල්.. අර හදවත් කතාවට මගෙ හිතත් ටිකක් ගැස්සුනා..
ReplyDeleteඅහන්නත් සතුටුය.. මල්ලිගේ තත්වය දැනගැනීමට තමයි නැවත මේ පෝස්ට් එකට ගොඩ වුනේ..
ReplyDeleteමොකද ඔය රෝගය මගේ ජීව්තෙටත් සම්බන්ධ නිසා..
මල්ලිට ඉක්මනින් හොඳටම හොඳ වෙන්න කියලා අණ කරනවා මම :D
අම්මප මේ අක්කට තමයි තලන්න ඕන මල්ලිවත් නරක් කරනවා :D
ReplyDeleteපව් මල්ලියා නම්. ඔය ඉතින් අක්කා කෙනෙක් උගන්වන ඔය ඉතින් අක්කා කෙනෙක් උගන්වන හොද වැඩවල ආදීනව තමයි.
ReplyDeleteමල්ලිට 22 ලු නේද ?. මගේ වයසේ එක්කෙනෙක් .
ReplyDeleteඅක්ක තමයි වැරදි කාරිය . උඩ ඉන්න සියලුම දෙනාගේ තීරනය ඒක :D
ජය වේවා !!
අම්මෝ මගෝඩි අක්කෙක්නේ ඔයා . . .
ReplyDeleteඅපේ අක්කයි මමයිත් පොඩි කාලේ සාංගම් . .
ඔක්කෝම හොර වැඩ කරන්නේ එකට.
හික්ස්
ඉස්කෝලෙ ලමයින්ට මේව උගන්නන්නෙ නෑ නේද? ;-)
ReplyDeleteකවුරුවත් නැතිවෙලාවක නගින එකනං එච්චර හොඳ වැඩක් නෙමෙයි. වැටිල බෙල්ල කඩාගත්තොත් කවුරුහරි එහෙකං ඉන්න වෙනව නේද
ReplyDeleteහපොයි අක්කලා හිටියොත් කරන්නේම / කරවගන්නෙත් මරුමුස් වෑඩ තමා , අපේ ඔය කසින් අක්කලා එහෙම ඕවට හොඳ උදාහරණ ..
ReplyDelete