Sunday 2 December 2012

අද අලුත් දවසක්.....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..

2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...

ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....

ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?