Thursday 31 May 2012

ඉතින් කාලෙකට පස්සේ.....

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු උනා වගේ. මාස තුනකට කියල ඇමරිකාවට ඇවිත් දැන් මාස හයකටත් වඩා මෙහෙ. මහත්තයාගේ රස්සාවේ වැඩකට ඉස්කෝලෙන් නිවාඩුත් අරන් ආවාට...තව ඉන්න වෙනවා කියල දැනගත්තම රස්සාවෙන් අයින් වෙන්න උනා. අවුරුදු 7 කට පස්සේ මම කරන්න වැඩක් නැතුව නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. 

පහු ගිය කාලේ බ්ලොග් ජීවිතෙන් අයින් වුනා ...හුඟක් කලකිරෙන දේවල් උනා...තවමත් ඒවා වෙනවද දන්නේ නෑ..ලඟකදී  බ්ලොග් නොලිව්වත් සමහර බ්ලොග් ලියපු අයගේ ගැට වලට අහු වෙලා ගොඩ ආවේ අමාරුවෙන් .. ජීවිතේ කාටවත් අහුවෙලා නෑ... අහුවෙන්නෙත් නෑ... කියල අභිමානෙන් හිටපු මම අහු වෙනකන්ම දන්නේ නෑ... පලවෙනි වතාවට මම මගේ ඉක්මනින් කේන්ති යන ගතිය පලක් ඇති වැඩකට පාවිච්චි කරා... නැත්නම් මම තාමත් හිතේ අමාරුවෙන්.  වෙච්ච දේවල් වලට පස්සේ අපේ මහත්තය දැන් සිංහල බ්ලොග් ලියන අය ඔක්කොම ගැන හිතන්නේ ඒ මිම්මෙන්... 

ජීවිතේ ඔහොමයි...