.jpg)
මේ සිද්දිය උනේ මමයි මල්ලියි පොඩි කාලේ. මට මේ සිද්දිය මෙච්චර මතක තියෙන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ.
මල්ලිගේ නම චතුර. ඉතින් අහල පහල ළමයි ඉතින් එයාට කතා කරන්නේ නමින් නේ. මමත් ඉතින් ඒ විදියටම නමින් තමයි කතා කරන්නේ. එයා නම් මට අක්කි කියල කිව්වේ මම හිතන්නේ. දවසක් අපේ අම්ම මට කතා කරලා කිව්වා, සැරෙන් නෙමෙයි බොහොම ආදරෙන්, "පුතේ ඔයා මල්ලිට නම කියල කතා කරන එක හොඳ නැනේ, එයාට මල්ලි කියන්න" කියල.
මම ඒ පාර කිව්වා "එහෙනන් මම එයාට චතුර මල්ලි කියල කතා කරන්නම්" කියල.
අම්මා හිනා වෙලා කිව්වා "දැනට එහෙම කතා කරන්න හැබැයි මල්ලි කියන්න පුරුදු වෙන්න" කියල.
වැඩි කල් නොගිහින් මම මල්ලි කියන්න පුරුදු උනා. තාමත් සිංහල නොදන්නා කෙනෙක් එක්ක උනත් කියනකොට මල්ලි කියල තමා කියන්නේ. පස්සේ ඉතින් මතක් වෙලා කියල දෙනවා මල්ලි කියන්නේ කවුද කියල.
අනේ ඉතින් එයාගේ මතකයන් විතරයි දැන් ඉතින්...
No comments:
Post a Comment
දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?