Sunday 2 January 2011

හනිමූන් එකේ රස...

මේක ඔන්න මට වෙච්ච දෙයක් නෙවෙයි. මේ දවස් වල එයාගේ මගුල් ගෙදරට ලෑස්ති වෙන යාලුවෙකුට වෙච්ච් කතාවක්. එයාගෙන් අවසර එහෙම අරගෙන තමයි මේ බය නැතුව ලියන්නේ. මේ යාළුවා හිටියේ එයාගේ අය්යලගේ ගෙදර. අය්යා නම් බැඳලා දරුවෙක් එහෙමත් ඉන්නවා. අය්යට ඉන්නේ 7 වසරේ ඉගෙනගන්න පොඩි දුවෙක්.

යාළුවාගේ මගුල් ගෙදර තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසවල. ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගෙදර සාකච්චා පවත්වනවලු තියෙන තැන, ඇඳුම්, සහ ශාලාව සරසන විදිය එහෙම ගැන. යාළුවා කොල්ලෙක්, එක කියල ඉන්න එපයි. කොල්ලගේ පාර්ශවයට නේ ඉතින් ඔය හනිමූන් යන තැන ගැන එහෙම තීරණය කරන්න තියෙන්නේ. අර අස්සේ ඕව ගැනත් කතා වෙනවලු. යාළුවා ඉතින් ඔය පොත් එහෙම අරගෙන එකේ තිබුණු 'chocolate fountain' එකක් ගැන එහෙම හරි උනන්දු වෙන හිටියලු.

කොහොමහරි දවසක් අර පොඩි දුව, යාළුවා ලඟට කිට්ටු වෙලා අහනවලු

 "බාප්පේ, ඔය හනිමූන් කියන්නේ රස දෙයක්ද?"
දැන් කොල්ලට කට උත්තර නෑලු. පොඩ්ඩක් හිනා වෙලා මෙයා ඇහුවලු
"ඇයි පුතේ එහෙම අහන්නේ?" කියලා.
" නෑ අපි decorations වලට  chocolate fountain එකයි  honeymoon එකයි දෙකම තියමු කියල."

19 comments:

  1. හරිම ජුගුප්සාජනකයි.... හික් හික්....

    ReplyDelete
  2. මරු කතාව....මගුල් ගෙදර මරුවට තියෙයි....

    ReplyDelete
  3. පුතාව හිරේ යවන්න වටිනව කියපු කතාවට.. :-D
    ඒ දුකට බාප්පත් හිරෙ යයි එතකොට.. අද කාලේ පොඩි එවුන් මාරයි නෙව..
    හික්ස් එළ කතාව..

    ReplyDelete
  4. මම නම් ටියුබ් ලයිට්. මොනවටද chocolate fountain කියලා කියන්නේ .

    ටිචර් ලා ලගදිම ඉස්කෝලේ පටන් ගන්නවා නේ ? ඒ උනත් චුට්ටක් හරි ලියන්න හොදද ?

    ReplyDelete
  5. මධුරංග ඔන්න මං chocolate fountain එකක පින්තුරයක ලින්ක් එකක් දැම්මා.

    ReplyDelete
  6. අපෝ දැන් ඉන්න පොඩි එවුන් නොදන්න කෙං ගෙඩියක් නෑ. ඕක අහන්න ඇත්තේ සුවර් එකටම බාප්පා honeymoon කියන එක දන්නවද බලන්න වෙන්න ඇති :P

    ReplyDelete
  7. අප්පේ මම පොඩිකාලේ කොයිතරම් හොඳද ?

    සීවරං දෙයියනේ මෙහෙම බ්ලොග් ලියන්නියක් දැක්කමයි . ලියනවා ආයේ. මරෝ !! කියල . අද ඉඳන් මමත් සෙට් වෙනවා .. මේ බ්ලොග් එක කියවන්න .


    ජය වේවා !!

    ReplyDelete
  8. ලොලේ ලොල්ස් විතවුට් හික්ස්....
    පට්ට.....

    ReplyDelete
  9. ඕං පේනව නේද දැං හැදෙන පොඩි උන්ගෙ හැටි. මොනව වුණත් පට්ට කතාව... :)

    ReplyDelete
  10. හෙහ් හෙහ් හේ.... :D

    [හැබෑවට මොකක්ද හනිමූන් කියන්නේ.... මම දන්නේත් නෑ නේ හිනා වුනාට.... :D]

    ReplyDelete
  11. දැං අර බොලොග් ලිවීමේ තරඟෙ අහවරෙයි?, නැත්නම් නව වසරෙත් දිගටම ගෙනියනවයි?

    ReplyDelete
  12. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

    ReplyDelete
  13. අම්මපා පොඩි එකා ඕක දැනගත්තෙ කොහොමෙයි?

    ReplyDelete
  14. දෙකම එකට තිබ්බනම් හරිම ශෝක එකට තියේවි...දිගටම ලියන්න,,මගෙන් සුබ පැතුම්...
    ඒක නෙවේ මොකක්ද අර 'chocolate fountain' කියන්නේ

    ReplyDelete
  15. 'chocolate fountain' වචනේ ලින්ක් ඒක දාලා තියෙන්නේ.

    ReplyDelete
  16. මොනව උනත් පොඩි එකා දුර දිග කල්පනා කරලා තියනවා.

    ReplyDelete
  17. මැක්සා.....ඒක නෙමේ ජනනි link එක වැඩ නෑනේ....

    ReplyDelete
  18. හික්ස්! පොඩි එකෙක් නෙවෙයි ඒකා යකෙක්!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?