Thursday 6 January 2011

හැඟුම්.......

සත් වසකට පෙර ඇරඹි 
අප පාසල් ප්‍රේමය...
බාදක වැට කඩොලු,
සුන්දර මතක අතරින් 
ගලා ගිය අපේ ලෝකය...
අද..
නැවතී සොඳුරු මංසලක
අලුත් පැතුමන් හා එක්ව  ..
ඉබි ගමනින් යන කාලය 
රන් හුයෙන් අප බැදෙන 
දින තෙක් 
නොඉවසිල්ලෙන් මහද පුරවයි...

14 comments:

  1. රන් හුයෙන් අප බැදෙන දිනය ඉක්මන්ටම පැමිණේවා සියළු පැතුම් සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා.
    හැබයි ඉතිං Blog Post අඩු නොවේවි නේ?

    ReplyDelete
  2. අනේද කියන්නෙ අක්කෙ.. මම නොදන්නවැයි මේ ප්‍රේමෙ ගැන.. හික්ස්... :D ඔය දෙන්නටම මගේ සුභ පැතුම්.. අරවින්ද අයියටත් කියන්න.. :)

    ReplyDelete
  3. ඉක්මනට විවහාපත් වෙන්න ලැබෙන්න කියලා පතනවා. ලස්සන කවි ටික

    ReplyDelete
  4. පාසල් ප්‍රේමය විවාහයෙන් අවසන් වෙන එක කොච්චර වාසනාවක්ද

    ReplyDelete
  5. ඔක්කෝමත් හොඳයි..
    අවුලකට තියෙන්නේ දවස ගානේ කියවන්න තිබුනු තවත් බ්ලොග් එකක් කොට උඩ යන එක තමයි...
    අනේ මන්දා...අර රංගයත් බැන්දොත් දවසගානේ කියවන්න පත්තරයක්වත් ගන්න වෙනවා...

    ජනනි නගාටත් අර අහිංසක හාදයාටත් සුභ මංගලම්..!

    ReplyDelete
  6. හැමෝටම බොහොම ස්තුතියි! මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ

    ReplyDelete
  7. / මේ බ්ලොගය නම නවත්වන්න අදහසක් නෑ /

    එහෙම තමයි හැමෝම හිතාගෙන ඉන්නෙ, අපි බලමුකෝ.....

    දෙන්නටම මගේ සුබ පැතුම්......

    ReplyDelete
  8. දෙන්නටම සුබ පැතුම්...............!

    ReplyDelete
  9. ඔන්න අපිත් සුබ මංගලම් කිව්වා.............
    @පිණි බිඳු,

    බලාපොරොත්තුවක් නැති හෙට දවසෙ හිතන්න දෙයක්.

    ReplyDelete
  10. දෙන්නටම හදවතින්ම සුභ පැතුම් ඕන්....!!!

    ReplyDelete
  11. ඒකත් ජයසිරි මංගලං කිව්වලු...

    මගෙනුත් සුභ පැතුම්! :D

    ReplyDelete
  12. Ane....!!!!!! u ar gonna married?Anyway Happy wedded life.......!!!!!!!

    ReplyDelete
  13. අමාරුවෙ වැටෙන අහිංසක කොල්ලාට බාධක ජයගෙන කෙලින් හිටගන්න ශක්තියක් වෙන්ඩ කියලා මාත් සුබ පතනවා :D

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?