Thursday 27 January 2011

නිදහස......

මෙම අදහස් විමසුම අත ළඟ එන නිදහස් දිනය වෙනුවෙන් ලියවෙන පුවත්පත් ලිපියක් සඳහා වේ.

ඔබට නිදහස යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? නිදහස යන්නට ඔබේ වචනයෙන් දෙන නිරවචනය කුමක්ද?

අදහස් පළ කිරීමේදී ඔබේ සැබැ නම සඳහන් කරන්න. (මුළු නම අවශ්‍ය නොවේ)

11 comments:

  1. නිදහස යනු අප තුල පවත්නා සතුටයි. කිමද එය අප ඇති කර ගත යුත්තක් විනා බලෙන් ඇතිකර දිය හැක්කක් නොවන බැවිනි. සතුට ලග ඇති තැනැත්තා වචනයේ පරිසමාර්ත අර්තයෙන් සැබැවින්ම නිදහස භුක්ති විදින්නෙකි.

    ReplyDelete
  2. මට කරදරයක් කාගෙන්වත් නැතුව මගෙන් කරදරයක් කාටවත් වෙන්නෙ නැතුව නැව ගිලුණත් බෑන්ඩ් චූන් තියරියෙන් ඉන්න පුලුවන්නම් ඒක තමයි මගේ නිදහස...

    එරන්ද

    ReplyDelete
  3. නිදහස කියා දෙයක් නැත!



    ප.ලි නිවන් ගියහොත් නිදහසක් ලැබේ කියා අසා ඇත. එත් ඒ ගැන හරියට කීමට තව කල්ප කලාන්තරයක් ගතවනු ඇත. :)

    ReplyDelete
  4. නිදහස කියන්නේ කාටවත් කරදරයක් නැතුව කාටවත් හිංසාවක් නොකර ඉන්න එකයි. කතාවටත් කියනවනේ අපේ නිදහස තියෙන්නේ අනිත් කෙනාගේ නහය ලඟට වෙනකන් විතරයි කියලා.

    -චින්තක මධුරංග -

    ReplyDelete
  5. අනුන්ගේ ඇඟේ නොවදින තාක් දුරට තමාගේ අත ඇති සැරයැටිය වැනීමට ඇති වට ප්‍රමාණය.

    ලක්මිණී

    ReplyDelete
  6. නිදහස... හ්ම්...... එච්චර සරළ මාතෘකාවක් නෙමෙයිනෙ. මට නම් හිතෙන විදියට නිදහස සාපේක්ෂයි පුද්ගලයගෙන් පුද්ගලයට. උදාහරනයක් විදියට හිරෙන් නිදහස්වෙලා එලියට එන මනුස්සයෙක්ට ලොකු නිදහසක් දැනෙන්න පුළුවන් තවමත් හිරේ ඉන්න කෙනෙක්ට වඩා. ඒත් ඒ මනුස්සය නිදහස් වෙලා යන්නෙ දරිද්‍රතාවයේ පතුලෙම තියෙන තමන්ගෙ ගෙදරට නම් එතන නිදහසක් තියෙයිද?

    ඒක නිසා මට හිතෙන්නෙ නිදහස කියල තත්‍ය ලෝකයේ පවතින දෙයක් නෑ. මිනිස් හිතේ තියෙන තවත් එක ස්ටේටස් එකක්.

    freedom is not a matter, it is just a status of each individual's mind

    ReplyDelete
  7. තමන් කරන දේකට කාගෙන් වත් බැනුම් අහන්නෙ නැතුව ඉන්න පුලුවන් නම්....

    ජනනි

    ReplyDelete
  8. චැහ්. කොමෙන්‍ටුවක් දැම්මට නම දාන්න බැරිවුනානෙ. කසුන් කියල දාගන්නකො.

    ReplyDelete
  9. තමන් ආයෙ මොනම දේකටවත් බයවෙන්න ඕනෙ නෑ කියල හරියටම දැනගත්ත දවසට කෙනෙක් ඇත්තටම නිදහස් වෙනව. එතනින් මෙහා නිදහස, නිදහස කියල හඳුන්වන හැම දේම තාවකාලික හිත් සනසා ගැනීම් විතරමයි.

    කෝසල

    ReplyDelete
  10. කිසි බරක් පතලක් නැතුව පුළුන් කෑල්ලක් වගේ පා වෙලා ඉන්න එක වෙන්නැති මම හිතන්නේ..

    ReplyDelete
  11. ඹ්න විදියකට සල්ලි හම්බ කරන්න පුලුවන්.
    ඹ්න අැදුමක් අදින්න පුලුවන්.
    රට කෑම ඹ්න නන් රට කෑම.ග ෙම් කෑම ඹ්නනම් ග ෙම් කෑම.
    තව ෙමානවද...ඹ්න ෙදයක්..
    බලය තිෙයනව නම්,කට තිෙයනවනම්,ඹ්න ෙදයක් කියවන්න පුලුවන්.
    නැති අයට පුලුවන් නිදහ ෙස් බලන් ඉන්න.
    ඹන්න නිදහස.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?