Saturday 1 January 2011

ජයග්‍රාහකයා නම් කරන ලදී...

විනිසුරුවරුන් පැය ගානකට පසුව ඉතා වෙහෙස මහන්සි වී ජයග්‍රාහකයා පිළිබඳව තීන්දුවකට පැමිණ ඇත. ඔවුන්ගේ තීරණයට අනුව තරගයේ ජයග්‍රාහකයා  වන්නේ දෙසැම්බර් මාසය පුරාවට පොස්ට් 59 ලියු ජනනිය. රංග ලියා ඇත්තේ පොස්ට් 57 ක පමණි.

මේ පිළිබඳව අදහස් දක්වන රංග කියා සිටින්නේ "ජනනිට මගේ සුභ පැතුම්! ඒ උනාට මං පැරදුනේ නෑ. මං අනු ශුරතාවය දිනාගත්තා" 

මෙම තරගයේ අනු ශුරතාවයක් ලබා දෙන්නේද යන්න විනිසුරු මඩුල්ල යථා කාලයේදී තීරණය කරනු ඇත. 

අප මහජනතාවගෙන් තරගය පිලිබදව අදහස් විමසු විට ඔවුන් තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය. 

වයර් මාරුවූ තාක්ෂණික බ්ලොග් ලියන්නෙක්

මල කෝලං! ඕය වගේ තරග හොනද්යි වැඩ නැති අයට. මම නම් අවුරුද්දට 50 ක්‌ වත් ලිව්වේ නෑ.

නිතරම හිනාවෙන්නට අඩගහන බ්ලොග් ලියන්නෙක්

ඔය තරගේ නිසා අපිට තමයි මල වාතෙ... ඇයි ඉතින්  එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ ඔය දෙන්න දවසකට එකකට වඩා වැඩියෙන් ලියලා තිබුනොත් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ...

තනිකමට බ්ලොග් ලියන්නෙක්

මමත් ඒක තමයි පහු ගිය කාලේ බැලුවේ, කියව ගන්න බැරි තරමට පොස්ට් දානවනේ
පූසන් සමාගමේ බ්ලොග්ලියන්නෙක්

දෙන්නාටම අපේ සුභ පැතුම්! අපේ නං වාර්තාව මාසෙට 20 යි. මේ දෙන්නා දවස් 3 න් එක කැඩුවනේ

සිතේ කල්පනාවන් ලියන බ්ලොග් ලියන්නෙක්

මොනවා නැතත් දෙන්නටම සුබ පතනවා! අර කලින් කිව්වා වාගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ

කෙසේ හෝ ජයග්‍රාහීකාවගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය නිෂ්පල විය. ඇය බ්ලොගොරියාවට බෙහෙත් ගන්නට රෝහලට ගොස් සිටියාය. මෙය ලියන වේලාව වන තුරුත් ඇය පැමිණ සිටියේ නැත. රෝහලෙන් කල විමසුමකදී අපට දැනගන්නට ලැබුනේ ඇයගේ රෝගය උත්සන්න වී ඇති බැවින් නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි. 

17 comments:

  1. :) ඔයාට නං හොඳටම පිස්සු ජනනි. ඇත්තටම ඉක්මනට බේතක් ගන්න. හී හී :P

    ReplyDelete
  2. හපොයි ඒක දැනගත්තේ මගේ පොස්ට් 61 ක්‌ කියෙව්වට පස්සෙද? හරිම සෝචනීයයි!

    ReplyDelete
  3. අම්මෝ මෙයා ගානට මඩ පාවිච්චි කරන්න ඉගෙන ගෙන ඉන්නේ දැන්. කොයි වෙලාවේ වදී ද දන්නේ නෑ මඩ පාර.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි. අපිවත් මතක් කලාට. ඔන්න අපි නම් කාටවත් මඩ ගහන්නේ නෑ.

    ReplyDelete
  5. ඇහ් ඒ කියන්නේ ඉස්කෝලේ ගමනත් හබක් ද ඔය බ්ලොගෝරියාව ද මොනද්ද නිසා..? :P

    ReplyDelete
  6. අනේ ඉතින් ඔය හිනි මඩ අදින් ඉවරයි. සඳුදා ඉස්කෝලේ පටන් ගන්නවනේ. බ්ලොගොරියාවත් සනීපයි එතකොට. ඊටපස්සේ නම ඉතින් මේක කොච්චර කාලෙකින් යාවත් කාලීන වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඔය බය වෙච්ච කට්ටිය හැංගිච්ච තැන් වලින් එලියට ආවා නං හොඳා! :)

    ReplyDelete
  7. ජනනි ගැන අතීත කතාවක් තියෙනවා.... මම මේ ඒක ලියනවද නැද්ද කියලයි කල්පනා කලේ...

    ReplyDelete
  8. හපොයි! කල කම පලදේ! නොකළ කම ඒත් පලදේ. මඩක් වදින්නද කොහෙද යන්නේ. ඔන්‍න‍ ඔහේ කමක් නෑ අයියේ ලියන්න. :))(බරපතල මඩක් නම ලියන්න එපා. අපි ඉතීන් යාළුවොනේ :)))

    ReplyDelete
  9. මේක ජයග්‍රහනයක් නෙමේ.. විජාතික කුමන්ත්‍රණයක්.. ඇමරිකාවෙන් උදව් ලැබි තියෙන බව මට විස්වාසකටයුතු ආරංචිමාර්ගයකින් දැනගන්න ලැබුනා. අපි හැමදාමත් රංග අයියා එක්ක ඉන්නවා.

    ReplyDelete
  10. අනේ බොල කණියෝ, වැඩ නැද්ද?

    ReplyDelete
  11. අභීත : මඩක් නම් ඉතිං අහ අහ ඉන්නෙ නැතුව ගහපන්.

    ජනනි : මමත් මෙ බයේ ඉන්නෙ අලුත් ඔ‍ෆිස් එකට ගියාම බ්ලොගේ ට මොනා වෙයිද කියල

    ReplyDelete
  12. ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්!

    හැබැයි කට්ටිය දක්වන විරෝධය නිසා උපවාසයක් උනත් කරන්න පුලුවන්. කෝකටත් කියලා බලවතෙක් / බවලතෙක් වතුර වීදුරුවක් ලැස්ති කරගත්තොත් හොදා .... හික්ස්! හික්ස්!

    ReplyDelete
  13. විනිසුරුවන් හිරේ දාන්න ඕන.. :D

    ReplyDelete
  14. හුරේ............. තරඟේ ඉවර වෙලා... :D

    දැන් ඉතිං දවසට එක ගානේ ලියමූ හොඳ ලමයා වගේ....

    ජය වේවා...!!

    ReplyDelete
  15. මම අදද මන්දා මේ නවාතැන පැත්තේ ආවේ....

    අපි දන්නේත් නෑ...මෙයාලා තරඟත් තියලා...විනිශ්චයත් කොරලා...දිනුමත් දීලා...තෑගිත් දීලා අපිට කියන්නේ....
    අසාධාරණයි...සම්පුර්ණයෙන්ම අසාධාරණයි..... (කේන්තියෙන්)

    අපිට සම්තින් එකක් දෙනවනම් අපි ඉතිං හොද පබ්ලිසිටි එකක් දෙන්නම්....(රහසින්..)

    ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි තිබ්බ තරගේ මොකක්ද....විනිශ්චය කලේ කවුද...දිනුවේ කවුද...තෑගි මොනාද...අපිට මොකෝ...
    මොනාවුනත් ඔන්න අපෙන් හොට් හොට් ෂුභ පැතුම්....

    දිනුව, පැරදුන හා ලියපු හැමදෙනාටම සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  16. kawda ranga second kale. sudu van eken awith ussanawa hode. thawa liyanna api innawa kiyawanna


    PCW

    ReplyDelete
  17. මේ තැනැත්තිය මේ කියන අකාරයට මේ ජයග්‍රහනය ලබා ගත්තා නම් ආන්ඩුවේ යම් දේශපාලන සහයෝගයක් ලැබි තිබෙන බව අපිට නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුලුවන්. ඒ වගේම මේ අපි මේ පිලිබදව පුළුල් හා නිර්පාක්ශික පරීක්ශනයක් කලයුතු බවට අපි ආන්ඩුවට හා ඔවුන්ගෙ පරගැති දෙශපාලන ප්‍රවාහයන්ට බලකර සිටිනවා. එහෙම නොකලොත් අපි මුලින්ම සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමටත් තව දුරටත් නිහඩව සිටිමට ඔවුන් උත්සාහ දරන්නේ නම් අපි මුලු ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අපි මේ තැනැත්තියටත් ආන්ඩුවටත් ප්‍රකාශ කර සිටිනවා......හොදේ....අපි හරි දරුණුයි.......

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?