Monday 31 January 2011

ගෙදර ප්‍රධානියා....

මේ කතාව කිව්වේ අපේ පාසලේ ගුරුතුමියකගේ දියණියක්. ඇය 3 වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. අප පාසලේම නිසා එයාගේ පන්ති ඉවර උනාම මෙයා එනවා අපිත් එක්ක කතා කර කර ඉන්න. මේකත් ඒ කතා කර කර හිටපු වෙලාවක කියපු දෙයක්.

ඒක සැරයක් මෙයාගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයක අහල තිබුනලු "ගෙදර ප්‍රධානියා කවුද?" කියල. හිතන්න පුලුවන්ද අපේ චුටි නෝනා දීල තියෙන උත්තරේ.

මෙය ලියලා ගෙදර ප්‍රධානියා බල්ලා කියල" අම්මත් ගුරුවරියක් නිසා වස ලැජ්ජාවලු. අපේ මල්ලිගේ ජාතියේම එක්කෙනෙක්. කොහොමහරි මෙයාට පස්සේ කියල දීලා "පුතේ ගෙදර ප්‍රධානියා තාත්තා නේ" කියල.

මෙයා ඔය කතාව අපිත් එක්ක කියල කියනවා. " ඒ වුනාට ගෙදර උයන්නේ අම්මනේ. මගේ වැඩ සේරම කරලා දෙන්නෙත් අම්මා නේ. එතකොට හරි නම් ගෙදර ප්‍රධානියා වෙන්න ඕනේ අම්මා නේද" කියල.

පොඩි ඒකාටත් තේරෙනවා ගෙදර වැදගත්ම පුද්ගලයා අම්මා කියල. :)

7 comments:

  1. පොඩි එකා හරියටම හරි නේ බොලේ.......හික්ස්...

    ReplyDelete
  2. මවකට මුවාවි නුඹ වෙත දිරි දුන්නේ..
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
    -තාත්තා-

    ReplyDelete
  3. @රත්ගමයා
    කෝ බන් ඉකේයියා

    ReplyDelete
  4. මාර පොඩි එකෙක් නේ. ගොඩක් ගෙවල් වල තත්වයත් ඕකයි. කොහෙද චූටි ටිචර් ඔය දූ ඉගෙන ගන්නේ ? :)

    ReplyDelete
  5. තමන්ගෙ කතාව ලස්සනට අනුන්ගෙ වගේ කියලා

    ReplyDelete
  6. නවම් ජූනියර් ලොකු උනාමත් ගෙදර ප්‍රධානියා අම්ම කියල කියනව ආයෙ දෙකක් නෑ :) :)

    ReplyDelete
  7. මධුරංග : මම වැඩ කරන කොම්පැනියට අල්ලපු වැටේ තියෙන ඉස්කෝලෙ ;-)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?