Monday 3 January 2011

මිස් ප්‍රින්සිපල්ද?

නත්තල් නිවාඩුවෙන් පස්සේ අලුත් අවුරුද්දේ ඉස්කෝලේ පටන් ගත්තේ අද. ළමයි බුලත් අරගෙන මුළු ඉස්කෝලේ පුරා ඇවිදිනවා. උසස් පෙළ හැර අනෙක් පන්ති වල වැඩක් නොකෙරුණ තරම්. මමත් අද වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලේ ගියා. පලවෙනි දවස නිසා හොඳ නැනේ බෙල් ඒක ගහනකොට යන්න.

ඉස්සෙල්ලාම ගිහින් කිව්වා, මං 11 වසර පන්තිය කරන්න කැමතියි කියල. එකේ කතාව මං කලින් දවසක කිව්වනේ. එතකොට ඒ කාලසටහන් බාරව ඉන්න කෙනා කියනවා " ඔයා ඉතින් එදා ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඒක බාරගත්තා නම් ඉවරනේ" කියල. මාත් ඉතින් හිනා වෙලා නිකන් හිටියා.

ඔන්න ඉතින් දවස කොහොමහරි ගෙවුන. දැන් තමයි ඉතින් වැදගත්ම කතාව කියන්න යන්නේ.
විවේක කාලයෙන් පස්සේ මට තිබ්බේ උසස් පෙළ පන්තියක්. ඒකේ මම උගන්වමින් ඉන්නකොට පාට ඇඳුමකින් සැරසුණු දැරිවියක් පන්තියට ආවා.  මම හිතුවා පන්තියේ ළමයෙකුට පණිවිඩයක් කියන්න කියල. බලනකොට මට කතා කරන්න. මාත් බැලුවා මේ මොකද කියල.

ළමයා: මිස් ද character certificate ලියන්නේ?
මම: නෑ
ළමයා: මිස් ජනනි මිස් නේද?
මම: ඔව්
ළමයා: ආ එහෙනං මිස් තමයි ලියන්නේ.
මම: ඇත්තද? මම දැනගෙන හිටියේ නැනේ. කවුද කිව්වේ?
ළමයා:________________මිස් තමයි කිව්වේ.

බලනකොට ඒ ලමයව එවල තියෙන්නේ මට එදා ඔලුව අත ගාල හීන ටොක්කක් දීපු මිස්.
මොනවා කරන්නද මං ඉතින් ලියන්න බාර ගත්තා.

මන් ඔය කතාව ගිහිල්ල ගුරු කාමරේදී අපේ කට්ටියට කිව්වා. එතකොට මගේ යාලුවෙක් අනාගතේදී මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කියල කෙටි සංවාදයක් රග දක්වල පෙන්නුවා.

ළමයා: මිස් ජනනි මිස්ද?
මම: ඔව්
ළමයා: ආ මිස් තමයි දැන් ප්‍රින්සිපල්!
මම: ඇත්තද?

මේ දවස් වල මට ලැබෙන තනතුරු හැටියට ඒක හම්බුනත් පුදුම වෙන්නේ නෑ. හපොයි මට වෙච්ච දෙයක්!

15 comments:

  1. ඕකට තමයි ලු කියන්නේ "දෙන දෙවියෝ ඔළුව අතගගා දෙනවා" කියලා... :D

    ReplyDelete
  2. "අද වෙනදට වඩා පොඩ්ඩක් කලින් ඉස්කෝලේ ගියා" කියන්නේ අනික් දාට Bell එක ගහලා රතු ඉරත් ගහනකං ඉදලද යන්නේ?

    ReplyDelete
  3. අපොයි මට කවදාවත් රතු ඉර වැදිලා නෑ. බෙල් ඒක ගහන කොට මං ඉස්කෝලේ.

    ReplyDelete
  4. ළමයා : මේ... මිස් ජනනිද??
    ටීචර් : ආ ඔවු. ඇයි?
    ළමයා : ඉතිං අපි‍ට මොකෝ :P හූ :D

    ReplyDelete
  5. අනේ මන්දා මේව කියල ජනනිට මගෙත් එක්ක තරහ යයිද කියල. ඉස්කෝලෙ පටන් ගන්න කලින් ටිකක් වේලාසන ගියොත් හොඳ නැද්ද? අපේ ගෙදර ගුරුවරු දෙන්න නං එහෙමයි :) වාර සටහනුත් කොම්ප්ලීට් කොර ගෙන තමයි අලුත් අවුරුද්දෙ ඉස්කෝලෙ ගියෙ :)

    ReplyDelete
  6. @කණියෝ: ඉරිසියාව
    @ස්වප්නා: අලුත් අවුරුද්දේ හිතාන ඉන්නේ එහෙමයි ඉතින්. :)

    ReplyDelete
  7. කණියා දෙනවා ඇස්ටි හැලෙන්න...

    ReplyDelete
  8. ඉවරයි මුලු ඉස්කෝලෙම.. නම යෝජනා කරපු එකාව හිරේ යවන්න ඕන.. :D
    එනිවේ ඕල් ද බේස්ට්..

    ReplyDelete
  9. චූටි ටිචර්ට විදුහල්පති කම ලැබුනොත් ලමයින්ට බ්ලොග් ලිය පුරුදු කරයි නේ ?? කනියා ටීචර්රුත් එක්ක ඇටෑක් එකක් වගේ. ටීචර්ත් අත අරින්න එපා.

    ReplyDelete
  10. ‍ප්‍රිරින්සිපල් : මේ මිස් ජනනිද ?
    ජනනි : පිස්සුද ඔයාට මම ‍ප්‍රිරින්සිපල් !
    ‍ප්‍රිරින්සිපල් සිහි නැතිව ඇද බිම වැටුනි

    ජය වේවා !!

    ReplyDelete
  11. අනේ මංදා කණිය කමෙන්‍ටු දාන්න ගිහිල්ලත් බයිට් වෙනවද ? ටීච නම් දැන් ලොක්කෙක් වෙලා වගේ. ලියන certificate ගානට වෙනම ගානක් ඉල්ල ගන්න ;-)

    ReplyDelete
  12. අන්න ප්‍රජාතන්ත්‍රවාදී කොරමේ, ළමයින්ටම ඉඩ දෙනවා පිනාව තෝරගන්න.

    ReplyDelete
  13. ඔය ටීචර් නෝනාට ඔය යන විදිහට

    ලැබෙන වැඩ ගොඩ ඉවරවෙන පාටක් නෑ ටෑං 90 දක්වාම යයි

    ReplyDelete
  14. බුධා : පිනා කිවුවම නිකම් පිරිමි කෙනෙක් වගෙනෙ

    ReplyDelete
  15. රංග: නෑ බං, මම ඕන ඉස්කෝලෙකට පොදුවෙ කීවේ.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?