Wednesday 29 December 2010

කඩ ඉම

රාත්‍රිය නිහඩයි...නිසසලයි...
බියකරුවූ ලෙසින්...
ජීවනගමනේ තවත් කඩ ඉමක්‌
පසු කරන්නට ලගයි දැන්..
මියෙම්දෝ....රැකෙම්දෝ...
ඉරණමට බාරයි...
නමුත්..
දෙවිදුනේ
ඉඩ හරින්න..
තවත් කාලයක්
ජීවිතය දිගහරින්නට
ජීවිතය ජීවත් කරන්නට
යහපත් වූ ලෙසින්...

ප.ලි. මට මේ කවිය හම්බුනේ පරණ කොළ වගයක් අස්සේ තිබිලා. මට තාමත් මතකයි මං මේක ලියපු දවස. මං ප්‍රශ්නයක් නිසා හොඳටම අවුල් වෙලා හිටපු රෑක මං  මේක ලිව්වේ. මට ඒ වෙලාවේ ඕන කලේ හැමදේම දාලා ජීවිතය අවසාන කරන්න. මට ඒ තරමට දරාගන්න බැරි වුනු ප්‍රශ්නයක්. අන්තිමට කොලයක් අරන් මේ කවිය ලිව්වා. කවියේ අන්තිම හරිය වෙනකොට මං කලබලවෙලා හිටපු එක ටිකක් අඩු වෙලා හරි සිහියෙන් හිතන්න පුළුවන් මට්ටමට ආවා. දැන් තමයි තේරෙන්නේ කොච්චර මෝඩ වැඩක්ද මං කරන්න හැදුවේ කියලා.

6 comments:

  1. ඒ කියන්නේ කඩ ඉම නැත්තම් ආදරණීය නවාතැනකුත් නැති වෙන්න තිබ්බා.
    කවියක අරුමය කිව්වලු..

    ReplyDelete
  2. එහෙම වෙන්නත් තිබ්බා....

    ReplyDelete
  3. මදෑ ඔයින් ගියා...

    මීට පස්සේ ඔහොම කවියක් ලියන්නවත් නොවේවා! කියලා ප්‍රාර්තනා කරනන් එහෙනන් :)

    ReplyDelete
  4. මම බ්ලොග් කියවන්න අරන් වැඩි දවසක් නෑ. ඒත් මෙකෙතිබුනු මක්කොම වගෙ කියෙව්ව.ගොඩක් ලස්සනයි. ඉතින් මගෙනුත් මල් මිටක්.

    ReplyDelete
  5. අපිට මේ ජීවිතේදී වෙන ප්‍රශ්න වලට ජිවිතේ නැතිකරගන්න හිතෙන අවස්ථා අනන්තයි....ඒ උනත් ඒවාට හොදින් මුහුණ දෙන එකයි තියෙන හොදම විසදුම.....
    දිගටම ලියන්න,,,,අපි කමෙන්ට්ස් දාන්නම්...

    ReplyDelete
  6. ලස්සනයි. ඒත් ආයෙ ඒ වගේ කවියක් ලියවෙන්න අවස්ථාවක් ලැබෙන්න එපා.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?