Saturday 25 December 2010

~~දඹලාගේ නෑයා~~

ඔන්න මේ කතාවත් අපේ මලයා කියපු කතාවක් තමයි. එයාගේ කතා දෙකක් මං කලින් දවසක් කිව්වනේ. අපේ මලයා බබා වගේ හිටියට අවුරුදු 22 ක තරුණයෙක්. ගෙදර බාලයා නිසාත්, පොඩි කාලේ පටන් අසනීප නිසාත් ගෙදර හැමෝම එයට සැලකුවේ පොඩි ළමයෙකුට වගේ. ඒ පුරුද්දට තාමත් අම්මයි, තාත්තයි ගාවට ගිහින් ශේප් එකේ ගානක් එහෙම කඩා ගන්නවා. තාම කිසි දේක බරක් පතලක් හිතන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳ කතා කියනවා. මෙන්න මේ කතාවත් එය කියපු එකක්.

මෙයා දවාලට ගෙදර ඉන්න නිසා, අපේ අම්ම පොලේ යනකොට මලයවත් එක්කගෙන යනවා. හැබැයි ඉතින් ගෙදර නම් කිසිම වැඩක් කරන්නේ නෑ. අඩුම ගානේ කාපු පිගාන වත් හෝදන්නේ නෑ. අම්මාගේ ඉස්සර ඉඳං පුරුද්දක් තිබුනා, එළවලු ගෙනාවම මල්ලිගෙන් අහනවා ඒවායේ නම්. එක හේතුවක් තමයි එය ඉගෙන ගන්න ඕනේ කියල හිතන එක. අනිත් එක තමයි එයා දෙන උත්තර අහන්න.

මේ ලඟදි දවසකත් අම්මා මල්ලිව පොලේ එක්කරගෙන ගිහින් ඇවිත්, දැන් දෙන්නත් එක්ක එළවලු අස් කරනවලු.
අම්මා දඹල පෙන්නලා ඇහුවලු.."පුතේ මේ මොනවාද?" කියල. දැන් මිනිහා කල්පනා කරනවලු මෙයාට මතක් වෙලාම නෑ. ටික වෙලාවක් කල්පනා කරලා කිව්වලු දන්නේ නෑ කියල. ඉතින් අම්ම කියල දීලා ඒ දඹල කියල.

ඊටපස්සේ බණ්ඩක්කා පෙන්නලා ඇහුවලු "එහෙනන් පුතේ මේ මොනවාද කියන්නකෝ" කියල.
දැන් මිනිහ අයෙත් කල්පනා කරනවලු. ඒත් මතක් වෙන්නේ නෑලු. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු.

"මොනවා උනත් මේවා නම් දඹලාගේ නෑයෙක්" කියල. :)

5 comments:

  1. ඔයාගේ මලයා කථා සාගරයක් නේ... සුපිරි පොරක්..... ෆන් ඩයැල් එකක්... :D

    ReplyDelete
  2. මලයා මලයා මලයා....
    මලයා තමා මලයා.
    තවත් මල්ලීගේ කතා ඕනේ...

    ReplyDelete
  3. මලයා මලයා මලයා....
    මලයා තමා මලයා.
    තවත් මල්ලීගේ කතා ඕනේ...

    ReplyDelete
  4. හෙහේ... අමුනල කරල බැලුවම ඒකෙත් ඇත්ත වගේ තමා :D

    ReplyDelete
  5. මල්ලි තමයි දවසකට හරි පුත්තරයා කියන්නේ !!!!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?