Tuesday 28 December 2010

නුඹට කියන වග නම්...

වාහනේ ඇතුලේ සීතලම සීතලයි. වෙනදට ඒ හීතල දරාගන්න බැරුව කෑගහන මං අද ගොළු වෙලා. උදේ ඉඳං සන්තෝසෙන් නුඹ එක්ක උඩ පැන ඇවිද්ද මං ඒක පාරටම ගොළු වෙලා. මටවත් හිත ගන්න බැරි තරමට මගේ හිත රිදිලා.විහිළුව දුර දිග ගිහින් නුඹ කෑගැසූ හැටි මට තාමත් මතක වෙනවා. කොහොම අමතක කරන්නද? හිතාගන්නවත් බැරි වෙලාවක උණු දෙයක්. "විහිලුවට නේ මං කිව්වේ, ඇයි මේ රණ්ඩු කරන්නේ?" මගේ සිත නුඹගෙන් විමසනවා. ඒත් ඒ සිතුවිල්ල වචන වලට පෙරලගන්න බැරි තරමට මගේ හිත රිදිලා. මගේ කට හඬ ඇහිලා මට තවත් දුක හිතෙවී. මං නිහඬවම ඔහේ බලාගෙන හිටියා.

දවල් කන්න යන වේලේ මට හිතුනා හිතේ දුක යනකම් ඉකි ගහ ගහා අඬන්න. ඒත් ඉතින් හිතේ හැටියට වැඩ කරන්න කොයින්ද ඉඩ. කොහොම හරි චුට්ටක් මාත් එක්ක හිනා වෙලා "මට සමා වෙන්න" කියනකොට. මට රටක් රාජ්ජයක් හම්බුනා වගේ. ඒ මං දිනුවා, නුඹ පැරදුනා කියල හිතල නම් නෙවෙයි. නුඹ මා හා අයෙත් හොඳින් කියන හැගීම හිතට ආපු නිසා. මට ගොඩක් සන්තෝස හිතුනා. එයින් පස්සේ මංහිටියේ ගොඩාක් සතුටින්. නුඹට දැනෙන්න ඇති මා වෙනදාටත් වඩා දොඩමලු උන වග.

ඒත් ඒ සතුට හරියට භුක්ති විඳින්නත් කලින් නුඹ ආයෙත් මාත් එක්ක තරහ වෙලා. අද නම් මහා අපල දවසක්. මට අද දවසට එහෙම අනන්ත වාරයක් හිතෙන්න ඇති. ලේන්සුවක් අරගෙන කඳුළු වලට හේදිලා ගිය නෙත් අදුන් පිහිදලා දැම්ම. මං මොකටද පෙන්නනේ මං ඇඩුව කියල, මගේ මුරණ්ඩු හිත මගෙන් අහනවා. දැන් ඉතින් රණ්ඩු උනා ඇති නේද? අනේ නුඹ ඇවිත් මා තුරුල කරගෙන "දැන් හැමදේම හරියි" කියනවනම්...නුඹට නොතේරෙන මගේ හිත අද රිදුනා හොඳටෝම..කවද හරි නුඹ ඒ සිත කියවනවානම් අපේ ජීවිත ඇත්තටම සුන්දර වෙවී..

2 comments:

  1. කාටත් ඔහොම තමා. මටත් කියන්න තියෙන්නේ අපේ ජීවිත ඇත්තටම සුන්දර වෙවී..

    ReplyDelete
  2. මාත් ඔය අත්දැකීම ලබලා තියෙනවා. එයා කොච්චර වැරදි උනත් පිලිගන්නෙ නැතුව රන්ඩු වෙනවා. අන්තිමට රන්ඩුව නවත්තගන්න ඕනෙ හන්දම මම වැරද්ද පිලිගන්නවා.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?