Wednesday 22 December 2010

"~~නවක ගුරු සුහද හමුව~~"

ඔන්න අද හා හා පුරා කියල අපේ අලුතින් උපාධිධාරී ගුරු පත්වීම් හම්බුනු ගුරුවර ගුරුවරියන්ගේ සුහද හමුවක් තිබුන. පත්වීම් ලැබිලත් වැඩි කාලයක් නැති නිසා, මේක තමයි අපේ පළමු හමුව. හමුව තිබුනේ නුවර. ලංකාවේ හැම දිසාවෙන්ම ගුරුවරු මෙයට සහභාගී වෙනවා කියපු නිසා, කොළඹ හා අවට අය කතිකා කරගත්ත කෝච්චියේ මේ ගමන යන්න.

කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්න තිබ්බේ උදේ 7 ට. කාගේ කාගේත් හැටි දන්නා අමරේ අය්ය හැමෝටම උදේ 6.30 වෙද්දී කොටුව ස්ටේෂමට එන්න කියල තිබ්බ. මාත් ඉතින් උදේ පාන්දරම ඇඳගෙන, කල්පනා කරා කොහොමද යන්නේ කියල. 138 බස් එකේ යන ඒක ලේසි උනත් මට හිතුන උදේ පාන්දර කෝච්චියෙන් කොටුවට යන ඒක ඊට වඩා ලේසියි කියල. ඉතින් අපේ නඩේ ගුරාට දුරකථන ඇමතුමක් දීල, මං එන විදියත් කිව්වා. මොකද ඉතින් කෝච්චිය නුගේගොඩට 6.10 ට එනවා කිව්වට ඕව ඉතින් විශ්වාස නැනේ. ලංකාවේ කොච්චි නේ.  ඉතින් මං ගත්ත කොටුවට ටිකට් එකක්. මගේ තිබුණු කලබලේට තව පොඩ්ඩෙන් මං සල්ලි දීල ටිකට්ටුව කවුන්ටරේම දාල යනවා. කවුන්ටරේ හිටපු මනුස්සයගෙන් උදේ පාන්දරම නෝන්ඩියක් එහෙම කාල. මං හිමින් සැරේ ඇවිද්ද ප්ලැට් ෆෝර්ම් ඒක දිහාට. හිතුව වගේම කෝච්චිය චුට්ටක් විතර පරක්කුයි. ඒත් ඉතින් හොඳට ඉඩ තිබුණු නිසා ඒවා ගැන නොසිතාම මං නැගල වාඩි උන.

කෝච්චිය කොටුවට එනකොට 6.35 ට විතර ඇති. බැස්ස විතරයි අමරේ අය්ය දුරකථන ඇමතුමක් එහෙම දීල විමසුවා මං ඉන්න ඉසව්ව. තුනේ නේ ප්ලට්ෆොර්ම් එකට එන්න කියල, ඇත්තටම එයා හිටියේ 2. කොහොමහරි ඒ අවුලත් විසඳගෙන අපි නැග්ග කෝච්චියට. මං ඉතින් පිටිපස්සෙන් ගමරාලත් එක්ක පොඩි කයියක් ගහගෙන ඉන්නකොට, අපිට ඇහුන ඉස්සරහ පොඩි කලබලයක්. (ගමරාල කවුද කියල මං මීට කලින් කියල තියෙනවා. කියවල නැත්නම් මෙන්න) බලනකොට අපේ අමරේ අයය හයියෙන් හයියෙන් ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඉන්න මහත්තයෙක්ව අමතනවා.අමරේ අය්යා ඉතින් හරි චන්ඩියා දැන්. කොළඹ 7 නේ පදිංචිය.

අමරේ අයය: මේ අපිට වෙන් කරපු ආසන නේ මහත්තය!
මහත්තය: එහෙම වෙන්නේ කොහොමද? මේ අපේ ආසන
අමරේ අය්යා: ඒක වෙන්න බැනේ. මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.
මහත්තයා: පොඩ්ඩක් අයෙ ඔය ටිකට් ඒක බලන්නකෝ.
අමරේ අයය: ආහ් සමාවෙන්න මහත්තය. අපි මේ බලල තියෙන්නේ ආපහු එන ටිකට්. අපිට තියෙන්නේ බී එකේ.

කොහොමින් හරි අපි ඒ මනුස්සයගෙන් ගුටි නොකා බේරිලා ආවා. තව ටිකක් වෙලා ගියා නම් මොනවා වෙයිද දන්නේ නෑ.

කතාවේ හොඳම හරිය තියෙන්නේ ඊටපස්සේ..ඒ ටික පස්සේ ලියන්නම්...

7 comments:

  1. අමරේ අයියා තමා පොර... මදැයි ඔයින් ගියා............:D

    ReplyDelete
  2. අයියෝ ටීචර් රහ කරන්නෙ නැතුව ඉතුරු ටිකත් දැන්ම කියලා දාන්නකෝ !!!!! අමරෙ අයියා තමයි දවසකට හරි ඩයල් එක කියන්නේ !!!!

    ReplyDelete
  3. මේ සුදා.... ගනන් දාන්නේ නැතුව ඉතිරි ටිකත් පෝස්ට් කරන්න

    ReplyDelete
  4. කතාවෙ හොඳම හරියෙදි මතු සම්බන්දයි, මේක කොරන්න බෑ. මම ආයෙ එන්නෙ නෑ ඕං :-P

    ReplyDelete
  5. janani, meke hondama hariya thamai train ekata naginna isarawela amare ayya ticket check karala "ayyo,apita chathura ticket book karala thiyenne than dekakane ,katttiyakata B eke ,anith ayata F eke " kiyala pissuwak natapu eka

    ReplyDelete
  6. @සංජු: ඉතිරි ටිකත් ඉක්මනට පෝස්ට් කරනවා.
    @රංග: අය්යෝ! එහෙම කරන්න එපා. :)
    අන්නොනිමස්: මේ නම් ඉතින් අපේ සහෝදර ගුරුවරයෙක් වෙන්ට ඕනෑ. මං ඔය කතාව දන්නේ නැහැ නෙව. ඒකත් එහෙමද? නොදන්නා අයවලුන්ට: අපි යනකොට ගියේ 'බී' පෙට්ටියේ. එනකොට ආවේ 'එෆ්' පෙට්ටියේ. ඉතින් හිතාගන්නකෝ අමරේ අය්යට උනේ මොකක්ද කියල.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?