
හැබැයි ඉතින් පස්සේ කාලේ නම් අපි දෙන්නම, මල්ලියි මමයි දැනගත්තා තාත්තා තමයි මේ තෑගි ගේන්නේ කියල. එහෙම දැනගත්තට පස්සෙත් අවුරුදු දෙකක් විතරම නත්තල් ගහ හදන චාරිත්‍රය ගෙදර තිබුනා. පස්සේ කාලයත් එක්කම ඒක නැති වෙලා ගියා.
පස්සේ නත්තල සමරන මගේ ළඟ කෙනෙකුට හිටියේ මං වැඩ කරපු පත්තරේ කතෘතුමිය. එයාගේ නත්තල් ගහ හරිම අමුතු එකක්. ඒ වගේම හරිම ලස්සනයි. වේලුනු ලොකු අත්තකට සුදු පාට තීන්ත ගාලයි ඒක හදල තිබ්බේ. පුංචි පුන්චි කෑලි එල්ලලා, බල්බ් වැලක් දාල ඒක හරිම ලස්සනයි. අපි නත්තල් කිට්ටු වෙනකොට අනිවාර්යෙන්ම ඒ ගෙදර යනවා එයා නත්තලට හදපු කෑම කන්න.
නත්තල දැන් නම් අපිට විශේෂයක් නෑ නිවාඩු දිනයක් ඇරෙන්න,, ඒ උනාට
නත්තල සමරන හැමදෙනාටම සුභ නත්තලක් කියල ප්‍රර්ථනා කරනවා!!!
මමත් සුබ පතනවා හැමෝටම..
ReplyDeleteසුභ නත්තලක්!!
ReplyDelete