Wednesday 22 December 2010

"~~ෆොටෝ කොපි~~"

මේ සිද්ධිය වෙනකොට මං සේවය කලේ ලංකාවේ ජනප්‍රියම ජාත්‍යන්තර පාසැල ජාලයක අලුත්ම ශාඛාවේ. මම මෙහි පත්වීම ගන්නකොට මේ පාසැල පටන් අරන් අවුරුද්දක් විතර. එකම ඒක ගොඩනැගිල්ලක් විතරයි පාසලට තිබුනේ. ඒකත් පරණ ගෙයක් ප්‍රතිසංස්කරණය කරල හදපු එකක්. අරහෙන් මෙහෙන් වයර් අදාල, ගොඩනැගිල්ලට තව අලුත් කොටස් එකතු කරලා පාසලක පෙනුම දෙන්න උපරිම උත්සහ කරලා තිබ්බ. කතාව කියන්න කලින්, ඒ ඉස්කෝලේ මගේ කාර්ය භාරයත් කියල ඉන්නම්කො. මට පත්වීම ලැබුනේ ගණිත ගුරුවරියක් විදියට. නමුත්, අන්තිමට මා එයින් ඉවත් වනවිට මා හැම විෂයම පාහේ ඉගැන්නුවෙමි.

කොහොමහරි මේ සිද්ධිය උනේ මේ අවුරුද්දේ මුල (ඒ කියන්නේ 2010 පෙබරවාරි විතර). එක්තරා සඳුදාවක අපි ඉස්කෝලෙට එනකොට කලින් ආපු ගුරුවරු ඔක්කොම ඉස්සරහ එක් රොක් වෙලා ලොකු කතාවක්. මාත් ඉතින් පය ඉක්මන් කරලා ගිහින් ඒ කතාවකට සම්බන්ද උනා. බැලින්නම් සිකුරාදා රැ පාසලේ සංගීත කාමරය ගිනි අරගෙන. මුරට හිටපු කෙනා දැකලත් නෑ. සෙනසුරාදා වැඩට අපු කාර්යාල සේවකයෙක් දැකල තමයි ගින්න නිවල, සියල්ල යත තත්වයට පත් කරගෙන තියෙන්නේ. ගින්නෙන් ලොකු හානියක් නොවුනත්, සංගීත ගුරුතුමිගේ වටිනා පොත් පත නම් විනාශ වෙලා තිබුන. ඒ අතර ළමයින්ට දෙන සටහනුත් තිබිල තියෙනවා. දැන් ඉතින් දෙන්න සටහන් නැති නිසා, මේ ගුරුතුමිය ගිහින් අපේ විදුහල්පතිනියගෙන් අහල තියෙනවා මොකද කරන්නේ මේකට, සටහන් ටික මොකද කරන්නේ කියල. ඒවා කා ළඟ වත් තිබුණු ඒවත් නෙවෙයි, අපේ ගුරුතුමීගේ ස්වෝත්සාහයෙන් හදපු ඒවා.  ඒ නිසා නැවත සොයා ගැනීම හරි අපහසු දෙයක්.

විදුහල්පතිනිය ගත් කටටම කිව්වලු "ඔරිජිනල් ඒවා නැති උනාට කමක් නෑ ෆොටෝකොපි ටිකක් අරන් තියා ගන්න "කියල. ෆොටෝකොපි ගන්නේ මොනවයින්ද කියල තමයි ප්‍රශ්නේ...

5 comments:

  1. පුදුම විදුහල් පති වරු තමයි ඉන්නේ !!! හිකි හිකි හිකි නියම කතාව. දැන් ඇත්තටම චූටි ගුරුතුමී ඉස්කෝල කීයක උගන්වලා තියෙනවද ?

    ReplyDelete
  2. අනේ ඔව් අප්පා... කරන්න බැරි වැඩමයි හැමදාම කරන්න කියන්නේ

    ReplyDelete
  3. කෝච්චියෙ යද්දි බහින්න ඕනෙ තැන දන්නෙ නැති නිසා වෙන කෙනෙක් ගෙන් ඒ ගැන ඇහුවම බුවා කිවුවලු "අය්යෝ සිම්පල් මහත්තය, ඔයා බහින්න ඕනෙ මම බහින ඉස්ටේශමට කලින් එකේ" කියල

    ReplyDelete
  4. Dawask mama nangi kenek gen mehema ahuwa
    nangi me para kohetada yanne
    aiye oka digatama yanawa

    choi nangi

    ReplyDelete
  5. ගණිතය උගන්වන ගුරුතුමිය අනිත් එවත් උගන්නනවනම්...බුදු සරනයි.....නෑ මම කීවේ එහෙම ඉස්කොලෙක ලොකුතෑන අරම කතාවක් කීවා කියලා අව්ලකුත් නෑ වගේ

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?