Thursday 16 December 2010

~දහ තුන..!~

බ්ලොග් අඩවියේ 'dashboard' එක දිහා බලාගෙන ඉන්නකොට තමයි මම දැක්කේ, බ්ලොග් පොස්ට් 13 තියෙනවා කියල. දහතුන නපුරුයි කියනවනේ, ඔන්න ඉතින් තව මොනවහරි ලියන්න ඕනේ කියල හිතුන. ඔය දහතුන නපුරුයි කියල කියනකොට තමයි මතක උනේ, මාත් උපන්නේ දහතුන් වෙනිදාවකම තමයි. එතකොට මාත් නපුරුද? යාලුවොන්ගෙන්ම තමා අහල බලන්න ඕනේ.

ගමරාළගෙන් අහල බැලුවනම් අනිවාර්යෙන්ම ඔව් කියාවි. ගමරාල කියන්නේ මට මේ ලඟකදී මුණගැහුණු යාලුවෙක්. එයාගේ නම නම් ගමරාල නෙමෙයි, එත් කතා කරන්නේ ගමරාල කෙනෙක් වගේ. නගරේ හැදුනු වැඩුනු මට ඒ කතා විලාසයට මුලින් හිනත් ගියා. කොහොමින් කොහොම හරි මං ඒ කතා කරන විදියට කැමති. එයාම කියන විදියට නියම සිංහලයා. දැන් ඉතින් හැමෝම අහයි "ඇයි ඉතින් ඔය ගමරාල විතරක්ම ඔයා නපුරුයි කියන්නේ?" කියල. ඇයි දෙය්යනේ මං ජීවිතේ දන්නා සේරම නපුරුකම් කරලා තියෙන්නේ එයාට විතරනේ. ඇයි කියල නම් අහන්න එපා, මොකද එක ගොඩාක් දිග කතාවක්...

අදට ලිව්වා ඇති වගේ... :ද

2 comments:

  1. 13 ට නම් මොකුත් කියන්න එපා. මගේ ආසම ඉලක්කම 13 . :-)

    ReplyDelete
  2. නරකද පොඩි ටිචර් ගොඩක් දිග කතාව කොටස් වශයෙන් දෑම්මනම්,ඔබතුමිය කෑමතිනම් ඔයාගෙ බ්ලොග් 1කනම් එල මම අද ඔයගේ ඔක්කොම පොස්ට් ටික බෑලුවා,එල එල දිගටම ලියන්න....

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?