ඔන්න ඉතින් මං බ්ලොග් ඒක ලියන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදර අයට එහෙම මගේ සැහෙන්න චර්යා වෙනසක් පෙනිලා තියෙනවා. මේ හදිසි වෙනස් වීම ගැන ඉතින් හැමෝටම හරිම ප්‍රශ්නේ. ඒක ගැන එක එක අය කියපු කතා ටිකක් තමයි මේ..
තාත්තා: මේ යස අගේට හිටි කෙල්ලට මොකද උනේ? උදේ නැගිට්ට වෙලේ ඉඳං නිදාගන්නකන් කොම්පියුටරේ දාගෙන කොටනවා ඉවරයක් නෑ...
අම්මා: ඔන්න ඔහේ ඕන එකක් කරගන්න අරින්න, දැන් ඉතින් නිවාඩු කලේ නේ..
තාත්තා: ඒ උනාට හාමිනේ කෙල්ලට මොනවහරි ප්‍රශ්නයක් වත්ද දන්නේ නෑ. දකින්නවත් නෑ. ගිහිල්ල කතාකරාමත් කොටන ගමන්ම ඔලුව වනනවා..
අම්මා: තව ටික දවසක් බලමුකෝ..
_________________________________________________________
කොල්ලා: දැන් දවස කීපෙකට කලින් 25,000 කට බලු පැටියෙක් ඕනේ කියල යුද්දයක් කර නේද? දැන් මොකද සද්දයක් වත නැත්තේ? එපාද?
මම: නෑ එහෙම එකක් නෑ
කොල්ලා: මං මේ තැන් කීපෙකම බැලුව. බලු පැටව් හරි ගණන් නේ. ඔයා හොයන ජාතිය හොයාගන්නත් අමාරුයි.. මොකද කරන්නේ?.....මේ අහගෙනද ඉන්නේ?
මම: අනේ.. මේ මගේ බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් දාලා..
කොල්ලා: කොමෙන්ට් එකක්!!! මේ මොන විකාරයක්ද මේ? ............(දුරකථනය විසන්ධි වෙයි)
______________________________________________________________________
මම: හලෝ!
මිතුරා 1: මොකද ලෙඩ වෙලාද?
මම: ඔව් අනේ! තද හිසේ කැක්කුමක් හැදිලා. හරිම අමාරුයි
මිතුරා: ඒක තමයි කටහඬ එහෙම බොහොම මලානික වෙලා තියෙන්නේ.
මම: හ්ම්...
මිතුරා: පවු අනේ.. ඒක නෙවෙයි කොහොමද ඔයාගේ බ්ලොග් ඒක එහෙම?
මම: ආහ් ඒක නැගල යනවා. ඔය ඒක බැලුවද?එකට හරි ප්‍රතිචාර තියෙන්නේ. කොමෙන්ට් එහෙමත් වැටෙනවා..
මිතුරා: මේ බලන්නකෝ කටේ සද්දේ දැන්.. බ්ලොග් එක ගැන ඇහුව විතරයි,අසනීප ගතියත් නෑ. බොරුවද කොහෙද කරන්නේ!
_______________________________________________________________________
මිතුරා2: ජනනිට වැඩක් කිව්වා තම කරලා දුන්නේ නැනේ.
මිතුරා 3; එයා බිසී ඇති.
මිතුරා2 : මොන පිස්සුද උදේ ඉඳං රෑ වෙනකන් එයා gmail එකේ online ඉන්නවා. අර මොකක්ද බ්ලොග් එකක link දානවා මහා ගොඩක් FB එකේ.
මිතුරා3: කොහොම කරත් ඉතින් ජනනිගෙන් වැඩක් කරගන්න හරි අමාරුයි. මේ ලඟදි එයාගේ තාත්තත් කිව්වා ජනනිගෙන් වැඩක් ගන්න එයාට පගාවක් දෙන්න ඕනේ කියල.
______________________________________________________________
ආත්තම්මා: මොකද ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ නැත්තේ? කෝල් එකක් වත් දුන්නේ නෑ.
මම: නෑ ආත්තම්මේ මේ දවස වල මං හරිම බිසී. බ්ලොග් එකක් ලියනවනේ.
ආත්තම්මා: මොකක්ද ඒ අලුත් පත්තරේ? ඒ පාර ඔබ්සර්වර් ඒකෙන් අයින් උනාද?
මම: නෑ ආත්තම්මේ ඒක පත්තරයක් නෙවෙයි.
අත්තම්මා: එහෙනන්ග් මොකක්ද? මටත් කියල දෙන්නකෝ!
මම: නෑ මේ ඒක වෙබ් එකක්...වැඩක් ඇති දෙයක් නෙවෙයි..:)
(අත්තම්මාට ඊ- මේල් යවන්නට කියා දුන් දවසේ පටන් ම දැන් ඇයට කොම්පියුටර් කියා දෙන්නේ නැත.)
ඔන්න ඉතින් ඔහොමයි කතා ටික...
නියමයි නියමයි.......ලස්සනයි ඔයගේ බ්ලොග් 1ක..
ReplyDeleteඉඩ තියන වෙලාවක මේකටත් එන්නකෝ...
http://allsinhalaguitar.blogspot.com/
බ්ලොග් ලෝකයේ පොදු චර්යාව.....
ReplyDelete@බොහොම ස්තුතියි අනිවා එනවා.
ReplyDelete@දෙවෙනි: හ්ම්..හ්ම්..
ලස්සනට ලියලා තියනවා.දිගටම ලියන්න.අපිටත් ඔය රෝග ලක්ෂණ එහෙමම තියනවා.හික්ස්...
ReplyDelete@බ්ලොග්:බොහොම ස්තුතියි... :)
ReplyDeletenic 1...math dakka balu patiyek gana nm status yanwa...:)
ReplyDeleteනියමයි නියමයි !!!!! දිගටම ලියන්න !!!! වෙලාවකට මටත් ඔය ලෙඩේම තිබ්බා !!! දැන් නම් අඩුයි. වැඩ වැඩියි නේ.
ReplyDeleteකොල්ලට හොදටම මල පනින්න ඇති නේ. පව් අහිංසක කොල්ලා !!!
ඔය චර්යාව තවක් ටිකක් කල් ගිහාම මෙහෙම වෙන්නත් පුලුවන්.
ReplyDeleteතාත්තා : මේ නිදා ගන්නෙ නැද්ද?
මම : නිදා ගන්නවා
තාත්තා : කන්නෙ නැද්ද?
මම : කනවා
අම්මා : කන්න එන්න
මම : හා
අම්මා : කන්න එන්න
මම : හා
අම්ම : අක්කී එනවද?
මම : හා
තාත්තා : මම ඔය ලැප්ටොප් එක අල්ලලා විසි කරනවා.....
මම : #$%^&*(%$$%^&^#$%^&*()(*&^%$#@#$%
@sumudu: hmm... ballek hevva thama..
ReplyDelete@මධුරංග: ලෙඩේ ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ හරියන්න ඉඩ තියෙනවා. එත් උගන්නන්න තියෙන පීරියඩ් ගාන අඩු නිසා විශ්වාස නෑ.
@සංජු: ඔව ඔව මේක වෙන්න පුළුවන් :)
බ්ලොග් පටන්ගත්ත මුල් කාලේ නම් ඔය වගේ තත්වයක් තිබ්බා ඒත් දැන් නම් ඒක එච්චරම දැනෙන්නේ නැහැ. :-)
ReplyDeleteමමත් තාම මුල් අවදියෙ නිසා ඔයා රෝගෙ ඔහොම්ම මටත් තියෙනව. නැත්නම් මේ උදෙ 2.30am මොනව කරනවද හික්ස්
ReplyDelete