Friday 17 December 2010

~අතීතයේ දවසක -2~

මේකේ පලවෙනි කොටස මම ඊයේ ලිව්වා. මේ ලියන්නේ එකේ ඉතුරු ටික.

ඔන්න ඉතින් මං ප්‍රාර්ථනා කර කර හිටිය තාත්ත ඉක්මනට එන්න කියල. ඒ පන්තිය ඉවර වෙන වෙලාවක් තිබුනේ නෑ. මිස්ට ඇති කියල හිතෙනකන් කරලා ගෙදරට කෝල් එකක් දෙනවා එක්කරගෙන යන්න එන්න කියල.සමහරදාට දවසේ වැඩි හරියක් මම එහෙ.වෙනදට නම ගානක් උනේ නෑ, මං තනියම නිසා.

දැන් ඉතින් මිස් ඇවිත්, පොත් එහෙම බලනගමන් අර කොල්ලොන්ගෙන් අහනවා "මෙයාව අඳුරනවද?" කියල. හැමෝම මූණෙන් මූණ බලාගෙන හිනා වෙනවා. ඒ අතරේ මිස් මට එක එක කොල්ල අදුරලා දෙනවා. එතන හිටපු හැමෝම අඩුමගානේ අඩි ක් වත් උස ඈයෝ. හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම උසට හරියන්න මහතයි. මට පෙනුනේ යෝදයෝ රැලක් වගේ. මිස් ඉතින් තවත් ඒ අයව අන්දුරලා දෙනවා, මට එක වචනයක් වත ඇහෙන්නෙත් නැති ගැනයි. මං එතන හිටපු අයගෙන් යන්තම් හරි අහල තිබ්බේ එක්කෙනෙක් ගැනයි. එයා අපේ අම්මගේ ගුරුවරියකගේ පුතෙක්. එයා town එකේදී හම්බුනු හැමදවසේදීම මේ පුතා ගැන කිව්වා, හැබැයි ඉතින් ඒ කියපු විස්තරවල හැටියට මං හිතුවේ ඒ පුතාට අවුරුදු 5 ක් විතර ඇති කියල,මගේ වයසේ කියල හිතුවෙම නෑ. කොහොමහරි ඒ කොල්ල ගැන කියන කොට මං කිව්වා "ඔව මං අහල තියෙනවා කියල"

කොහොමහරි අන්දුන්වදීම ඉවර වෙනකොට යන්තම් එක කොල්ලෙක් කිව්වා "ඔව අපි දන්නවා,...." මොකක්දෝ මටත් තේරුනේ නැති කතාවක්. මට දැන් තවත් වැඩියෙන් දාඩිය දානවා. එතකොටම මිස් කිව්වා "අපි හැමෝම ඉතින් සහෝදර සහෝදරියෝනේ" කියල. මට මේ මොන විකාරයක් කියනවද කියල මං කල්පනා කර.

ඊටපස්සේ කොහොමහරි මිස් පාඩම පටන් ගත්ත. මට මිස් කියපු එක වචනයක් වත ඇහුනේ නෑ. මට ගෙදර යන්න ඕනේ වෙලා හිටියේ. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට දෙය්යෝ බලල වගේ තාත්ත කෝල්.

තාත්තා: පන්තිය ඉවරද?
මම: ඔව්, තාත්තේ දැන් ඉවරයි. ටක් ගාල එන්න,
තාත්තා: අද කලින් ඉවරද?
මම: ඔව් මිස්ට ගමනක් යන්න තියෙනවලු..
තාත්තා: ආ මං එන්නම් ඉක්මනට.
මිස්: තාත්තා මොකද කිව්වේ?
මම: දැන් එනවා කිව්වා. එයාලට ගමනක් යන්න තියෙනවලු.
මිස්. ඇත්තද? එහෙනං අපි ඉක්මනට මේ ටික ඉවර කරමු.

ටික වෙලාවකින් තාත්තා ආවා. මං මිස් ට වැඳලා එහෙම යන්න හදනකොට "ආයේ කවද්ද එන්නේ?" මිස් ඇහුව. "අම්මට කියල කොල් එකක් දෙන්නම් මිස්" කියල මං එලියට ආවා.

එඅයින් පස්සේ කවදාවත් මං ආයේ පන්තියට එහෙ ගියේ නෑ, කොහොමහරි මට සාමාන්‍ය පෙළ විභාගෙට "A"  එකක් තිබ්බ.
අර කොල්ලෝ ටික අයෙත් මට හම්බුනේ උසස් පෙළ කරන කලේ. ඊටපස්සේ ඒ අය මගේ ගොඩාක් හොඳ යාලුවෝ උනා. :D  ඒ කතා ඉතින් පස්සේ දවසක කියන්නම්..
මං ජීවිතේට මෙදා තරම් අපහසුතාවයට පත් උනේ නෑ කිසි දවසක.

9 comments:

  1. මන් හිතුවා කවුරු හරි විශේෂ කෙනෙක් එදා ආපු අය අතර ඉඳලා අඳුන ගත්තා කියලා :-D

    ReplyDelete
  2. කතාවේ එහෙම ටිකකුත් තියනවා. ඒ ටික ඉතින් මං හිතුව වෙන දවසක ලියන්න. එදා කතා කරපු එකම කොල්ල මාත් එක්ක තවමත් කතා කරනවා.. ;D

    ReplyDelete
  3. මමත් හිතුව අර අහල තිබුන කිවුව කොල්ල ගැන මීට වඩා කතාවක් තියෙන්න පුලුවන් කියල.

    ReplyDelete
  4. ඒ අහල තිබ්බ කොල්ලට වඩා එතන හිටපු වෙන කොල්ලෙක් ගැන නම් මීට වඩා ලොකු කතාවක් තියනවා.

    අහල තිබුන කිව්වා කොල්ල ගැනත් කතා තියනවා, ඒවා ලියන්න ගියොත් පුද්ගල අපහාසයක් වෙන්න ඉඩ තියන නිසා ලියන්නේ නෑ.

    ReplyDelete
  5. හා හා හොරේ දැනුනා.......... මදයි ඔයින් ගියා.........

    ReplyDelete
  6. හ්ම්...ලස්සන මතකයක්....

    ReplyDelete
  7. හ්ම්....ලියනකොට මටත් ඒක හිතුනා..

    ReplyDelete
  8. අතීතයේ සොදුරු මතක....දිගටම ලියන්න සහෝදරී....

    ReplyDelete
  9. @චතුර: එහෙමයි සහෝදරයා :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?