Monday 13 December 2010

අපේ අම්මා

කඳුළු දුටිමි මා
නුඹ ඇසෙන වැගිරෙන
අසිහියෙන් දඟලන 
එකම පුත් රුවන දැක දැක...
නුඹ ජීවත් වෙනවාම ඇති...
අම්මේ...

මේ ඉවසන තරමට..
මල්ලිගේ ගුටි බැට...
කවදා හෝ 
නුඹ බුදු වෙනවා 
සත්තයි...
අම්මේ...             

1 comment:

  1. අම්මේ.........
    මතකද..
    මම මුලින්ම ඉස්කොලෙට බාරදුන්න දවස?
    මාව ඇරලලා යනකොට
    පොලවෙ හැපි හැපී මම ඉකි ගගහ ඇඬුවා
    මතකද
    මම පහේ ශිෂ්යත්වෙ ඉහලින්ම පාස් උන දවස............??
    කාටවත් නොපෙන්නුවට
    නුඹේ ඇහිපිල්ලම් යට තිබ්බ
    පුන්චි කඳුලු බින්දුව
    මම දැක්කා....

    ගමේ ඉස්කෝලෙන් සමු අරන්
    කොළඹ ලොකු ඉස්කොලෙකට යන දවසේ....
    නුඹේ ඇස් තෙමුනා,
    මට අද වගේ මතකයි..

    හිතේ අකමැත්තෙන් හමුදාවට මාව භාර කරපු දවසෙ
    මාව බදාගෙන අඬපු හැටි
    මට තාමත් මතකයි අම්මේ..........
    කෙදිනක හෝ දිවි ගමනේ
    අබිසෙස් ලබාගෙන
    හිස පලන් රන් ඔටුනු
    නුඹෙ හිස රන්දවන දා.....
    වැඩි ඈතක නෙවෙයි
    මම තාමත් නුඹෙ පුන්චි පුතාමයි.........
    ඒත් නුඹනම් වීර මාතවක්

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?