Sunday 19 December 2010

~~"පශු සම්පත්"~~

මේ කතාව උනේ කැම්පස් එකේ අපේ යාළුවකුට. කැම්පස් එකේ විශේෂ උපාධි කරන අයව අවසාන වසර වලදී ආයතනික පුහුණුවට අදාල ආයතන වලට දානවා.
ඉතින් මගෙත් යාලුවෝ කීප දෙනෙක්ම ඔහොම පුහුණුවට ගිය. ඔතන හිටිය ගණිත විශේෂ උපාධි කරපු අයයි, සංඛ්‍යනය විශේෂ උපාධි කරපු අයයි.
ගණිත විශේෂ උපාධි කරපු ගෑනු ළමයෙක හිටිය රෝෂිනි කියල. රෝශිනිට හම්බෙලා තිබ්බේ "පශු සම්පත් ආයතනය" හරියටම කියනවනන් NLDB. ඕක දැනගත්ත සමීර කියල අපේ සංඛ්‍යානය විශේෂ උපාධි කරපු යාලුවෙක් ඇහුවලු
" ඈ බන් maths special කරපු එවුන්ට පස් ගැන බලන්න දෙන්නේ මොකද?" කියල. එය හිතල තියෙන්නේ පශු සම්පත් කියන්නේ පස ගැන පර්යේෂණ කරන ආයතනයක් කියල.

අදාල පුද්ගලයන්ගෙන් මට ගුටි කන්න වෙයිද දන්නේ නෑ ඔන්. එත් ඉතින් නම් ගම් මන:කල්පිතයි.

5 comments:

  1. කතාව කිව්වට පස්සේ චූටි ටීචර් බය උනාද මන්දා !!!!
    ඔයවගේ කතාවක් ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් කිව්වා වගේ මතකයි. පස්දුන් කෝරලේ කියන නම හැදුනේ පස් කපලා විකුනපු හින්දයි කියලා !!!

    ටීචර් ඉස්කෝලේ ගියාට කමක් නෑ ලියන්න හොදේ !!!

    ReplyDelete
  2. චූටි ටීචර් කාටවත් බය නෑ. ඔය කතාව ටිකක් ප්‍රසිද්ධයි අපේ කට්ටිය අතර. කතාව කියපු කෙනා ඒ දවස් වල හොඳට බයිට් උනා. මාත් එක දැනගත්තේ එහෙමයි.

    ReplyDelete
  3. අද ආවෙ නැති අයට මගේ දරුනු විරෝධය. මම උපවාස කරනව ඕං

    ReplyDelete
  4. ආවේ නැති කියල කිව්වේ, හමුවටද? රංග අය්ය එකට ගිහින් වගේ. එහෙනන්ග් කිව්වා නම බලන්න අපිටත් මොකද උනේ අද කියල?

    ReplyDelete
  5. ඒකට ගියාට මොකද හැංගිලා වගේ හිටියෙ. මම ලියන ඒවගෙ හැටියට ගෑනු ලමයි ටික සෙට් වෙලා කුඩ පාරවල් වත් දුන්නොත් කියල. යන්තම් මාරය, මුචලින්ද, ලිශාන් එක්ක කතා කරා. අනිත් අය නම් කවුරුත් එක්ක කතා කරන්න උනේ නෑ.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?