Thursday 23 December 2010

~~සොඳුරු සැන්දෑවක්~~"

රත් පැහැ ගත් අහස් කොණක
රටා මවන කුරුල්ලනේ
හෙන්දිරික්කා මල් සුවඳක් 
අරන් එන්න මද පවනේ...

නිල් මහනෙල් පුංචි කැකුළු
වඩින සඳට ආවඩනවා
තිත්ත පැටවූ ගග දිය මැද
සුරතල් කෙලිකම් කරනවා...

තුන් ඉරියා ටින් ටින් ගා
ගිලෙන රිවිඳු සනසනවා
පුංචි ළමෝ වැලිකෙලියේ
අවසන් තිත තියෙනවා...

4 comments:

  1. ලස්සනයි !!! දෙපාරක්ම කියෙව්වා

    ReplyDelete
  2. මේ බ්ලොග් එක කොහොමද මෙච්චර දවසක් මිස් උනේ කියලයි මේ කල්පනා කලේ..
    ලස්සන පද පෙල.. ජයෙන් ජය..

    ReplyDelete
  3. ලස්සනයි, ලස්සනයි,

    ReplyDelete
  4. @රවී: බොහොම ස්තුතියි!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?