Friday 24 December 2010

~~ගුරු හමුව - 3 ~~

මම දැන් කීප දවසක ඉඳං ගුරු හමුව ගැන ලියනවනේ. ඔන්න ඉතින් දැන් ලියන්න යන්නේ එකේ තව කොටසක්. මං දෙවෙනි කොටසේදී කිව්වා නේ, අපි මහා වැස්සේම නුවර ස්ටේෂමෙන් බැස්ස කියල. ඒ අස්සේ අපේ නාලක කොලුවා ගෑනු ළමයෙක් පෙන්න පෙන්න මොනවදෝ කියනවා. හරියට කථාව අහල බැලින්නම්, ඒ ගෑනු ළමය අපි සින්දු කියනකොට කන දෙකේ ඇඟිලි ගහගෙන ඉඳල. සින්දු එතරම්ම මිහිරියිද කියල මට හිතුන.

කොහොමහරි අපි ස්ටේෂමෙන් එලියට බැස්ස කියමු, බැස්ස වෙලේ ඉඳං අමරේ අය්යා වාහන වලින් ගණන් අහනවා, ඔන්න අපි යමු කියනවා. අපි අන්තිමට තීරණය කරා පොදු ජනයාගේ වාහනය, බස් එකේම පේරාදෙණියට යන්න. බස් එකකටත් නැගල, දැන් අපි කට්ටියම ඉදිරි ආසනවල වාඩිවෙද්දී, අපේ අමිල මලයයි, අකිල කොලුවයි අන්තිම සීට් එකේ වාඩිවෙලා අපිව අඳුරන්නේ නැති ගානට ඉන්නවා. හිනා උනාට හිනා වෙන්නෙත් නෑ. ඔන්න ඉතින් 'ගාර්ඩ්න්ස්' ගාවට ටිකට් එහෙම අරගෙන අදාළ තැනින් බැස්ස. බැස්සම තමයි අර දෙන්න වෙච්ච සිද්ධිය කිව්වේ.

එතන හිටපු ටිකක් වැඩිමල් කෙනෙක් අපි බස් එකට නැගල ටිකට් ගන්නේ කොහෙටද කියල කෑ ගහ ගහ ඉන්න කොට මේ දෙන්නට කියල, "මේ පිස්සෝ මේ මහා වැස්සේ  ඔය යන්නේ මල් වත්තට වෙන්න ඇති. දළදා මාලිගාවට ගිහින් මලක් පූජා කරා නම් මොකද වෙන්නේ" කියල.
අපේ දෙන්නත් "ඒක තමයි අන්කල්, පිස්සුනේ" කියල.
අපි බහින තැන ආවනේ, එතකොට මේ දෙන්නා කියල, "අපිත් ඔන්න ඔහේ ගැටඹේ වත් යනවා" කියල බැහැල ඇවිත්. ඒත් ඉතින් මන් කල්පනා කරා මේ දෙන්නා අන්තිමටම තමයි බැස්සේ, මොකද මේ පසු බැසීමට හේතුව කියලා.

මල් වත්තටත් ඔන් අපි ආවා. අපේ අනික් ඈයොත් ඇවිත් හිටියා. කෝච්චිය මිස් වෙච්ච සමිත මල්ලිත් ඇවිල්ල හිටිය. ඒ උනාට මහා වැස්ස. අපේ නුවර සාමාජිකයෝ කියනවා " ඊයෙත් පෑවුවා.මේ අද තමයි වැස්ස කියල" අපේ වෙලාව තමයි!! අපි ටිකට් අරගෙන ඇතුලට ගියත් ඉන්න තැනක නැති නිසා හරිම කරදරයක් උනේ. යාන්තම් කැෆටෙරියක් හොයාගෙන වැස්සෙන් බේරිලා ඉන්න කොට ඔන්න අපිට ආව අමරේ අය්යාගෙන් කෝල් එකක්.....

ඉතුරු ටික හෙට....:)

2 comments:

  1. මට තේරෙන්නෙ නැත්තෙ පේරාදෙණියෙ මල් වත්තට යන්ඩ ඔයාල නුවරට ගියෙ මොකද කියල, පේරාදෙණියෙන් බහින්න තිබුන නෙව,

    ReplyDelete
  2. පේරාදෙණියෙන් තමා බැස්සේ, මට ඉතින් එකේ ලොකු වෙනසක් තේරුනේ නැහැ. ඔය කියනකොට තමා මටත් එක වෙනස් තැන් දෙකක් නේ කියල ඔලුවට ආවේ.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?