Friday 24 December 2010

~~රැයක මහිම~~














තරු දරුවන් පිරිවරලා
සඳු කුමරිය හැඩවීලා
මහා රැඟුම් දක්වන්නට
නිශාචරයෝ සැරසීලා

කඩුපුල් සුවදින් මත් වී
තොසින් රඟන වවුලුහාමී
මහා සද්දෙන් මැදියම් රැ
කුලගෙට යනවා

රැහැය්යන්ගේ නඩු විභාග
බකමූණගේ විනිසුරු කම
කෑලි කපන ගණ අඳුරේ
කරන විකුම් දේ සතොසේ...

5 comments:

  1. ජනනිට හරි ලස්සනට ලියන්න පුළුවන්.හොඳ අදහස්.
    දිගටම ලියන්න. බැන්දට පස්සෙ නොලියා ඉන්න එපා.

    ReplyDelete
  2. "~ආදරණීය නවාතැන~" ලියන චූටි ටීචර් ටත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!

    ප. ලි. - කලින්ම සුබ පැතුවේ මං නත්තලට ගෙදර ගියාපුවාම අන්තර්ජාලේ හොයා ගන්නවත් නැති හන්දා !!!

    ReplyDelete
  3. @නිහාල්: බොහොම ස්තුතියි, ලියන එක නවත්වන්න නම් අදහසක් නෑ
    @මධුරංග: එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  4. මේක නම් මාර තරඟයක්. මමත් 3ක් ම දැම්ම ඔන්න

    ReplyDelete
  5. @රංග: අපොයි මගේ නම කිසිම තරගයක් නෑ. අයයා ලියන විදියට මං දිනන්න නම, දවසක් ඉඳගෙන බ්ලොග්ම ලියන්න වෙයි. :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?