Monday 13 December 2010

අපේ තාත්තා

උපන් දා පටන්...
කිසිඳු අඩුවක් නොකරම අපට  
හදා වඩා ගත්තා නුඹ 
පොඩි අසනීපයටත් 
හොඳටෝම කලබල වෙලා
නුඹ කරන සැලකිලි 
අමතක නෑ තාත්තේ...
මල්ලි නිසා විඳින දුක් ගින්න
ඔය දෑසට කඳුළු ගෙනා දවසේ...
මං හිතින් මැරුණා
තාත්තේ...

1 comment:

  1. කොච්චරනම් බැන්නත්....
    අපෙ සිතුවිලි හරස් උනත්
    නිවාඩුවට මම ගෙදර එනව කිව්වාම
    නුඹේ හිතේ ඇඳෙන සතුට නිමක් නැති වග
    මම දන්නව තාත්තේ......
    නිහඬවම ආදරේ පාන හැටිනම් අරුමයි
    නුඹ දන්නවාද.......................???
    මුලු ලොකේ ඉන්න හොඳම තාත්තා නුඹයි

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?