Monday 20 December 2010

~~බල්ලට ටිපි ටිප්~~

අද නම් මා දවසම බ්ලොග් ලියන්නට පටන් ගත්තොත් තාත්තා මා ගෙදරින් එළවනු නියතය. අද හැමදෙනාම ගෙදර සිටින නිසා ගෙදර ශ්‍රමදානයකි.  කොහොමින් හරි එයින් ටික වෙලාවකට වත්  ගැලවිලා ඔන්න මන් ආවා කතාවක් ලියන්න.

මේ කතාව උනේ අපි බණ්ඩාරවෙල ගිය වෙලාවක. අපි යනකොට ගෙදර නවත්තල යනවා වැඩට ඉන්න වයසක මනුස්සයව. එයා අවුරුදු 65 ක විතර පිරිමි කෙනෙක්. ගෙදර අතු පතු ගානවට අමතරව එයා වැඩිය ඉන්නේ එළියෙන් වාඩි වෙලා, නැත්තන් ටී. වී බල බල. මේ  ළඟදී දවසක අපේ අම්මයි එයයි ලොකු රණ්ඩුවක්. බලනකොට මෙයා අපේ ගෙදර අයටත් වැඩිය ටී.වී. බලලා. එයත් ඉතින් බැනුම් අහගෙන ඉන්න ලෑස්ති නෑ. කතා ගොඩයි ඉතින්.

අපේ ගෙදර ඉන්නවා බලු සුරතලෙක්. සුරතලෙක් කිව්වට ඇත්තටම සුරතලියක්. අපි කොහේ හරි යනකොට මෙයාට කෑම බීම දෙන එක හරිම ප්‍රශ්නේ. හුඟ වෙලාවට මම ගමන් යන්නේ නැතුව නවතිනවා මෙයා නිසා. මටත් යන්නම වෙනවා නම් අපි සුපර් මාර්කට් එකේ තියෙන බලු කෑම පැකට් අරගෙන කාට හරි දීල යනවා, මෙයාට වේලට දෙන්න කියල.

ඉතින් ඔය කියන සැරේ මේ සීයා හිටපු නිසා, එයාට බලු කෑම පැකට් එකකුත් අරන් දීල මමත් ගමනට සහභාගි උනා. අපි ගිහින් දෙවෙනි දවසේ අපේ තාත්තා ගෙදරට කෝල් එකක් දුන්න මෙයාගේ විස්තර අහන්න.

තාත්තා: හලෝ...
සීයා: හලෝ...කවුද ඔය කතා කරන්නේ? මහත්තය ගෙදර නෑ.
තාත්තා: මහත්තය තමයි මේ කතා කරන්නේ.
සීයා: මොන මහත්තයද? කිව්වනේ දැන්, ගෙදර මහත්තය නෑ.
තාත්තා: ගෙදර මහත්තය තමයි ඕයි මේ කතා කරන්නේ.
සීයා: ආහ් මහත්තය, අදුරගන්න බැරි උනා.
තාත්තා: කොහොමද? ප්‍රශ්නයක් එහෙම තියෙනවද?
සීය: නෑ මහත්තය.
තාත්තා: ඔහේගේ කෑම කොහොමද?
සීයා: ප්‍රශ්නයක් නෑ මහත්තය.
තාත්තා: බල්ලට කොහොමද? කෑම දුන්නද?
සීය: ඔව් මහත්තය. බල්ලට අර මහත්තය දීල ගිය ටිපි ටිප් පැකට් ඒකෙන් ටික ටික දෙනවා.
තාත්තා: හරි හරි. එහෙනන් අපි එනකන් ගේ බලාගෙන ඉන්නකෝ...

(ගේ බලාගැනීම කෙසේ වෙතත් මෙය ගෙදර අය ගැන විස්තර නම් කියනවා. අම්මගේ පණිවිඩයකට, අල්ලපු ගෙදරින් තියල ගිය, අම්මගේ පොත් වගයක් ගන්න අපු යාලුවෙකුට පාර හොයාගන්න බැරුව පාරේ එක්කෙනෙක්ගෙන් අහල, අහවල් තැන වැඩ කරන්න අයගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියල. අහම්බෙන් වගේ එයා ඒක අහල තියෙන්නේ අපේ ඔය සීයගෙන්ම තමා. එතකොට කියල මන් ඉන්නෙත් ඔය තැන වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදර තමයි හැබැයි එගොල්ලෝ නම් ගමනක් ගිහින් කියල. අම්මගේ යාළුවා දන ගත්තලු මේ නම් කියන්නේ අපි ගැන තමයි කියල. ඊටපස්සේ එය සීයාට කිව්වලු, එකට කමක් නෑ එහෙනන්ග් එයාලගේ අල්ලපු ගෙදර පෙන්නනකො කියල.)

__________________________________________________________________

12 comments:

  1. හි හි.. වෙලාවට මනුස්සයා ඒ ටිපි ටිප් කාලා නැත්තේ :D

    ReplyDelete
  2. ටිපි ටිප් කියල හිතල ඒ මනුස්සයත් කෑවද දන්නෙ නෑ බල්ලට දෙන ගමන්

    ReplyDelete
  3. මාරයි නේ. බල්ලො ටිපි ටිප් කනවද ? අර සියා කතා කරපු විදිහට ඔයාලගේ අප්පච්චිට කුසුම් විකසිත වෙන්න ඇති (මල පනින්න ) නේ ?

    ආහ් අද පෝ ය දවසේ ශ්‍රමදාන කරන්නේ නෑ කියලා ඔය ළමයා දන්නෙ නැද්ද ? පෝ යට බිං කොටන්නේ නෑ පොලවේ ඉන්න සත්තු මැරෙනවා කියලා. පෝ ය වල් වලට අපේ පැත්තේ ගොවියොත් කුඹුරු වලට යන්නේ නෑ වැඩ කරන්න.

    අප්පච්චි මෙන්නෝ චූටි ටිචර් ආයෙමත් බ්ලොග් ලියන්න ඇවිත් !!!!!!

    ReplyDelete
  4. @රංග: එක නම් කියන්න දන්නේ නෑ. යහතින් නම් ඉන්නවා.
    @මධුරංග: බල්ලෝ ටිපි ටිප් කන්නේ නෑ. බල්ලාගේ pedigree කෑම එකට ඒ සීය හිතල තියෙන්නේ ටිපි ටිප් කියල, එකත් බෝල බෝල නිසා.

    අපි ශ්‍රමදානය කරන්නේ ගේ ඇතුලේ. ගෙදර පොලිෂ් කරනවා. :ප

    ReplyDelete
  5. මෙන්න ටීචර් පෝය දවසෙ පන්සල් යන්නෙ නැතුව වෙන වැඩක්. මම නම් රජ මහා විහාරයට (ගෙදර ලඟ පබ් එකට) ගිහින් මහ නායක හාමුදුවො (පබ් එකේ අයිති කාරය) එක්ක අනුමෝදන් වෙලා (අනුමත වෙලා) ඉන්නෙ ඕං.

    ආගමට අගවුරව කොලා කියල නම් කියන්න එපා ඉතිං.

    ReplyDelete
  6. @රංග: මම පන්සල ගියා. එකේ කතාව රෑට දානවා කියල හිතාගෙන ඉන්නේ. :)

    ReplyDelete
  7. අනේ මංදා, දහම් පාසලක උප ප්‍රධාන අචාර්ය වෙච්ච මම අද ඉන්න විදිය (Social නම් නෙමේ, spiritual) ගැන ඇත්තටම ලැජ්ජයිත් එක්ක. ඒත් ජීවිතේ එක එක chapters තියෙනව ආඩම්බර වෙන්න පුලුවන් සහ ලැජ්ජ හිතෙන.

    ReplyDelete
  8. @රංග අය්යේ: ඔය ටික මට කලින්ම හිතුනා. ඒත් ඉතින් කියන්න ගියේ නෑ වැඩිය දන්නේ නැති නිසා. ඒත් ඔය බොන ජාතී මිනිස්සුන්ව පයට ඇදලා දානවා...

    ReplyDelete
  9. ඇත්තටම නොදැන වැරදි කරන අයට නම් සමාව දෙන්න පුලුවන් දන්නෙ නැති නිසා කියල. ඒත් දැන දැන වැරදි කරන අපි ? ලොකු ප්‍රශ්නාර්තයක් විතරයි ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
  10. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අය්යේ!

    ReplyDelete
  11. හ්ම්ම් ඒක නම් සහතික ඇත්ත. ප්‍රශ්නෙට මුල කරන්න බැරි කම නෙමෙ, උවමනාවක් නැතිකම.

    ReplyDelete
  12. හික්ස්! මරු කතාව

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?