Thursday 23 December 2010

~~ගුරු හමුව-2~~

දැන් කියන්න යන්නේ අර අපේ ගේට්-ටු-ගෙදර් හෙවත් ගුරු හමුවේ ඉතිරි කතාව. පලවෙනි ටික කියෙව්වේ නැති උදවිය මෙතනින් කියවන්නකෝ.

හැමෝම කෝච්චියේ තම තමන්ගේ ආසන හොයාගෙන ගිහින් වාඩි උනා. හැබැයි ඉතින් ඒ ආසන වල වැඩිම උනොත් පැය භාගයක් ඉන්න ඇති. මෙන්න හැමෝම මුහුනට මුහුණ බල තියෙන ඉදිරිපස ආසන වලට එක් රැස් උනා. ඔන්න දැන් තමයි නියම විනෝදෙ. අපේ අමිල මලයා ගිටාර් ගෙනත් තිබ්බ. ඉතින් එයා අපිට කිව්වා "ඔය ගොල්ලෝ ලෝකේ ඕනෑම බාසාවකින් තියෙන ඕනෑම සින්දුවක් ඉල්ලන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් මං දෙන්නේ මං දන්නා සින්දු පහෙන් එකක් තමයි" කියල. ඔන්න ඉතින් අපිට මාර හැපී. ඇයි ඉතින් අපිට සංගීතය තියෙනවනේ. මේ ගිටාර් එකේ විශේෂත්වය තමයි අපේ අමිල මල්ලිගේ දන්නා සින්දු පහ ඉවර උනාම ඊටපස්සේ ඒක අනෙක් පැත්ත හරවල බෙරයක් විදියට පාවිච්චි කිරීමට පුළුවන් වීම. කොහොමහරි අපේ ගමනේ අන්තිම හරියේ ඒක පාවිච්චි එහෙම තමයි.

 මේ අතරේ අපේ සමිත මලය ගෙන අව කෝල් එකක්. එයාට එන්න පරක්කු වෙලා කෝච්චිය මග ඇරිලා. අපේ අමරේ අය්යට හරි දුකයි ඉතින්. "ඔය කොල්ල ඊයේ ගොඩක් රැ වෙනකන් බෙරයක් හොයන්න ට්‍රයි කර." අමරේ අය්යට ඇඩේන්නත් වගේ. මොනවා කරන්නද? සමිතට බස් එකේ නුවරට එන්න කිව්වා. කොහොමහරි එයා අපිට කලින් නුවරට ගිහින් තිබුනා.

චතුර තමයි ගමනට හොඳටම ලෑස්ති වෙලා ඇවිත් හිටියේ. චාරිකා ගී කියල වෙනම පොතකුත් කඩෙන් අරන් ඇවිත් තිබුන. හැබැයි ඉතින් අපි කියපු සින්දු වලින් බොහෝම පොඩි ප්‍රමාණයක් තමයි ඒ පොතේ තිබුනේ. සමහර වෙලාවට අපි පොතේ සින්දුව හොයනකොට සින්දුව අනෙක් ඇය කියලත් ඉවරයි. ගමන ඔහොම වෙද්දී ටික ටික කඳුකරයට ලං වෙද්දී කෝච්චියේ වේගයේ අඩු වුනා. වැස්සත් එකට බල පෑවා. ඕකට අපේ අමරේ අය්යාගේ හේතුව තමයි "එන්ජිම තියෙන්නේ පිටිපස්සෙනේ එකයි" කියල. කොහොමහරි කෝච්චිය නුවරට එනකොට 10.30 ත් පහුවෙලා. අපේ වැඩේ පටන් ගන්න තිබ්බේ 9 ට. වැඩේට තැන විදියට තෝරාගෙන තිබ්බේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. අපිට ඉතින් තරු පෙනුනේ නුවරට වහින වැස්ස දැක්කම.

ඉතින් ඉතුරු ටික හෙට....

5 comments:

  1. ඒකනම් ඇත්ත අපට දෙසැම්බර් කියලා වෙනසක් නෑ පලු පැලෙන්න වැස්ස. මල්ටි ප(ර්)පස් ගිටාර් එකක් නේ තිබිලා තියෙන්නේ

    ReplyDelete
  2. මම දැක්ක Youtube Video එකක්. ඒකෙ ගිටාර් එකෙන් එකෙක් ලීඩ් ගහනව, ඒ ගමන් තව එකෙක් රිදම් ගහනව. තවත් එකෙක් ඒකට තට්‍ටුවක් දානව. එකම ගිටාර් එකේ. අහන්නත් දෙයක් නෑ ලංකාවෙ කොල්ලො ටිකක්. ලින්ක් එක හොයා ගත්තොත් දාන්නම්

    ReplyDelete
  3. ශාහ්! මේ පින්තූරෙ ජනනිට අමතරව තව මම දන්න කෙනෙක් ඉන්නව නෙ.

    ReplyDelete
  4. කවුද කියල කිව්වා නං? දැන් ඉතින් මටත් කුතුහලේ!

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?