Friday 17 December 2010

අපේ ගණිත පන්තිය ~~

"අතීතයේ දවසක්" කතාවෙන් පස්සේ බොහෝ දෙනෙකුට පොඩි ප්‍රශ්නයක් තිබ්බ, කතාව එච්චරද ඒ කොල්ලෝ ගැන වෙන කතා නැද්ද කියල. කතා නම් ගොඩාක් තියෙනවා. ඒ කොල්ලෝ හතර දෙනාගෙන් තුන් දෙනෙක් අපේ යාළුවොත් එක්ක ගොඩක් යාලු උන පස්සේ කාලේ. ඒ තුන් දෙනාම අපේ අයගෙන් පෙලවහක් එහෙම කරගන්නත් හිතන ඉන්නවා. ඒ කතා ඉදිරි දවසක් ලියනකම්,  මං හිතුව ඒ කතා ගොඩෙන් එකක් අද ලියන්න.

සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා උසස් පෙළ පන්ති පටන් ගන්නකන්, මේ අය ගැන කිසිම මතකයක් මටවත් මගේ යාලුවන්ටවත් තිබුනේ නෑ. මුලින්ම මේ අය අපේ යාලුවෝ විදියට අවේ අපේ සංයුක්ත ගණිතය පංතියකදී. ඒ කලේ හිටිය බොහොම ප්‍රසිද්ධ සංයුක්ත ගණිත ගුරුවරයකුගේ කුඩා කණ්ඩායම පන්තියකට යන්න මමයි මගේ යලුවොයි කතා උන. මගේ යාලුවෝ හිටියේ 4 දෙනයි, එතකොට අපේ අම්මට අම්මගේ ඉස්කෝලේ ගුරුවරියකුත් කියල තිබුන එයාගේ පුතාටත් (අර හතර දෙනාගෙන් මාව දන්නවා කියපු කෙනා ) පන්තියක්  හොයන්න කියල. මේ පන්තිය ගැන කිව්වම, ඒ ළමය කියල තිබුන එයයි එයාගේ යාලුවෝ 4 දෙනෙකුයි එනවා කියල.

ඔන්න ඉතින් ක්ලාස් එක පටන් ගන්න දවසත් ආවා. අපි ගෑණු ළමයි 4 දෙනා ගියා පන්තිය තියෙන තැනට, දැන් අර පිරිමි ළමය විතරක් ඇවිත් ඉන්නවා. මම නේ දැන් මේ පන්තිය සංවිධානය කරේ, ඒ නිසා මං පරණ තරහ පැත්තකින් තියල පොඩ්ඩක් කිට්ටු වෙලා ඇහුව "දැන් ඔයාගේ යාලුවෝ එන්නේ නැද්ද?" කියල. "නෑ අද එන්නේ නෑ, ඊළඟ දවසේ එයි කියල. " මාත් ඉතින් "හා " කියල පැත්තකට උන.

ඊළඟ දවසත් උන. එදත් මෙය තනියම. 'එදත් මං ඇහුව අද එන්නෙත් නැද්ද?" කියල. ඊටපස්සේ මෙයා කියනවා "නෑ. එයාල එන්නේ නෑ කිව්වා. මං විතරයි එන්නේ කියල". දැන් කොහොමහරි පන්තියේ ගෑණු ළමයි 4 දෙනයි, එක පිරිමි ලමයයි. සර්ත් මුල්ම දවසේ කොල්ල දිහා බලල පොඩි නොන්ඩි හිනාවක් එහෙම දැම්ම. පස්සේ අපිට ආරංචි උනා, කොල්ලව මේ පන්තිය නිසා හොඳටම බයිට් වෙනවා කියල. කොහොමහරි ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මේ පන්තිය හරිම විනෝදෙන් තිබුන.

මේ පන්තියේ සිදු වුනු රසවත් කතා නම් බොහොමයි. ඒවා ඉතින් පස්සේ හිමීට ලියන්නම්. අපේ අම්මයි, මේ පිරිමි ළමයාගේ අම්මයි අපි දෙන්නට පන්ති හෙව්වේ එකට නිසා අපි ගොඩක් පන්ති වල එකට ඉගෙන ගත්ත.

අපේ ගණිත පන්තිය ගැන කියනවනම්, පිරිමි ළමය පලවෙනි පාරෙන්ම ඉංජිනේරු පීඨයට ගිහින් දැන් 'Software Engineer' කෙනෙක්. තවත් ගැනු ළමයෙක් දෙවෙනි පාර  ඉංජිනේරු පීඨයට ගියා. අනෙක් තුන්දෙනමත් කැම්පස් ගියා.

15 comments:

  1. අන්න කොල්ලො :D බලන්න කොයි තරම් ධෛර්යයක් තියෙන්න ඕනද ඔයාලා වගේ කට්ටිය එක්ක ඉන්නම විතරක් :D

    ReplyDelete
  2. හත් ඉලවුවට ගහපු කලබර හත කිවුවලු... මට නිකමට හිතුණා ඕක ඔහොම වෙයි කියලා.. :ඩී....

    සජිත්

    ReplyDelete
  3. හික්ස්... ජොලිබර උසස්පෙළ... වැඩබර කැම්පස් ජීවිතය...

    ReplyDelete
  4. සහතික ඇත්ත!

    ReplyDelete
  5. තාම කතාවෙ වැදගත් හරිය ආවෙ නැහැනෙ. මේ කොල්ල නෙමේ අර "අනිත්" කොල්ල ගැනත් ලියන්න

    ReplyDelete
  6. ඒ කොල්ලා නම් පව් !!! පුදුම දුකක් විඳින්නේ !!! කොල්ලගේ ආත්ම ශක්තිය තමයි වටින්නේ. අන්න නියම කොල්ලො වටින්නේ. අන්න නියම කොල්ලො !!!!

    ජංජාල චාමරගේ කතාව නම් ඇත්ත තමයි කැම්පස් එකේ අවුරුදු හතර ගෙවා ගන්න බැරුව තාම ලත වෙනවා !!!

    ReplyDelete
  7. @රංග: ඒ කොල්ල ගැන එච්චරම කියන්න දෙයක් නෑ. එයා කරේ ජීව විද්‍යාව. ඒ නිසා එය ගැන අපි එච්චරම දන්නේ නෑ. එය ගැන ඉතින් එයාගේ අම්ම කියපු කතා තමයි දන්නේ. ඒ කතා වල හැටියට නම් මන් ඇත්තටම හිතුවේ මෙයාට අවුරුදු 5 ක් විතර ඇති කියල. පස්සේ තමයි දන්නේ මගේ වයස කියල.

    @මදුරංග:ඒ කොල්ල පවු නෑ. එයත් එක්ක හිටපු අපි තමයි පවු.

    ReplyDelete
  8. I think I know this "kolla"
    interesting!!

    ReplyDelete
  9. apitath thibba ganan panthiyak rasa katha godak thibuna.. :) e panthiye kello 2i kollo2i ... :)

    ReplyDelete
  10. @Din akka: :D I'm sure your guess is right.
    @Madushani: :D

    ReplyDelete
  11. anna ehema thama kollo inna oni

    ReplyDelete
  12. mamath second shy eke kello gansiyak madde thaniyama igena gaththa,,, ada eeye wenakan mama ahinsakai kiyala kello hithagena idala thiyenne....

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?