අද ඉතින් අවුරුද්දේ අන්තිම දවසනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම සතියේ දවස. ඒ නිසාම ඉස්කෝලෙන් දාලා තිබ්බා ගුරු හමුවක්. ඔන්න ඉතින් ගුරු හමුවේදී අපේ අලුත් විදුහල්පතිනිය එහෙම කතා කරා.ගුරු හමුව අවසානයේ අපි ඉතින් ගුරු වරුත් එක්ක කතා කරන්න එහෙම ගියා.
කලින් වාරේ ඉවර වෙන දවසේ මට එවල තිබුන සාමාන්‍ය පෙළ ගණිතය කරන්න කියල දන්වල එවල තිබ්බා. අපි ඉතින් අලුතෙන් ගිය උසස් පෙළ ගුරුවරුනේ. උපාධියත් කරලා, ඊටපස්සේ ආණ්ඩුවෙන් තිබ්බ විභාගෙත් පාස් කරලා, සම්මුඛ පරීක්ෂණ වලට එහෙම පෙනී හිටලා හම්බෙච්ච රස්සාවනේ. අපිටත් ඉතින් උණ. මං ඉතින් අරගල කරා මට සාමාන්‍ය පෙළ පන්ති වලට උගන්න බෑ කියල. අපේ අංශ භාර ගුරුතුමීත් මට සපෝර්ට් එකට කාර්යභාර නියෝජ්‍ය විදුහල්පති ගාවට ගිහින් මේ කතන්දරේ කිව්වා. එයා ඉතින් පොරොන්දු උනා එක ගැන හොයල බලලා මොකක් හරි කරන්න. ඒ කතාව එතනින් ඉවරයි.
අපේ සහකාර විදුහල්පතිතුමියක් ඉන්නවා, මගේ විෂයම උගන්වන. එය තමයි මාව මේ ඉස්කෝලෙට අරගෙන උගන්වන ඒවා ගැන එහෙම මට ගුරු හැරු කම දෙන්නේ.
අද ඉතින් මං ගියා එතුමියවත් හම්බෙන්න. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කතාව හැරුන වෙනම පැත්තකට.
මිස්:- දැන් ඔයාට වෙන පන්ති එහෙම දීල නැද්ද?
මම: 11 වසර දීලා තියෙනවනේ
මිස්:- ඒක හොඳයි. ඔයාට දෙන ඒවා බාරගෙන කරන්න ඕනේ. මං මුලින්ම ගියාම රසායන විද්‍යාවත් කරා. 8 වසර ගණිතයත් කරා. ඒවා ඉතින් හරි ප්‍රයෝජනයි.
මං ඉතින් ඔලුව වන වනා අහගෙන ඉන්නවා.
මිස්:- ඔයාව අනික අපි කොච්චර අමාරුවෙන්ද මේ ඉස්කෝලෙට ගත්තේ කරන පීරියඩ් ගැන අඩුයි කියල මාරු කරොත් එහෙම. එකයි මං ඔයාව 11 ට දාන්න කිව්වේ. ඔය ඉතින් එහෙ කලර්ස් පෙන්නන්න.
මං ඉතින් තව ටිකක් ඔලුව වනල හොඳයි කියල ආවා.මං කොයි වෙලාවෙවත් මේ මිස්ට කියල තිබුනේ නෑ මට 11 වසර කරන්න බෑ කියල. කවුරු හරි කියල මගේ අරගලේ ගැන.
මං ඉතින් හිතා ගත්තා ඔන්න ඔහේ කරන්න. :)
උණ නම් නගා ඉක්මනට හොද වෙයි. අපිටත් උගන්නන්න තිබ්බ උණ දැන් ගානට හොද වෙලා තියෙන්නේ. පද්ධතිය විසින් ම ඒවා ගානට සමනය කරනවා. නමුත් සමහර වෙලාවට විෂයන් කිහිපයක් කරන එක හරිම විනෝදජනකයි. එකම විෂය උගන්නල වෙන විෂයකට බැස්සම ළමයින් ට වෙනම විදිහකට සමීප වෙන්න පුලුවන්. අනික ඉංග්‍රිසි ටීච ඇවිල්ල බුද්ධාගම උගන්නලා ගිහාම ළමයින්ටත් ඒක අමුතු අත්දැකීමක්. හී....හී ඒක නිසා මම වරද්දන්නේ නැතුව රිලීෆ් වලට නම් යනවා :)
ReplyDeleteඒක නංගි ඔයාගෙ යුතුකමක් කියලා හිතන්න..... කොහොමත් බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ කෙල්ලො ටිකක් වලියට බරයි නොවැ....
ReplyDeleteකාගේ උනත් දරුවොනේ අප්පා.....
ඉංග්‍රීසි උගන්නන අවන්ති මිස්ගෙන් මම ගැන පොඩ්ඩක් අහලා බලන්න....
අනේ මංදා මම නම් දහම් පාසලේ ඇරෙන්න කොහෙවත් උගන්නලා නෑ. ඒත් මම කරන්නෙ වැදි බණ කියල තේරුන නිසා උගන්නන එක නැවැත්තුවා. හැබැයි අවුරුදු 2ක් විතර ඉගැන්නුවා.
ReplyDeleteනව වසරේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...සුහ නව වසරක් වේවා!
ReplyDeleteඅපොයි මට නම් උගැන්වීම මහ්මෙරකි ටික කාලයක් දහම් පාසලෙ ඉගැන්නුවට අදටත් දන්න දෙයක් වෙන කෙනෙකුට කියා දීම ඉතා අපහසු කෘනක්
ReplyDeleteමටනම් උගන්නන්නත් බෑ.... ඉගෙන ගන්නත් බෑ :DDDD
ReplyDeleteඅනේ පවු.. 11 වසරේ අහිංසක නංගිලා ටික.. :D දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද :D
ReplyDeleteසුහ නව වසරක් වේවා! 2011 11 පංතියේ කලර්ස් පෙන්නන්න ලබේවා! =D
ReplyDelete:) මොන දේ උනත් කරන දේ හරියට කරනව නං එච්චරයි.. ඊට පස්සෙ හිමීට ඔයාට ඕනෙ තැනට නිකංම ගිහින් තියෙයි..
ReplyDeleteමටත් A /L පන්තියි 6 & 7 ඉංග්‍රීසි, සිංහල, සිවික් කරන්න වෙලා. කරන්න දෙයක් නෑ. සද්ද නැතිව බාර ගත්ත .
ReplyDeleteButterfly thoughs වලට ගිහින් මේ බ්ලොග් එක හම්බ උනේ ඉස්සරහට දිගටම එන්නම්.
අක්කියේ teaching වලට ඔච්චරම ආසයැ
ReplyDeletewow miss this is awesome!! I never knew you were a journalist. That you right!! Really impressed I am!!
ReplyDelete