දැන් ඉතින් මං විස්තර හොයාගෙන ලිපිය ලියනකොට තාත්තා කිව්වා, අපිට විතරක් නෙවෙයි කොළඹ නගර සභාවටත් අයිති ටිකක් තියෙනවා. මෙන්න මේ නොම්බරෙන් අහවලාට කතා කරලා විස්තර දැනගන්න කියල.
මං ඉතින් ඔන්න ඔය අහවලාට කතා කර.
මම: මං මේ අහවල් පත්තරෙන් කතා කරන්නේ. ඔය අහවලාද කතා කරන්නේ?
අහවලා: ඔව් මම තමයි.
මම: මට mr. ගේ නොම්බරේ දුන්නේ අහවල් අධිකාරියේ mr......,මම ලිපියක් කරනවා මාර්ග සංඥා ගැන. මම අධිකාරියෙනුත් විස්තර ගත්තා, මට තව විස්තර ටිකක් ගන්න ඕනේ.
අහවලා: දෙන්නම්. මොනවාද දැන ගන්න ඕනේ.
දැන් අහවලා මගේ ප්රශ්න වලට උත්තර දෙන ගමන්, අපෝ අධිකාරියේ Mr....දන්නේ නෑ මොනවත්, කිය කියා මනමාල විදියට මාත් එක්ක කථාව. මාත් ඒක දැනුනේ නෑ වගේ ප්රශ්න අහල මට දැනගන්න ඕනේ ටික දැනගත්ත.
මම: මේ ලිපිය මෙන්න මේ දවසේ පත්තරේ පලවෙනවා, ඊට කලින් ප්රශ්නයක් තිබුනොත් මම කතා කරන්නම්.
අහවල: ඔයාගේ නමවත් කිව්වේ නැනේ.
මම:මං ජනනි අමරසේකර.
මම:මං ජනනි අමරසේකර.
අහවල: (හිනාවී) ඔයාට mr.......ගේ නමමනේ තියෙන්නේ. නෑයෙක්වත් ද?
විහිළුවෙන් ඇහුවා, මාව තව ටිකක් කතාවට අල්ලගන්න.
මම: ඔව් ඒ මගේ තාත්තා.
මිනිහා ටික වෙලාවක් කතා කරේ නෑ. ඊටපස්සේ අමාරුවෙන් හරි එහෙනම් මං තියන්නම් කියල තිබ්බ. එතකොට මිනිහගේ කට හඬ හොදටම වෙනස් වෙලා තිබ්බා. :)
ලයිට් එක කොල තිබිලා එක පාරටම රතු වැටුනම උගුර හිරවෙන එක අහන්නත් දෙයක්ද? හික්ස්!හික්ස්!
ReplyDeleteඔය ඉතිං ලැජ්ජ නැතුව මායමක් දෙකක් දාල තියෙන්නෙ :-P
ReplyDelete:D
ReplyDeleteපව් දෙය්යනේ..... පුටුව සෝදන්න උනාද දන්නේ නෑ නේද????
ReplyDeleteහික්! නියම කතාව...අහවලාට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් සිහිවෙන්න ඇති :D:D
ReplyDelete@Anjana:අනිවා!
ReplyDelete@රංග: නැතුව නැතුව! තියෙන ඒවා පාවිච්චි කරන්න එපැය
@මලින්ත: :)
@සංජු: ඒක නම් දන්නේ නෑ. වෙන්නත් පුළුවන්!
හසිත: :)
අර මනුස්සයගෙ ට්රැෆික් ඔක්කොම ජෑම් වෙන්න ඇති. හපොයි !
ReplyDeleteඅනේ මංද, සංජුගෙ කමෙන්ටුව දැක්කම ඉස්සෙල්ලම ඔලුවට ආවෙ වෙන දෙයක්. මම හිතන්නෙ ඒ කොල්ලො හිතන විදිය වෙන්ට ඕනෙ.
ReplyDeleteහික් :D මරු සීන් එක :D
ReplyDeleteපොඩ්ඩක් ඉන්න මං ඩෙස්මන් මොරිස් Naked Ape පොත කියවල ඉවරවෙනකං!
ReplyDeleteහොද වැඩේ ඒ මිනිහට. දන්නෙ නැති අයත් එක්ක ඕනවට වඩා ඇයි හොදයියට යනවට. මොනවා උනත් චූටි ටීච්ර්ගෙන් එලකිරි කතාව !!! :)
ReplyDeleteරංග රංග : හෑ .............!!!! වෙන මොනා හිතෙන්ටද????
ReplyDeleteමරු...
ReplyDelete