
නුඹ පැතුම් මල්
බිඳ දැමු...
කවිය මම
නෑසියන් අහිමි කල,
මිතුරු දම් බිඳ දැමු...
කවිය මම
සදාතනිකව නුඹ
ආදරය කල...
ප.ලි.: මා කවියට පෙම් බැන්දේ මා පාසල් යන කාල යෙදීය. එකල සිතේ ඇති සංකා සියල්ල කවියකින් කියා දැමීමට මා කැමති විය. මිතුරියක නිසා ඒවා පුවත් පතට දැමීමටද උනන්දු වීමි. ඉරිදා ලංකාදීපයේ ඒවා පළවුණු විටයැ මා දෙමාපියන් දැන ගත්තේ මා කිවිදියක බව. එදා පටන් මගේ ලිවීමට බාදක වැට කඩොලු බැදෙන්නට විය. එහෙත් මා කවියට ආදරය කල නිසාම ලිවීම ඇත නොහරියෙමි. මගේ පවුල මට අහිමි නොවී තිබුනේ මගේ වාසනාවටය. මා පුවත්වත් කලාවීදිනියක වූදා පටන් ඔවුන් තුල මගේ ලිවීම කෙරෙහි ඇති වූ අප්‍රසාදය බොහෝ දුරට අඩු විනි.
පත්තර නෝනා කෙනෙක් එහෙනං
ReplyDeleteමීට අවුරුදු දෙකකට කලින් නම් පූර්ණ කාලීනව පුවත් පතක වැඩ කරා. තාමත් ලියනවා, එත් නිදහස් මාධ්‍යවේදිනියක් විදියට!
ReplyDelete