
විනිසුරුවරුන් පැය ගානකට පසුව ඉතා වෙහෙස මහන්සි වී ජයග්රාහකයා පිළිබඳව තීන්දුවකට පැමිණ ඇත. ඔවුන්ගේ තීරණයට අනුව තරගයේ ජයග්රාහකයා වන්නේ දෙසැම්බර් මාසය පුරාවට පොස්ට් 59 ලියු ජනනිය.
රංග ලියා ඇත්තේ පොස්ට් 57 ක පමණි.
මේ පිළිබඳව අදහස් දක්වන රංග කියා සිටින්නේ "ජනනිට මගේ සුභ පැතුම්! ඒ උනාට මං පැරදුනේ නෑ. මං අනු ශුරතාවය දිනාගත්තා"
මෙම තරගයේ අනු ශුරතාවයක් ලබා දෙන්නේද යන්න විනිසුරු මඩුල්ල යථා කාලයේදී තීරණය කරනු ඇත.
අප මහජනතාවගෙන් තරගය පිලිබදව අදහස් විමසු විට ඔවුන් තම අදහස් ප්රකාශ කලේ මෙසේය.
වයර් මාරුවූ තාක්ෂණික බ්ලොග් ලියන්නෙක්
මල කෝලං! ඕය වගේ තරග හොනද්යි වැඩ නැති අයට. මම නම් අවුරුද්දට 50 ක් වත් ලිව්වේ නෑ.
නිතරම හිනාවෙන්නට අඩගහන බ්ලොග් ලියන්නෙක්
ඔය තරගේ නිසා අපිට තමයි මල වාතෙ... ඇයි ඉතින් එකක් කියවලා ඉවර වෙලා වැඩක් කරන්න හදනකොට රීඩර් එක අළුත් වෙලා.. ආයෙ යන්න ඕන කියවන්න.... මීට පස්සෙ ඔය දෙන්න දවසකට එකකට වඩා වැඩියෙන් ලියලා තිබුනොත් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ...
තනිකමට බ්ලොග් ලියන්නෙක්
මමත් ඒක තමයි පහු ගිය කාලේ බැලුවේ, කියව ගන්න බැරි තරමට පොස්ට් දානවනේ
පූසන් සමාගමේ බ්ලොග්ලියන්නෙක්
දෙන්නාටම අපේ සුභ පැතුම්! අපේ නං වාර්තාව මාසෙට 20 යි. මේ දෙන්නා දවස් 3 න් එක කැඩුවනේ
සිතේ කල්පනාවන් ලියන බ්ලොග් ලියන්නෙක්
මොනවා නැතත් දෙන්නටම සුබ පතනවා! අර කලින් කිව්වා වාගේ අපට තමයි කරදරේ ඇයි එකක් කියවලා ඉවර වෙද්දී තව එකක් දානවනේ
කෙසේ හෝ ජයග්රාහීකාවගෙන් අදහස් විමසීමට අප ගත් උත්සාහය නිෂ්පල විය. ඇය බ්ලොගොරියාවට බෙහෙත් ගන්නට රෝහලට ගොස් සිටියාය. මෙය ලියන වේලාව වන තුරුත් ඇය පැමිණ සිටියේ නැත. රෝහලෙන් කල විමසුමකදී අපට දැනගන්නට ලැබුනේ ඇයගේ රෝගය උත්සන්න වී ඇති බැවින් නේවාසික ප්රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි.