මෙය මා ලියන පුවත්පත් ලිපියක් වෙනුවෙනි...
ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි.
එහෙත්, පිරිමි ළමයා තම මිතුරන් සමග රිසි සේ කාලය ගත කරයි. සම්බන්ධතාවය ඇරඹු පසුවත් ඔහු වෙනසක් නොමැතිව මිතුරන් ඇසුරු කරයි.
කෙදිනක හෝ, එම සබඳතාවය බිදුණු පසු ගැහැණු ළමයා කිසිදු මිතුරියක නැතිව තනිවෙයි. පිරිමි ළමයාට එතරම් බලපෑමක් ඇති නොවේ.
මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? මෙම සිද්ධිය සත්‍යද? එසේ වන්නේ ඇයි? ඔබේ අදහස් පළ කිරීමේදී සම්පුර්ණ නම, ඔබ කරන රැකියාව හෝ අධ්‍යාපනය ලබන ස්ථානය, දළ වශයෙන් වයස සඳහන් කරන්න.
ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි.
එහෙත්, පිරිමි ළමයා තම මිතුරන් සමග රිසි සේ කාලය ගත කරයි. සම්බන්ධතාවය ඇරඹු පසුවත් ඔහු වෙනසක් නොමැතිව මිතුරන් ඇසුරු කරයි.
කෙදිනක හෝ, එම සබඳතාවය බිදුණු පසු ගැහැණු ළමයා කිසිදු මිතුරියක නැතිව තනිවෙයි. පිරිමි ළමයාට එතරම් බලපෑමක් ඇති නොවේ.
මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? මෙම සිද්ධිය සත්‍යද? එසේ වන්නේ ඇයි? ඔබේ අදහස් පළ කිරීමේදී සම්පුර්ණ නම, ඔබ කරන රැකියාව හෝ අධ්‍යාපනය ලබන ස්ථානය, දළ වශයෙන් වයස සඳහන් කරන්න.
අර්ධ වශයෙන් සත්‍යයි. ඒත් පිරිමි ළමයා පවා යාලුවොත් එක්ක ගත කරන කාලය සීමා කරනවා.
ReplyDeleteහැබැයි සම්බන්ධය නැවැත්තුනාට පස්සෙ පිරිමි ළමයාට යාලුවො උදව් කරන්නෙ ඔහු තමන් එක්ක හිටපු හින්දාම නෙවෙයි. ඒ පිරිමි ළමයින්ගෙ හැටියක්.
ඔය සිද්ධිය හැමතිස්සේම ඔය විදිහටම වෙන්නේ නෑ. ඔය ලියලා තියන සිදුවීම විරුද්ධ පැත්තටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සිදුවීමේ ගැහැණු ළමයාට වෙන දේ පිරිමි ළමයාටත් වෙන්න පුළුවන්.
ReplyDeleteඅක්කා ගැහැණු කෙනෙක් විදිහට ඔහොම ලියයි. මම පිරිමි කෙනෙක් විදිහට ඕකේ අනිත් පැත්ත ලියයි. අපි දෙන්නම හරිත් නෑ වැරදිත් නෑ. මොකද ඒ සිදුවීම් දෙකම සමාජයේ සිද්ධවෙන නිසා. ඒ වගේම පැහැදිලි හේතු දක්වන්නේ නැතුව වැඩිපුරම මේ සිදුවීම වෙන්නේ ගැහැණුන්ට හෝ පිරිමින්ට කියලා කියන්න බෑ.
ආදරේ නැති වුනා කියලා ජීවිතය නැති කරගන්නේ කෙල්ලෝ විතරද? නැත්තම් අපිට නිකම් හිතුනා කියලා කියන්න පුළුවන්ද ආදරේ නැති වුනාම ජීවිතය නැති කරගන්න බහුතරය පිරිමි කියලා. ඒ වගේ දෙයක් පත්තරේක ලියනවානම් හොයා ගත්තු තොරතුරු තියෙන්න ඕනේ අපි කියන කතාව ඇත්තක් කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ.
අක්කගේ කතාව කියෙව්වාම මගේ ගොං..... ආ නෑ පූස් මොලේට ආව දේවල් තමයි ඔය.
මේ කතාව යම්තාක් දුරට සත්‍ය නමුත් මෙහිදී පිරිමි ලමයාගේ පැත්තෙනුත් යම් සාධාරනයක් විය යුතුය. ඒ කිම්දයත් තනි අතකින් අත්පුඩි ගැසිය නොහැකි බැවිනි. ආදර සම්බන්ධතාවයක් නැති උනාම ඒකෙන් වෙන සියලුම හානිය ගැහැනු ලමයාට විතරක්ම අයිති නොවේ. ඒකෙන් පිරිමි ලමයටත් යම් බල පෑමක් ඇතිවේ.
ReplyDeleteඒ කියන්නේ ඒ දුක පිරිමි ලමයාටත් අදාලයි. නමුත් ගැහැනු ලමයින්ට පිරිමි ලමයින්ට වඩා දුක දරාගෙන ලෝකයට මුහුන දෙන්න පුලුවන් ශක්තියක් ස්වාබාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ දුක වැඩි කාලයක් නොගිහින් දුරු කර ගන්න ගැහැනු ලමයි සමත් කම් දක්වනවා. නමුත් පිරිමි ලමයින්ට ඒ දුක නැති කරගන්න ටිකක් වැඩි කාලයක් ගතවන අතර. සමහරට දුක තුනී කර ගැනීමට මත්පැනට පවා ලොල් වීමට පුලුවන. තවත් අතලොස්සක් ජීවිත පවා විනාශ කර ගනී.
නමුත් ගැහැනු ලමයින්ට මේ කිසිදු දෙයක පිලිසරනක් නැතිව දුක් විද දරා ගැනීමට පිලිවන.
තව එක කාරනයක් පැවසිය යුතුය. ආදර සම්බන්ධතාවයක් පටන් ගත් පසු පිරිමි ලමයාගේ මුලු ලෝකය ගැහැනු ලමයා වන පිරිමි පාර්ශවයක් ද සිටින බව අමතක නොකල යුතුය. විහිලුවට ආදර කරන, ආදරය මුවාවෙන් විවිධ වාසි ලබා ගන්නා පිරිමි/ගහැනු දෙපාර්ශවයම සිටින බවද අමතක නොකල යුතුය.
ගොඩක්ම වෙලාවට චූටි ටිචර් කියපු දෙවල් සිද්ධ වෙන්නේ බොලද විදිහට ආදරය කරන ගැහැනු ලමයින්ට කියලා තමයි මට හිතෙන්නේ. ආදර කියලා කියන දේ ගැන හරි වැටහීමක් නැති උනාම ඔහොම දේ සිද්ධ වෙන්න පුලුවන්. නියම විදිහට ආදරය කරන ගැහැනු ලමයෙක් කවදාවත් යාලුවන්ව අත අරින්නෙත් නෑ, පෙම්වතාවම මුලු ලෝකය කර ගන්නෙත් නෑ.
මේ සියලු දේ මගේ පෞද්ගලික මත වන අතර හරි හෝ වැරදි සිදු වීමට පුලුවන. චූටි ටීචර් ලිපිය ලියනවිට පක්ශග්‍රාහි නොවි මධ්‍යස්ථව ලියන්න. එතකොට දෙපැත්තෙන්ම හරි වැරදි ලියන්න පුලුවන්.
චින්තක මධුරංග
පරිගනක ඉංජිනේරු දෙපාර්තුමේන්තුව
ඉංජිනේරු පීඨය
පේරා දෙණිය විශ්ව විද්‍යාලය
පේරාදෙණිය
සමාවෙන්න ඕන...මට යක්ෂයා නැග්ගා..මේක දැකලා..
ReplyDeleteඔහොම නොවුන එක තමයි මට හෙනේට හිටියේ එච්චරයි...
නම ගමනං දන්නවනේ..
ඕකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන්..
ReplyDeleteහැබැයි සම්බන්ධතාවයක් බිඳ වැටුනහම පිරිමි ළමයට එතරම් බලපෑමක් ඇති නොවේ කියන දෙය නම් කොහෙත්ම පිළිගන්නේ නෑ(මම)
කතාව ඇත්ත වෙන්න පුලුවන්...
ReplyDeleteමම පලමු ආදරයෙ දි හැම මොහොතම සිතුවෙ ඇය ගැන පමනයි......ඉන් පසු ඇතිකරගත්ත සම්බන්ද කම්වල ඔය කියන කතාව ඇත්ත...
මගෙ අවසාන ලවු 1ක අවුරුදු 2ක් ම අන්තර් ජාලයෙන් පම්නාක් සිදුවිය... එ අපි දෙදෙනා රටවල් 1කක නිසා.. දවසෙන් වැඩි හරියක් අපි ඔන්ලයින් හිට්යෙ...
මම මුලින්ම ඇයව ලයිවු දැක්කෙ අපි දෙන්නගෙ විවාහයට ලංකාවට අපු වෙලාවෙයි... දන් අපිට පුන්චි දුවකුත් ඉන්නව...
සමහර අය විස්වාස කරන්නෙත් නැ...
නම මගෙ ප්‍රොෆයිල් කෙ තියනව..
රැකියාව : විදෙශගතයි
වයස :33
ම්ම්ම්ම්ම්ම්....මේක් ඇත්ත....
ReplyDeleteතාවකාලික අත්දැකීම් සහිතයි...
ඒත් කෙල්ලට ආයේ ඒ සබදතා ගොඩ නගා ගන්න ඉක්මනට පුලුවන්...
මම මිස්ටර් රත්ගම
කැම්පස් බලාපොරොත්තුවෙන් සිමි
රත්ගම හන්දිය
මම අදයි මේ බ්ලොග් එකට ආවේ.මටනම් ප්‍රේමය ගැන මහලොකු අත්දැකීම් නැ.තවම ප්‍රාතමික මට්ටමේ ඉන්නේ.නමුත් පොඩි අදහසක් දෙන්නම්.
ReplyDeleteමෙහෙමයි,මට හිතෙන විදිහට ගැහැනු අය පිරිමිඅය මත යැපෙනවා.යැපෙනවා කියන්නේ පිරිමිඅය ගෙන් ආරක්ශාවක් බලාපොරොත්තු වෙනවා.උදාහරනයක් විදිහට ගැහැනු ලමයෙක් කුඩා කාලයේ තමන්ගේ පියාගෙන්,සහෝදරයාගෙන් ඒ රැකවරනය බලාපොරොත්තු වෙනවා.විවාහ වුනායින් පස්සේ තමන්ගේ සැමියාගෙන් ආරක්ශාව බලාපොරොත්තු වෙනවා.
වයසට ගියහම තමන්ගේ පුතාගෙන් රැකවරනය බලාපොරොත්තු වෙනවා.
පිරිමි ලමයෙක් සමග ආදර සම්බන්ඩයක් පටන්ගන්න කලින් මිතුරියන් ආශය කරාට( ඒකත් ආරක්ශාවටම තමයි,toilet ගියත් තව ගැහැනු ලමයෙක්ව ඇදන් යන්නේ) ප්‍රේමයක් පටන් ගත්තට පස්සේ ඒ ආරක්ශාව තවදුරටත් අවශ්ය නොවන නිසා තමයි ඒ ආශ්‍රයෙන් ඇත් වෙන්නේ.නමුත් ප්‍රේමයක් නිසා තමන් කුඩාකල සිට එකට ආශ්‍රය කල යාලුවන්ගෙන් ඇත්වීම අනුමත කරන්න බැ.
ප්‍රේමය වෙලාවකට මහ වදයක් වෙනවා.බුදුහාමුදුරුවොත් ඒකනේ "ප්‍රේමතී ජායති සෝකෝ" කියලා දේශනා කලේ.
ඕක හැමෝම කියනවා වගේ ප්‍රත්‍යාවර්ත දෙයක් තමයි. එක කොටසකට කියලා වෙන් කරන්න බෑ. ඒ දේ මම කියන්නේ අවුරුදු 8 ක නොබිඳුණු ආදරයක අත්දැකීම් ඇසුරෙන්! ඔයා කියලා තියෙන දේ කාටත් පොදු දෙයක්, නමුත් ඒක දකින්න පුළුවන් වෙන්නේ මධ්‍යස්ථව බැලුවොත් තමයි ඉතින්...
ReplyDelete…
…ශ්‍රි ලංකා සබරගමුව වි. වි.
…බෙලිහුල්ඔය.
…
මේ සිදුවීම සාපේක්ෂයි..දෙපාර්ෂවයටම මේ දේ වෙන්න පුලුවනි..
ReplyDeleteමම ගැන විස්තර ගූගල් අයියා දන්නවා...
ම්... හැමෝටම ඕක ඔය විදිහට වෙන්නේ නෑ නේද? සමනලී එයාගේ අයිතිකාරයාට ආදරේ කරන්න ගත්ත මුල් කාලේ යාලුවෝ එකපාරට එහෙම දාලා එන්න බැරි කමට හිර උනා. ඒත් අයිතිකාරයා මුල්ම කාලේ ඉදන් එයාගේ යාලුවෝ සේරටම වඩා මුල් තැන සමනලීට දුන්නා. ඒක අදටත් නොවෙනස්ව තියෙනවා... දැන් සමනලීත් එහෙමයි
ReplyDeleteපිරිමියෙකුට තම පලමු පෙම කිසිදිනක අමතක කල නොහැක..
ReplyDeleteගැහැනියකට තම අවසන් පෙම කිසි දිනක අමතක කල නොහැක..
අපි දන්නේ ඔච්චරයි ...
මේක සැමවිටම සත්‍යයක් නෙමෙයි. මේකෙ අනෙක් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා. මොකද ඒ වගේ අත් දැකීම් විඳපු මගේ යාලුවො ඕන තරම් ඉන්නවා.
ReplyDeleteමම මේ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා.
වයස 25
මගේ බ්ලොග් එකට මේ දැන් වැටුන කමෙන්ට් එකක් අක්කාගේ ලිපියට වැදගත් වෙයි කියලා හිතුවා
ReplyDeletehttp://sudupoosa.blogspot.com/2011/01/blog-post_16.html?showComment=1297621950598#c3302163090235258325
ආර්ටිකල් එකක් ලියනව නම් දෙපැත්තම සමබර වෙන්න ලියන්න.. මොකද කෙල්ලොන්ට සාමාන්‍යන් හැමදේම තමන් හරි විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නේ.. ඔයා එහෙම හිතන්නේ නැතුව සමබරව ලියන්න..
ReplyDeleteමේ කියන සිදුවීම ගැහැනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් අතර ඇතිවෙන ආදර සම්බන්ධයේ "වර්ගය" අනුව සිදුවෙනව කියලයි මම හිතන්නෙ. වර්ගය කියන එකෙන් මම අදහස් කලේ දෙදෙනාම ඇත්තටම එකිනෙකාට ආදරය කරනවද එහෙමත් නැත්නම් එක්කෙනෙක් විතරක් ආදරය කරද්දි අනිත් කෙනා බොරුවට ආදරය කරනවද එහෙමත් නැත්නම් ඒ ආදර සම්බන්ධය හුදෙක්ම යම්කිසි අවශ්්‍යතාවක් මත (බත් ලවු, ටියුට් ලවු, එහෙමත් නැත්නම් අවුරුදු දෙක තුනකින් ඉවරවෙන හුදෙක් ශාරීරික අවශ්්‍යතාවක් මත ඇතිවන ලවු එකක්) ඇතිවූවක් විතරක්මද යන්නයි.
ReplyDeleteආදර සම්බන්ධතා බිඳීයාම නිසා සිදුවන සියදිවි නසාගැනීම් හෝ එක් අයෙක් විසින් අනිකා ඝාතනය කිරීම වැනි සිදුවීම් බොහෝ දුරට සිදුවන්නෙ හුදෙක් ආදරය ඒකපාර්ශවික වීම නිසා බව මගේ පුද්ගලික අදහසක් පමනයි.
ආදර සම්බන්ධතාවක් අවසාන වීමෙන් පසුව ඇතිවන සිදුවීම්, එනම්
- සියදිවි නසාගැනීම්
- ඝාතනය කිරීම්
- පෙම්වතියගේ නිරුවත් පිංතූර හා දෙදෙනා අතර ඇතිවූ ඉතා පුද්ගලික හැසිරීම් වල වීඩියෝ දර්ශන අන්තර්ජාලය වැනි මාධ්්‍යයන් තුලින් මුදාහැරීම
- "ඒකි බඩුව බං, උඹලටත් ඕනෙනං ටිකක් ට්‍රයි කලොත් **** පුලුවං" වගේ අවර ගනයේ ප්‍රචාර
වැනි සිදුවීම් වියහැකියි.
නමුත් එසේ ශෝකාන්තයක් නොවන අවස්තාවන්ද තිබිය හැකි බව මා පුද්ගලිකව විශ්වාස කරමි.
ආදර සබඳතාවක් ආරම්භවීම මත තමන් ඇසුරුකරන අනිකුත් මිතුරු මිතුරියන් වෙතින් දුරස්වීම සිතාමතාම හෝනොදැනුවත්වම සිදුවිය හැක. උදාහරනයක් ලෙස බොහොමයක් පිරිමි ලමුන් තමන්ගේ පෙම්වතිය ඇයගේ පිරිමි මිතුරන් සමග මිත්‍ර සම්බන්ධතා පවත්වනවාට තදින්ම අකමැති බව සියල්ලෝම දන්නා කරුනකි, එවිට ඇයට ඇයගේ සියළුම පිරිමි මිතුරන්ගෙන් වෙන්වීමට සිදුවේ.
නමුත් කිසිදු මිතුරෙක් හෝ මිතුරියක් නොමැතිවන තරමට මිතුරු මිතුරියන් අතහැරීම මාගේ පුද්ගලික අදහසට අනුව නම් ඔවුන්ගේ පෞරුශත්වය හා බැඳුන කරුනකි. බොලඳ වීම හෝ අසරන වීම වෙනකාගේවත් වරදක් නොව හුදෙක් අදාල පුද්ගලයාගේම දුර්වලකමකි.
මම : දුලිප් සිකුරාජපති
වයස අවුරුදු 34යි. විවාහකයි.
රැකියාව: තත්ව සංරක්ශක නිලධාරී
ඕක ඇවිල්ලා මනෝවිද්‍යාත්මකව ගෑනු පිරිමි විශ්ලේශනය කොරලා හිතල බලන්න ඕන කාරණයක්.....
ReplyDeleteඔන්න මන් වැඩි හොදට බස් එකෙයි බුකියෙයි පබ්ලිසිටියක් දුන්නා........
වයස 14 ක් විතර කාලේ හිතෙන් ලව් කරපුවත් ගණන් ගන්නවද? විහිලුවට එහෙම ඇහැව්වෙ.
ReplyDeleteසොරි, සමීක්ෂණයට උදව් වෙන්න විධියක් නැහැ, අවශ්‍ය අත්දැකීම් නැති නිසා. ඇටෙන් පොත්තෙන් එනකොටම පටන් ගත්ත ලව් එකෙන් කවදාවත් ගැලවෙන්න බැරි වුනා. නම, රැකියාව, වයස ඒ නිසා අවශ්‍යත් නැතුව ඇති. ඒත් ඔහෙ කියල දාන්නන්. නම දන්නවනෙ ඉතින් "ඔබ්සර්වර්" කියල, ඉස්සර බස් වල වැඩ කලේ දැන් කෝච්චි වල වැඩ කරන්නේ. වයස 58 ට ඔන්න මෙන්න. මේ පට්ට නාකින්ගෙන් ලව් ගැන අහල වැඩක් තියෙනවය්.
නම: රචින්ත ජයවර්ධන
ReplyDeleteවයස: 23යි
කරන්නේ: ඉගෙන ගන්නවා වගේ දෙයක් (උපාධි කඩේකින්)
ඕක මහම මහා ගොන්ම ගොන් ප්‍රශ්නයක් මට තේරෙන විදියට. ගෑනු ළමයෙක් ඒ විදියට ආදරේ කරනවනම් එක්කෝ පිරිමි ලමයගේ පැත්තෙන් ප්‍රෙෂර් එක වැඩියි. එහෙමත් නැත්තන් එයා එයාගේ මුලු ජීවිතේ ඇතුලෙම පිරිමි ලමයව පාලනය කරන්න හදනවා වෙන වැඩ ඔක්කොම නවත්තගෙන. මම ඒ වෙනුවෙන් ගන්න තීරණේ ඒ ආදරේ නවත්තන එක. එහෙමත් නැත්නම් ඇත්තට වෙන්න ඕන විදිය තේරුම් කරන එක.
ඒ වගේම හැම කෙල්ලෙක්ම ඔය විදියට ආදරේ කරන්නේ නෑ. ආදරේ කියන්නේ ඕක නෙමෙයි නිසා, ඒක තේරුම් ගත්ත උනුත් ඉන්නවා. ජය වේවා!
ඕක මහ stereotypical අදහසක්.. විශේෂයෙන් ගෑණු ලමයි අතර තියෙන. සම්බන්ධයකට වැඩියෙන්ම කැපවෙන්නෙ ගෑණු ලමයි කියල හිතුවට පිරිමි පැත්තෙන් ඕකට වෙන කැපවිල්ල දන්නෙ ඒ පැත්ත විතරයි. පිරිමි ලමය යාලුවො එක්ක රිසිසේ හැසිරෙනවා කියන්නෙ මගෙ අත්දැකීම් අනුව මහ බොරු අදහසක්. ස්වාභාවයෙන්ම නිදහස් පැත්තට ගමන් කරන්න ඉන්න පිරිමි තමයි සම්බන්ධයකට හිරවෙලා ලොකුම කැප කිරීම කරන්නෙ. මේකට සාක්ෂි දෙයි සම්බන්ධකම් තියෙන මගේ යාලුවො හැමකෙනෙක්ම.
ReplyDeleteසම්බන්ධයෙ බලවත්කම හොඳටම test කරන්න ඕනෙනං විතරක් පිරිමි ලමයෙක්ට තමන්ට රිසිසේ හැසිරෙන්න පුලුවන්. හැබැයි ඉතිං කුණාටු මුහුදක් තමයි එතනින් පස්සෙ. දවස් දෙකකට සැරයක්වත් රණ්ඩු.
හැබැයි ඔය කිසිම දෙයක් 100%ක් කිසිම පැත්තකට අදාල නැහැ. මම කියන්නෙ බහුතරයක් ගැන.
ඇත්තටම මට වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත
ReplyDelete|
|
|
"ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි."
බොරුනේ...... එයාට ඉක්මනට clss ඉවරඋනහම. එන්න කිවත් යාලුවෝ එක්ක කියවල කියවල තමි එන්නේ. මම පැය 4-5 ඉදල තියනවා.