Wednesday 9 February 2011

වෙන්වීම...

ගිනි ගෙන දැවී
හද මැදුර.....
දවා හළුවී ගිය කල
මහා වැස්සක් විත්
සෝදා හළේය
අන්තිම අළු ටික...
අවසානයේ....
මම තනිවීමි.......

12 comments:

  1. ගිය මුත් සේදිලා වරුසාවට හසුව..
    ඉතිරිව තිබු මන්දිරයේ අළු මතක..
    ඒ සැම අතීතයෙ ගිණූමට එකතු කොට..
    නැවතත් බින්දුවේ සිට අරඹනු හැකි නොවෙද..

    ReplyDelete
  2. බිදී සුනු විසිනුව
    ගිය හද කොටස්...
    කිසි දා නොවේවි එකලස්‌..
    තනන්නට කරන වෑයම්
    තව තවත් රිදවාවී...
    බිඳුණු හදවතට...

    ReplyDelete
  3. lassana kawiyak.
    ayyo.......! Ms dan mata 19k.(april walata) so mama 18ta wadine.........
    sry Ms ada iskoole enna bar unata.mata ada saneepa nathi una.
    baya wenna epa mis monawa kiyewwath mama narak wenne na................

    ReplyDelete
  4. Thank u alot ms ma gana hithuwata.........

    ReplyDelete
  5. දැන් මමද දුශ්ටයා ගෑනු ලමයි නරක් කොරන?

    ReplyDelete
  6. නරක් වෙන්නේ නැත්නම් කමක් නෑ. හැමදේම කියවනවානේ....:)

    ReplyDelete
  7. අළුත් සේදී ගියා නම්..
    තවත් ඉරිව ඇද්ද කිසිවක්..
    එකලස් කරන්නට..

    එසේ ඇති බව හැගේ නම්..
    නොම පවසන්න කිසිවිට..
    සේදී ඇතයි සැම දේ..

    ReplyDelete
  8. මොකෝ චූටි ටීචර් එකපාරටම උනේ ???? මේක කවියක්ම මිස අත්දැකීමක් ලෙස සිතන්නට සිත් නොදේ !!!!! එය එලෙසම නොසිතේවා !!!!

    ReplyDelete
  9. මොකැයි මේ.. විරහවට බැහැලා..

    ReplyDelete
  10. දාව ගිය අලු වලින්
    උපදියි
    ෆීනික්ස් කුරුල්ලාත්..
    අලු ගසා
    නැගිටින් සොයුරියේ
    වෙර අරන් අපෙත්

    ReplyDelete
  11. අඳෝමැයි, කිමෙක් නම් අලකලංචියක් වීදැ? හුදෙක්ම සිතිවිල්ලක් පමණක්ම නම් යෙහෙකි.

    ReplyDelete
  12. Nushi: Of course! oyala hamoma mage daruwo!
    රංග: මම දැන් එහෙම කිව්වද?
    මාරයාගේ හෝරාව: හ්ම්ම්...එකත් ඇත්ත!
    මධුරංග, සිරකරුවා, පිනිබිදු, නවම්මාවත: :)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?