Thursday 10 February 2011

තනිය...

තනිය සැපයි
එක්වී විදින දුකට වඩා...
අසන්නට කෙනෙක් නැත...
බලන්නට කෙනෙක් නැත...
අද මා පමණි...
ම ලෝකය කරකවමි
රිසි පරිදි...
යකා කළු නැත
සිතු තරම්....

9 comments:

  1. ඇත්තටම තනිය සැපද.....ඒක ඇත්ත නෙමේ නේ අක්කේ...

    ReplyDelete
  2. තනිකම නරක නැත..
    එය විදිනට හැකිනම්..
    යකා කළුත් නැත..
    ඔබ අප සිතූ තරම්..

    ඒ මුත් පැය දෙකක්
    විද තනියේ සරදම්..
    කියනට හැකිද
    එහි ඇති තතු කර විපරම්..

    ReplyDelete
  3. "තනිය සැපයි
    එක්වී විදින දුකට වඩා..."
    සහතික ඇත්ත!

    ReplyDelete
  4. කළු නැත ...කලු නැත

    ReplyDelete
  5. අපෝ තනිකම සැපක් නෙමේ!!!! ඒක මහම මහා දුකක් !!!!!

    ReplyDelete
  6. තනිකම සැපක් කියන්නෙ කවදාවත් තනිකම අත්විඳල නැති අය,

    ReplyDelete
  7. තනිකම සැපක් කියල හිතෙන්නෙ සමූහයක් එක්ක ඉඳල හිත රිදුනම. කොහොම උනත් තනිය වෙලාවකට ඇත්තටම සැපයි, වගකීම් අඩුයි. හිතු මනාපෙට ජීවත් වෙන්න පුළුවන්. තනියට හේතුව විරහව නම් ඒක සැපයි ටික කාලෙකට විතරක්. හරියට හොරි කසනකොට සනීපයක් දැනෙනව වගේ. ඒ සැපම දීර්ඝකාලීනව දුකක්, හරියට කසල කසල තුවාල හැදිල වන උනාම දැනෙන වේදනාව වගේ. වනේ ඔඩු දිව්වොත් අතක් හරි කකුලක් හරි කපන්න වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  8. පොසිටිවු තින්කින්..... නියමයි......

    ReplyDelete
  9. මිනිසා යනු සමාජ සත්වයෙකි...

    විටක තනිකම සැපයකි
    විටක තනිකම දුකකි
    මේ දෙක තේරුම් ගත්තෝ
    හිතින් දුක් නොවිදිති

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?