Sunday 6 February 2011

ඉල්ලං මඩ කෑම....

අද ඉරිදා දවසේ මම ඉතින් පොතකුත් තියාගෙන උදේ ඉඳන්ම කියව කියව හිටියා. පොත කියවන්න පටන් ගත්තේ නම් ඊයේ. ඊයෙත් රෑ වෙනකම්ම කියවල අදත් කියවල තමයි පොත් ඉවර කරගත්තේ. මං ජීවිතේ කියවපු හොඳම කතාව කියලා මට හිතුනේ. එච්චරටම ලස්සනයි. ආදර කතාවක් නම් නෙමෙයි ඉතින්. ත්‍රාසජනක නව කතාවක්. කතාවේ නම "The Pelican Brief" ලියල තියෙන්නේ "John Grisham". පොත් කියවන කෙනෙකුට නම් මේ නම අලුත් එකක් නෙවෙයි.

 ඔහොම ඉතින් ඕක කියවලා ඉවර වෙලා සන්තෝසේ දරාගන්න බැරුව මං මුණු පොතේ status එකක් දැම්ම "John Grisham, I love you!" කියල. ඒක දාල විනාඩි 5 ක් ගියේ නෑ, මෙන්න මට මූණු පොතට පන්විඩයක් එනවා.  "අපෝ චාටර් කොට්ට මාරු කරනවා වගේනේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා මාරු කරන්නේ" කියලා. ඕක දැකල මට දැන් මැරෙන්න හිනා. මෙයා හිතල තියෙන්නේ John Grisham කියන්නේ මගේ කොල්ලා කියල. ඊටපස්සේ චැට් එකකින් ගිහින් නෝන්ඩියක් දැම්මම මෙයාට තේරුණා වැඩේ අවුල් උන කියල. 

"අපි ඉතින් කඩ්ඩ පොත් කියවන්නේ නැනේ. ඒ නිසා දන්නේ නෑ" කියලා ශේප් උනා. ඊටපස්සේ තමා හොඳම කතාව කිව්වේ. ඒක මන් කියනවට වඩා එයා කියපු එකම දැම්ම නම් හොඳයි කියල හිතුනා.

*****: ehenam oyage blog 1ke matath madak gahannako (එහෙනන් ඔයාගේ බ්ලොග් එකේ මටත් මඩක් ගහන්නකෝ)
මම : ane mang eke katavath mada gahanne na13:51    (අනේ මන් එකේ කාටවත් මඩ ගහන්නේ නෑ)
****: neththe ne (නැත්තේ නෑ)
apo (අපෝ)
mada kariyek wage (මඩ කරියෙක් වගේ)

ඔන්න ඉතින් මං එයාගේ ඉල්ලීම ඉෂ්ට කරා. නැත්නම් හොඳ නැනේ. :) ඔය සිද්දියෙන් පස්සේ මම status පොඩ්ඩක් modify කරලා අපහු දැම්මා. ඒකට එයා කමෙන්ට් කරලා තිබ්බා. :) :)

11 comments:

  1. අපොයි...හැම එකාටම මඩ් වදිනවා නේ...ඉතින් අපේ මලයා මට ගහපු මඩ මොකක්ද...වැඩි විස්තර සදහා බ්ලොගය බලන්න

    ReplyDelete
  2. මේ නංගි..
    අපිටත් මඩක් ගහන්නකෝ... ^('-')^
    :P

    ReplyDelete
  3. ඈ හර්ෂණ: මම එතකොට දැන් නංගිද?

    ReplyDelete
  4. ජන්දෙ කාලෙවත් මේ ත‍රම් මඩ එහා මෙහා උනේ නෑ......

    ReplyDelete
  5. අනේ මන්දා කවදා හැදෙයිද කියලා :D

    ReplyDelete
  6. ane kawuruwath mage blog kiyawanne nahane yaluwane eee makka nisada???

    ReplyDelete
  7. හපෝ කඩ්ඩ ..මමත් දුවනවා ..

    ReplyDelete
  8. John Grishamට ගොඩක් අය ආදරෙයි. මමත් ඉතින් එහෙන් මෙහෙන් ලයින් දානවා එයාට හිටපු ගමන්. (පොතක් එහෙම කියවපු වෙලාවට)

    ReplyDelete
  9. මට ඔය පොත කියවනවට වඩා හොදයි මලලසේකර ඩික්ශනේරිය පාඩම් කරන එක. වචනෙන් වචනෙට බලන්න එපැයි.

    ReplyDelete
  10. මෙහ් අපිටත් මඩක් ගහගන්න බැරිවෙයිද? :D

    ReplyDelete
  11. ඔන්න මමත් මූනු පොතේ ෆොටෝ වගයක් දාල ඉල්ලගෙන මඩක් ගහ ගත්තා

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?