Friday 11 February 2011

මඩයා...



මඩයා ඒ කියන්නේ අද කතාවේ කතා නායකයා කවුද කියල අපේ බස් පදින ජනතාවට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මඩයා හරි මඩ අය්යා හරි කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. මේ හාදය බ්ලොග් ලෝකේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. අවුලකට තියෙන්නේ මෙයාගේ යාලුවොන්ට හරිම වැඩ තමයි වෙන්නේ. මෙයාට නම් කිසිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා නෑ. ලිව්වොත් ලියන්නේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. එයා කියන විදියට නම් රහමෙර පානය නවත්තතන්නත් බැරි වෙලා තියෙන්නේ අපිට කියවන්න බ්ලොග් එකේ කතා ලියන්න කතා හොයාගන්න ඒ වගේ සෙට් වීම අත්‍යාවශ්‍ය නිසා.

ඉතින් කොහොමහරි මේ චරිතෙට අද පුදුම වැඩක් වෙලා. ලොකු දෙයක් නෙමෙයි ඉතින්. කවදාවත් කිසි දෙයක් වෙන්න නැති කෙනෙකුට ඉතින් පොඩි දෙයක් උනත් ඉතින් මදෑ. කොහොමහරි මේ පුද්ගලයා වෙච්ච සිද්ධිය කියලා ගූගල් බස් එකක් දැම්මම කට්ටිය like කරලත් තිබුනා.

දැන් ඉතින් අනං මනං කිව්වා ඇති. වෙච්ච දේ කියන්නම්කො. උදේ පාන්දර  නැගිටලා කාමරේ දොර අරින්න හදනකොට ලොක් එක කැඩිලා මඩ අයියා කාමරේ හිර වෙලා. උදව්වට යාලුවෙකුට කතා කරාම එය එන්නම් කියලා තියෙන්නේ 9 ට. මට ආරංචිය එනකොටත් 8 ට කිට්ටු කරලා මට මතක විදියට. අන්තිමට අපේ කතා නායකයා T.V . Series බල බල අමාරුවෙන් කාලේ ගෙවා ගත්තලු. පවු නේද? :)

8 comments:

  1. ජනනිට අර ශොපින් බෑග් කතාව ආරන්චි වුනේ නැද්ද?

    ReplyDelete
  2. නෑ නේ ඒ මොකක්ද අයියේ ඒ?

    ReplyDelete
  3. අනේයි..මගෙත් කට කහනවා බොලව්...
    විස්තරේ හොදම හරිය දැනගෙනත් මට කියන්න විදියක් නැති එකට...
    හයියෝ මං මොකට මූට පොරොන්දු දන්නද මංදා...
    නැත්තං අද තමයි හරියටම සේල ගැලවෙන්නේ...

    ReplyDelete
  4. ඔන්න ඔහේ කියල දන්නා අයියේ! පොරොන්දු නම් කඩවුණු පොරොන්දු කරන්න බැරියැ. අපි සේල ගලවමු මාරයියේ.

    ReplyDelete
  5. කවුද අප්පේ ඔය මඩ අයියා ? අර 'ක' යන්නෙන් පටන් ගන්න එකාද ? මාරම චාටර් වඩේ.

    ReplyDelete
  6. නෑ නෑ එයා නෙවෙයි.

    ReplyDelete
  7. හපෝ මහ ඌරො සෙට් එකක්නෙ, හොයන්නෙම මඩමයි. :)

    ReplyDelete
  8. ජනනි : මඩ ගැහුව වගේ නෙමේ. රිටන් එකත් ලැබෙයි. ;-)

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?