Monday 7 February 2011

ගාන අඩු කිරීම...

මේ සිදධිය උනේ මමයි අත්තම්මයි හාඩ්වෙයාර් ෂොප් එකකට ගිය වෙලාවක. අපි ගියේ යකඩ දැල් රෝලක් අරන් එන්න. මම නම් ඒ කඩේට ගිය පලවෙනි වතාව. අත්තම්මගේ කතාවෙන් නම් තේරුනා සැහෙන කලෙක ඉඳං ඒ කඩේ අය අඳුරනවා කියල.

අපි ඉතින් ගිහිල්ල එක එක ජාතියේ දැල් බලල අන්තිමට එක වර්ගයක් ගන්නවා කියල තීරනය කරා. ඊටපස්සේ අත්තම්ම කඩේ හිටපු මුදලාලි ගෙන් ඇහුවා "පුතේ, මේකේ ගාන කීයද?" කියල. මුදලාලි කිව්වා "අඩියක් 120 යි" කියල.

ඊටපස්සේ අපේ අත්තම්මා කියනවා "අඩු කරලා දෙන්න, තාත්තා හිටියා නම් හොඳටම අඩු කරලා දෙනවා" කියලා.

ඊටපස්සේ මුදලාලි කිව්වා "එහෙනම් 100 ගානේ දෙන්නම්" කියලා. අත්තම්මත් ඉතින් අඩි 10 ක් දැල් දෙන්න කිව්වා.

පස්සේ මං ලඟට ඇවිත් හීං සැරේ කියනවා "මෙයාගේ තාත්තා හිටිය නං සතයක්වත් අඩු කරන්නේ නෑ. මිනිහා කුණු ලෝබයා" කියල.

මම හිනාව තද කරගත්තේ බොහොම අමාරුවෙන්.


10 comments:

  1. හොද වෙලාවට තාත්තා නොහිටියේ. හිටියනම් තව වැඩි කරලා ගාන කියයි.

    ReplyDelete
  2. අත්තම්මගෙන් තමයි එහෙනම් මිණිපිරිත් පුරුදු වෙලා තියෙන්නේ.....

    ReplyDelete
  3. ෂික්.. මේකිට මේ කතා කොහෙන් එනවද මන්දා.. :D අනිත් දවසේ මටත් දෙක තුනක් දෙන්න බැරිද?? :D

    ReplyDelete
  4. එහෙනම් සුවර් එකටම පුතා තාත්තාට වඩා වැඩ්ඩ වෙන්න ඇති. 100 එක 120 කියලා ආයේ 100ටම දෙන්න ඇත්තේ ආයේ කතා දෙකක් නෑ :D

    ReplyDelete
  5. හප්පේ ආච්චි එහෙමනං..මිණිපිරී..
    බුදු අම්මෝ මීට පස්සෙනං උපරිම කල්පනාවෙන් කතා බහ කොරන්න ඕන...

    ReplyDelete
  6. මරු අත්තම්මා. :D

    ReplyDelete
  7. අඩු කරන්නම් කිව්වෙ දැල් රෝලෙ දිගද දන්නෑ

    ReplyDelete
  8. ඔය හැටහතරෙන් එකක් දාල තියෙන්නෙ ආච්චි !

    ReplyDelete
  9. 64 ඉගෙන ගන්න ඕනෙ කිවුව නේද? අත්තම්මගෙන් ඇහුව නම් කියලදෙයි

    ReplyDelete
  10. මරු කතාවක්...
    ආච්චිටම හරියන මිණිපිරියෙක් වගේ

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?