අද ඉරිදා දවසේ මම ඉතින් පොතකුත් තියාගෙන උදේ ඉඳන්ම කියව කියව හිටියා. පොත කියවන්න පටන් ගත්තේ නම් ඊයේ. ඊයෙත් රෑ වෙනකම්ම කියවල අදත් කියවල තමයි පොත් ඉවර කරගත්තේ. මං ජීවිතේ කියවපු හොඳම කතාව කියලා මට හිතුනේ. එච්චරටම ලස්සනයි. ආදර කතාවක් නම් නෙමෙයි ඉතින්. ත්‍රාසජනක නව කතාවක්. කතාවේ නම "The Pelican Brief" ලියල තියෙන්නේ "John Grisham". පොත් කියවන කෙනෙකුට නම් මේ නම අලුත් එකක් නෙවෙයි.
ඔහොම ඉතින් ඕක කියවලා ඉවර වෙලා සන්තෝසේ දරාගන්න බැරුව මං මුණු පොතේ status එකක් දැම්ම "John Grisham, I love you!" කියල. ඒක දාල විනාඩි 5 ක් ගියේ නෑ, මෙන්න මට මූණු පොතට පන්විඩයක් එනවා. "අපෝ චාටර් කොට්ට මාරු කරනවා වගේනේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා මාරු කරන්නේ" කියලා. ඕක දැකල මට දැන් මැරෙන්න හිනා. මෙයා හිතල තියෙන්නේ John Grisham කියන්නේ මගේ කොල්ලා කියල. ඊටපස්සේ චැට් එකකින් ගිහින් නෝන්ඩියක් දැම්මම මෙයාට තේරුණා වැඩේ අවුල් උන කියල.
"අපි ඉතින් කඩ්ඩ පොත් කියවන්නේ නැනේ. ඒ නිසා දන්නේ නෑ" කියලා ශේප් උනා. ඊටපස්සේ තමා හොඳම කතාව කිව්වේ. ඒක මන් කියනවට වඩා එයා කියපු එකම දැම්ම නම් හොඳයි කියල හිතුනා.
අපොයි...හැම එකාටම මඩ් වදිනවා නේ...ඉතින් අපේ මලයා මට ගහපු මඩ මොකක්ද...වැඩි විස්තර සදහා බ්ලොගය බලන්න
ReplyDeleteමේ නංගි..
ReplyDeleteඅපිටත් මඩක් ගහන්නකෝ... ^('-')^
:P
ඈ හර්ෂණ: මම එතකොට දැන් නංගිද?
ReplyDeleteජන්දෙ කාලෙවත් මේ තරම් මඩ එහා මෙහා උනේ නෑ......
ReplyDeleteඅනේ මන්දා කවදා හැදෙයිද කියලා :D
ReplyDeleteane kawuruwath mage blog kiyawanne nahane yaluwane eee makka nisada???
ReplyDeleteහපෝ කඩ්ඩ ..මමත් දුවනවා ..
ReplyDeleteJohn Grishamට ගොඩක් අය ආදරෙයි. මමත් ඉතින් එහෙන් මෙහෙන් ලයින් දානවා එයාට හිටපු ගමන්. (පොතක් එහෙම කියවපු වෙලාවට)
ReplyDeleteමට ඔය පොත කියවනවට වඩා හොදයි මලලසේකර ඩික්ශනේරිය පාඩම් කරන එක. වචනෙන් වචනෙට බලන්න එපැයි.
ReplyDeleteමෙහ් අපිටත් මඩක් ගහගන්න බැරිවෙයිද? :D
ReplyDeleteඔන්න මමත් මූනු පොතේ ෆොටෝ වගයක් දාල ඉල්ලගෙන මඩක් ගහ ගත්තා
ReplyDelete