Monday 6 June 2011

මැරූ පෙම....

අමතකව ගිය අතීතය ඇවිදින්
දවා හළු කරයි ම සිත් මඬල......
එදා නුඹ අයැදි විට
මා නොදැන සිටියෙමි
මෙතරම්
මා නුඹට පෙම් කල වග...
එදා ප්‍රතික්ෂේප කර
නුඹ සිත් රිදෙව්වෙමි...
සියල්ල අවසන්ය...
අද සුසුමක් සමග මා තනිවීමි.....

18 comments:

  1. අම්මෝ චූටි ටීචර් හුග කාලෙකට පස්සෙ ඇවිත්. ඇති යන්තන් ටීචර්ගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනා. ඇත්තටම ලස්සන කවි පද ටිකක් චූටි ටීචර්.

    ඒක නෙමේ ටීචර් පෙමක් මරනවා කියන එක මාරම පාපයක් නේ.

    ReplyDelete
  2. ඇති විට නොවටිනා මුත් නැතිවිට එය අනගී..
    ඒ මුත් දැන් කිසිත් කල නොහැකිය සොඳුරී..
    හැඩුවත් කඳුළු වගුරා නුඔ මා නමිනී..
    හදවත දවනු මිස ඉන් ලැබෙනා දෙයක් නැතී..

    ReplyDelete
  3. අමතකව සැගව ගිය අතීතය තුරුළු කර
    සොයන්නට යන ගීතයන අරුත නුඹ
    නොමැකෙනා සටහන්ව මතක පිටු අතර රැදි
    නුඹයි ප්‍රේමය නෙතක් තෙත් කළ

    ලස්සනයි ඇ........:-D

    ReplyDelete
  4. අතීතයේ එක් දිනෙක
    දණින් වැටී අයැදියෙමි
    මා ඔබේ ආදරය....

    තුට්ටුවකටවත් මායිම් නොකර
    ඔබ එපා කී
    මගේ පිවිතුරු ආදරය...

    වැටහුනාද අද දවසේ
    මසුරන් වටින බව
    මගේ ඒ ආදරය....

    ReplyDelete
  5. කාලෙකින් ඇවිත්. කවි පෙළ ලස්සනයි.

    ReplyDelete
  6. අම්මපා මරන්න කලින් තේරුනා නම් මෙච්චර වටිනවා කියලා...

    ReplyDelete
  7. තියන කොට සතුට ඉහ වහ යන නැති වුනාම දරා ගන්න බැරි ආදරේ ..
    ඇයි අපි ආදරේට මේ තරම් ආදරේ ........

    ReplyDelete
  8. පෙම පෙම පෙම... හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

    කවියකින් කියනු බැරී
    ගීයකඉන් ගයනු බැරි
    හසුනකින් එවනු බැරි
    සෙනෙහසක් සිතෙහි පිරි
    සුසුමකින් මා එවමි ( මෙය සින්දුවක කොටසකි )

    නොලැබුනු ,ලබා නොගත් දේ ගැන දුක් වෙලා පලක් නැත.. :)

    `පබලු`

    ReplyDelete
  9. සමහර අයට අපි කොයිතරම් හිතින් බැඳිලා හිටියාද කියලා දැනෙන්නෙ ඒ අය අපෙන් වෙන් වෙලා ගියාම.

    ReplyDelete
  10. එල කිරි..............

    ReplyDelete
  11. ඉතිං සුන්දරයිද ආදරය.............?? යතාර්ථය කිව්වාට බොහොම පින්... ලස්සනයි, රසවින්දා මං...

    ReplyDelete
  12. මේක හරිම ලස්සනයිනේ..... අත්තමයි ඒ යතාර්තය හින්දා....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. නිර්මාණශිලි නිසදැසකි තවත්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?