Thursday 14 April 2011

මේ ඔබ කියවන්නේ සිහින උළෙලේ මඩ ප්‍රචාරයයි

අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.

මම මේ ලියන්න යන්නේ උළෙල වර්ණවත් කරපු ඒක ඒක චරිත ගැන...

ඉස්සෙල්ලම ලියන්නේ අපේ අභීත අය්ය ගැන. මුලින්ම හීනේ දැක්කෙත් එයා නේ. 'ඔක්කොම හරි මල්ලි හරි හරි' කියල හැමදේම හොයල බැලුවත් එයා තමයි. (ඔන්න දැන් අනෙක් අය ඔරවන්න එපා මට, එයා විතරක් නෙවෙයි හැමෝම වැඩ කරා). ගෙදරින් කට පාඩම් කරගෙන ආපු පිළිගැනීමේ කතාවත් අයිය හොඳටම කිව්වා.


අවුරුදු උත්සවේ දවසෙත් දුවල පැනල වැඩ හොයා බැලුවා. කඹ අදින්න ගිහින් සද්දන්තයෝ පැත්තේ ඉඳගෙන එයාලව පැරද්දුව කියල තමයි ආරංචිය. දැන් කට කතාව යන්නේ අභීත අය්යා කොයි පැත්තේ හිටියත් පරදිනවා කියලා තමයි.

මේ තියෙන්නේ අපේ අය්යාගේ වැඩ....



ඔන්න ඉතින් ඊළඟට කියන්න යන්නේ අපේ මාරයා ගැන තමා...




උළෙලේ හිටපු ප්‍රසිද්ධම චරිතේ තමා අපේ මාරයා තුමා. අපරාදේ තරග සේරම දිනලා තෑගි අරන් යන්න ඇවිත් තිබ්බේ. ඒත් අයියට ලොකු අසාධාරණයක් වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න කට්ටිය ඉඩ දුන්නේ නෑ. අය්යම හරි හිත් වේදනාවෙන් ඒක ගැන ලියල තිබ්බා.

අයියා බනිස් කන්න ගියා..අන්තිමට අය්යට ඒක තරගයක් බව අමතක වෙලා හිතේ හැටියට බනිස් කකා ඉන්නකොට, දිනපු එක්කෙනා තෑග්ග අරගෙනත් ඉවරයි. මේ තියෙන්නේ ඒ පින්තුරේ...



අයියා තොප්පි තරගෙටත් ගියා. සුදු හංසි තමයි මාරයාට තොප්පිය දැම්මේ, එකෙනුත් ඉතින් වැඩේ හරි ගියේ නෑ.

මාරේ අයියා දුවන්නත් ගියා. ඒ උනාට කවුද එකෙක් මාරයියට කියල "මේ තරගේ වෙනස් මේකේ ඉස්සරහට නෙමෙයි පිටිපස්සට" කියල. අනික්‌ අය ඉස්සරහට දුවන කොට අපේ මාරයිය පිටිපස්සට දිව්වා. ඒ උනාට තරගේ නීති රීති වල හැටියට ඉස්සරහට ඉස්සෙල්ලම යන එක්කෙනලු දිනුම්. නැත්නම් මාරයියා තමා එක.



සිහින අවුරුදු කුමරිය ගැන කියනකොට අපේ අනුරාධ මල්ලි ගැන නම් නොකියම බෑ. හරිම කැපවීමෙන් තමයි මල්ලි ඒක සංවිධානය කරේ. රට්ටු එක එක කතා කිව්වා. මල්ලි සැලුනේ නෑ. මල්ලිත් නළුවා වගේ එදා ඇවිල්ලා photo shoot එකකට වගේ ෆොටෝ ගත්තා කියල තමයි කට්ටිය කියන්නේ. මෙන්න බලන්නකෝ මේ පින්තුරේ.


ඊළඟට කියන්න යන්නේ අපේ තවත් ප්‍රධාන සංවිධායකයෙක් වෙන වැපා ගැන.වැපා තමා ඉතින් වැඩි හරියක් ගේට්ටුවේ හිටියේ කොච්චර හොඳට එතන රාජකාරිය කරාද කියනවනම් එයා ප්‍රධාන ආරාධිත අමුත්තෙකුටත් ටිකට් එකක් දෙන්න හදල.

මේ ඔක්කොම කතා අස්සේ අපේ කණියා මල්ලි ගැන නොකියම බෑනේ. එයත් ඉතින් දුරු කතර ගෙවාගෙන් අවුරුදු උත්සවේට ඇවිත් හිටියට මේ කොල්ලෝ ටික මල්ලිත් එක්ක කතා කොරල නැනේ. පවු අප්පා.
මේ බලන්න කොලුවා බලන් ඉන්න හැටි..


පස්සේ ඉතින් අරගලේ බේරලා දැන් මල්ලි සතුටින් ඉන්නවා.

ඔක්කොම කියල මංතුමී ගැන නොකිව්වොත් හරි නැනේ. මමත් ගියා යෝගට් කවන්න. එකේ වෙච්ච හරිය නම් කට්ටිය දන්නවා ඇතිනේ. කොල්ල යෝගට් කෑව, මම පස් කෑවා..

දැන් ඉතින් ඔය මඩ පාරක් වැදිච්ච කට්ටිය මාත් එක්ක ඔරොප්පු වෙන්න ඕනේ නැ. මේ ලබන්නාවූ අවුරුද්දට තරහ මරහ තියාගෙන යන එක හොඳ නැනේ.

ෆොටෝ ටික ගත්තේ එදා ඇවිත් හිටිය අපේ කැමරා අයියල මල්ලිලාගෙන් ඒ අයටත් බොහොම ස්තුතියි...

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

17 comments:

  1. නගාටත් සුභම සුභ මෙව්වා එකක් වේවා..!
    අපි ඔය ගනු දෙනුව පස්සේ බේරගනිමු හො‍ඳේ...

    ReplyDelete
  2. හික් හික්.. මරු

    ReplyDelete
  3. ලබන අවුරුද්දේ බලා ගමුකෝ ඉතුරු හරිය :DDDD

    සුබ අලුත් මෙව්වා එකක් කිව්වා :DDD

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  5. මේ මොන මඩද? මම හිතුවේ රංගට එහා ගිහින් ඇති කියල.
    ජනනිටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  6. හික් හික් අබේපාල වැලේ දැමිම ගැන ලිව්වේ නැද්ද?
    සුභ අළුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
  7. ඔය අපිටත් එක්කම කට්ටිය එන්ජෝයි කරලා තියෙන්නේ.:D

    චැහ්....මට මේ ප්‍රැක්ටිකල් මගුලක් නිසා එන්න හම්බුනේ නෑනේ.(හැබැයි එනවා කියලා මුලින් රෙජිස්ටර් වෙලා පස්සෙ නෑවිත් හිටියේ නෑ.එන්න වෙන්නෙ නැතිබව දන්න හින්දා රෙජිස්ටර් නොවී හිටියා.)

    ලබන පාර නම් අනිවා ..එනවා.

    ReplyDelete
  8. සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

    ReplyDelete
  9. මාරයා හිතපු තරම් ම න්හයානක නෑනෙ..... හි හි හි....

    ReplyDelete
  10. එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා!එසේම වේවා! එසේ..........ම වේවා සුබ අලුත් අවුරුද්දත් වේවා.......
    චුටි මහත්තයා

    ReplyDelete
  11. ඇයි දෙයියනේ මට යන්න බැරි උනේ......

    ReplyDelete
  12. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  13. නියම සීන් ටික. මට යන්න උනේ නෑ නෙව.

    ඕං එහෙනම් චූටි ටීචර්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  14. හහ් හහ් එල එල​

    ReplyDelete
  15. ෆොටෝ වලින් හරි මේ බ්ලොග් අවකාශයේ කස්ටිය දකින්න ලැබීම සතුටක්......... තෑන්ක්ස් පෝස්ට් එකට.......

    ReplyDelete
  16. film banna lankawe ape thanak

    www.cinelanka.net

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?