
2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 වසර අවසන් වෙනකොට මාස 3කට නිවාඩුවට ඇමෙරිකාවේ ඇවිත් ජනවාරි යන්න බලාගෙන හිටිය.. ඒත් 2012 ජනවාරි වෙනකොට ඇමරිකාවේ තව කාලයක් ඉන්න තීන්දු වුනා...කර කර හිටිය රැකියාව අත හරින්න උනා...2011 ඔක්තෝම්බර් මාසේ මාස 3කට කියල ඇමරිකාවේ ආපු ගමන තවමත් ඇමරිකාවේ...කවදා ආයේ ලංකාවට යනවද කියල දන්නෙත් නෑ...
ජීවිතේ එහෙමයි...සමහර විට වුනු වෙනස හොඳයි කියල හිතෙනවා...ඒත් කොළඹ කලබල පාරවල්, සෙනග පිරිච්ච බස්, පාර හැම තැනම යන මිනිස්සු ජීවිතේට කොච්චර අත් දැකීම් එකතු කරනවද... හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා....
ජීවිතේ ඔහොමයි....කවදාවත් තේරුම් ගන්න බැරි මේ ජීවිතේ තේරුම් ගන්න උත්සහ ගන්නවා වෙනුවට ලැබෙන හැමදේම හොදින් බාර ගෙන ජීවත් වෙනවා නම්...හැමදේම කොච්චර සුන්දරද?
බලාපොරොත්තු නැතුව ජීවිතයක් කොයිබින්ද ? කොයි තරම් වැරදිලා තිබුණත් --හම්මේ මේ ඇතියි කියලා හිතෙන තරමට බිදවැටීම් සිද්ද වුණත් මට නම් ජීවීතේ හරිම ලස්සනයි.
ReplyDeleteඔන්න මමත් ආවා........ ලංකාවෙ දාඩිය දාගෙන පාරවල් දිගේ යන්න පිං කරන්න ඔන... ඔයාට ඒ පින නෑ වගේ........????????
ReplyDelete//හැමදේම පිළිවෙලට තියෙන, පාරේ දුවිලි බින්දුවක් වත් නැති රටක ඉඳන් මම දාඩිය දාන දුවිලි පිරිච්ච කොළඹ පාරක ඇවිදින්න ආස කරනවා...//
ReplyDeleteඕකනේ ඉතිං කියන්නේ කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බැහැ කියලා... :D
මාස 6කට පස්සෙ එතෝට ලියන්න් පටන් අරන් තියෙන්නෙ, ඔන්න ආව අපිත් කියවන්න. නවත්තන්නැතුව ලියන්න :)
ReplyDeleteමොනව උනත් හැම කරදර දුක් කම්කටොලු සියල්ලක්ම ජිවිතේට වෙස් වලාගත්ත ආශිර්වාදයන්...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
අන්තිමට කියපු දේ ගොඩාක් වැදගත්. ලැබෙන සෑම දේ සතුටින් බාර ගන්න ඕනේ..
ReplyDeleteOya deyama thamai matath ube..aye kawada lankawata yanna weida kiyala..amma thaththa ahanawa kawadada enne kiyala..eth mage manasin lankaawa kiyana duupatha loka sithiyamin makala iwarai.. :(
ReplyDeletemama kavadahari lankawata yanava....yanna baruwa inne mahaththaya mehe rassava karana nisa...etha api dennama kavadahari lankawata gihin jeewithe patan ganna asa karanava
Deletejeeewithe api hithana dewalma denne nehene.eeth thaman hariyata jeewath venava nam kavadavath karadarayak venne nam nehe.ehema thamai man hithanne.
ReplyDeleteලෝකෙ කොහේ ගියත් තමන් උපන් බිම තරමි නැහැ තමයි ඉතින්..
ReplyDeleteඅපිත් ඔන්න ආවෝ මෙ පැත්තේ....
අන්තිම පේලිය හරිම වැදගත්
ReplyDelete