Thursday, 29 November 2012

ජීවිතය...

සිරවී බිත්ති හතරක
සිහින දකිමි
ලෝකය දකින්නට
විඳින්නට...
හෙට දිනක...
අද දින සැපයි... අඩුවක්ම නැත...
එහෙත් මම කිරිල්ලියකි..
කුමක් තිබුනත් කුමටද,
තටු සිඳලූ කල..

Wednesday, 28 November 2012

කාලෙකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...
දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත...