Friday 26 November 2010

ග්‍රහ මාරුව

ඉංගිරිසියෙන් කුරුටු  ගගා හිටපු මට මේ ලඟකදී හදිස්සියේම  හිතුනා  සිංහලෙනුත් ලියන්න පටන් ගත්ත නම් හොඳයි  නේද කියල. මොනවා උනත් උපන් දා පටන් අපි හිතුවේ, අපි  කතා කරේ ඒ බාසාවෙන්. හදිස්සියකදී ඔය කාට උනත් අම්මේ කියවෙනවා මිසක් වෙන මොනවාවත් කියවෙන්නේ බොහොම කලාතුරකින්. මටත් අමතක උනාට මං මේ ලේඛන කලාවට මුලින්ම ආවේත් සිංහල කවියෙක් විදියට.බොහෝ දෙනෙක් නොදන්නවා උනාට බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ මගේ සමකාලීනයන්ට නම් සමහර විට මතක ඇති. ඒ කොහොම උනත් ඉංගිරිසියෙන්ම  කාලයක් තිස්සේ ලියල එකපාරට සිංහලෙන් ලියන්න පටන් ගත්තම, මං  කොච්චර දුරට සාර්ථකද කියල දන්නේ මේක කියවන අයම විතරයි. ඒ නිසා මං ලියන ඒවා කියවල හොඳයිද නරකයිද කියල කොමෙන්ටුවක් දන්නා අමතක කරන්න එපා ඕන්.  .....

6 comments:

  1. ඔන්න දැම්මා....
    බලමු මේකේ ගමන....

    ReplyDelete
  2. ගමන ගැන නම් ලොකු විස්වාසයක් න. බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ..

    ReplyDelete
  3. කවි නම් මට තේරෙන්නේ නැහැ කතා ලිව්වොත් බලන්නම්
    චියර්ස්ස්!!!!!!!!!

    ReplyDelete
  4. හිත එකලාසයක් උනු වෙලාවක අනිවාර්යෙන්ම කතාවක් ලියන්නම්..

    ReplyDelete
  5. කිවිඳි16 December 2010 at 08:21

    සිතිවිලි ලස්සන නම් භාෂාව ප්‍රශ්නයක් නෑ සොයුරි.. දිගටම ලියන්න.. මම කමතිය් ඔයා ලියන දේවල් වලට.. සුභ අනාවක්!

    ReplyDelete
  6. බ්ලොග් එක සම්පූර්නයෙන්ම කියෙව්ව
    එළ ................

    දැන් දුර ගමනකුත් ගිහින් නිසා තව දුර ගමනකට සුබ් පැතුම්.......

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?